ලාෆ් ගෑස් සමාගමට විරුද්ද නීතිය ක‍්‍රියාත්මක කරනු…. ආණ්ඩුවේම පක්‍ෂ ආණ්ඩුවට කියයි…

August 9, 2021 at 8:02 am | lanka C news
ලාෆ් ගෑස් සමාගමට විරුද්ද නීතිය ක‍්‍රියාත්මක කරනු…. ආණ්ඩුවේම පක්‍ෂ ආණ්ඩුවට කියයි…

ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයන් පත්ව ඇති අපහසුතාවට කඩිනමින් පිළියම් යොදන්නැයි ඉල්ලමින් ජාතික නිදහස් පෙරමුනේ ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා විසින් සමුකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.

ලසන්ත අලගියවන්න මහතා,
සමුකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය,
සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය,
කොළඹ.

ගරු රාජ්‍ය අමාත්‍යතුමනි,

ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයන් පත්ව ඇති අපහසුතාවට කඩිනමින් පිළියම් යෙදීම

මෙරට ගෑස් වෙළඳපොළින් 20% – 25%ක ප්‍රමාණයක්, එනම් ස්ථාවර පාරිභෝගිකයන් ලක්ෂ 20ක් පමණ සිටින ලාෆ්ස් ගෑස් සමාගම මේ වන විට ගෑස් සිලින්ඩර වෙළඳපොළට නිකුත් කිරීම නවතා ඇති හෙයින් එම පාරිභෝගිකයන් බලවත් අපහසුතාවට පත්ව ඇති බව ඔබතුමන් ද හොඳින් දන්නා කරුණකි. එහෙත් මේ පිළිබඳව ඔබතුමන්ගේ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පවත්නා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මෙතෙක් එකී අදාළ සමාගමට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන ඇති බවක් පෙනෙන්නට නැත. මෙසේ ස්ථාවර පාරිභෝගික පිරිසක් සහිත භාණ්ඩයක් මිල වැඩි කිරීමේ ඉල්ලීම ඉටු නොකිරීම මත, එය වෙළඳපොළට නිකුත් කිරීම නතර කිරීම, සදාචාර විරෝධී ක්‍රියාවක් පමණක් නොව, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත යටතේ නීතිමය වරදක් ද වේ.

පාරිභෝගික භාණ්ඩ වැඩි මිලට විකිණීම ආදී චෝදනා පිරික්සමින් කුඩා වෙළඳසැල් වෙත පවා පැමිණෙන, ඇතැම් අවස්ථාවලදී එවැනි පරික්සා බැලීම් සඳහා ජනමාධ්‍යයන්හි ද විශාල ඉඩක් වෙන්කර ගන්නා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය යම් සමාගමක් මෙසේ සුවිශාල පාරිභෝගික ජනතාවක් බලවත් අපහසුතාවකට පත් කර ඇති අවස්ථාවක නිද්‍රාශීලී පිළිවෙතක් අනුගමනය කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැක්කකි.

ඔබතුමන් යටතේ පවතින පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මෙසේ කටයුතු කිරීමෙන් දැඩි අපහසුතාවකට පත් වන්නේ අප සියලුදෙනා නියෝජනය කරනු ලබන ආණ්ඩුව ය. මේ සියලු කරුණු සැලකිල්ලට ගෙන කඩමින් ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයන් පත්ව ඇති අපහසුතාවට පිළියම් යොදන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

ස්තුතියි
මෙයට
විශ්වාසී

මොහොමඩ් මුසම්මිල්(පා.ම.),
මාධ්‍ය ප්‍රකාශක,
ප්‍රචාරක ලේකම් ,
ජාතික නිදහස් පෙරමුණ

26,193 views

12 Comments to “ලාෆ් ගෑස් සමාගමට විරුද්ද නීතිය ක‍්‍රියාත්මක කරනු…. ආණ්ඩුවේම පක්‍ෂ ආණ්ඩුවට කියයි…”

  1. Sanka says:

    පුලුවන් තරම් ලංකාවේ කම්පැණි වලට ගහලා වට්ටපල්ලා . ඊට පස්සේ උන්ටම කියපන් ඩොලර් අරන් එන්න කියලා..

    ලාෆ් ගැස් ටර්මිනල් එක හැදුවේ හම්බන්තොට පෝට් එකේ. වටේ රටවල් වලට බෙදන්න බලාගෙන. අදටත් බංගලාදේශ් වලට ගෑස් සප්ලයි කරනවා..
    පුලුවන් තරන් ගහලා වට්ටපල්ලා…
    කලින් උන් ඇවන්ට්ගාඩ් එකට ගහලා බිස්නස් ටික අනිත් රටවල්වලට දුන්නා . දැන් මේකත් ඉවර කරපන්…

    • sumathi says:

      ලෝකෙට බෙදල වැඩක් තියෙනවද රටේ පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය ඉටු නොවෙනව නම්. එහෙමනම් සිලින්ඩර ටික අරං තැන්පතු මුදල් ආපහු දෙන්න ඕනෙ. තැන්පතු මුදල් දැන් නෑ කියන්න බෑනෙ. ඒකෙන් ලාෆ්ස් වැටෙනවනම් ඒකෙ උන්ගෙ වැරැද්ද. පාරිභෝගිකයාට කෙලවන ව්‍යාපාර ආරක්ෂා කිරීමෙන් කාටවත් වැඩක් වෙන්නෙ නෑ. ඒ ආයතනය ඉබේම වැහෙනවා. ලිට් රෝ ට තියෙන ගෑස් ලාෆ්ස් ට නැති උනේ කොහොමද? තව විකල්ප නිෂ්පාදකයො හොයාගන්න ඕනෙ. එක්කෝ නම වෙනස් කරන්න කියන්න ලාෆ්ස් වෙනුවට ක්‍රයි ගෑස් කියලා.

    • S . Fdo says:

      ඉතිං ලoකාව වටේ තියෙන රටවල් වලට බෙදුවද🤣🤣… දැන් ලoකාවටවත් බෙදන්න බැරුව ඉන්නේ … ලාෆ් ගෑස් බැලුවේ ආන්ඩුවේ ඇමතිලා වගේ අය එක්ක එකතුවෙලා ලිට්ට්‍රෝ එකට වැඩක් දීලා ගොඩයන්න. හොඳ වෙලාවට ලිට්ට්‍රෝ එක බේරැනා…. වෑගපිටිය ගත්තු තීරණ වලට එයයි වගකියන්න ඕනේ…. නැත්තම් සාමාන්‍ය ජනතාවගෙ බදු මුදලින් නඩත්තු වෙන රාජ්‍ය සමාගම් නොවේ.

  2. Citizen says:

    Another Drama… Not sure who the script writer is …

  3. Byson says:

    Gas no, kiripiti no, pohora no, hospital no , thawa godak no, 69ta Kelewuno. 😩

    • Tyson says:

      Byson is a type of Bull. A Bull is a sign of short sighted stupidity. GAS Litro yes, Kiripiti Highland Pelwatta Yes, pohora Genuine organic yes, Hospital Yes but full due to sabotage by Toyyas such as plaquenil baila, protest against china vaccines, protest against closing parliament, protest against local medicine, emptying of treasury, igniting unfair strikes, protesting on roads, thawa godak Yes. So you think the will of mere 30% or less is a good sign for a country? Simple school math is anything must be progressed if over 50%. So if you dont like, leave this country. Find a country not effected and hospitals have enough space these days please

      • Wijebahu says:

        Are u replying while washing shit in overseas.? For People who live in SL what byson commented was true and list goes on and on.

  4. 3% ට බය බයියා. says:

    බලහං හිටපං, වෑගපිටියා 🌷චන්දෙට වියදම් කරලා තියෙන්නේ .

  5. ජයවේවා says:

    දැක්කනෙ, විමල් මහත්තයගෙ පක්ෂෙ අවශ්‍ය දේට අවශ්‍ය වෙලාවට කතා කරනවා.

  6. පස්සෙන් ලාෆ් says:

    ලාෆ් සමාගම රාජසන්තක කර ලිට්රො යටතේ පවත්වාගෙන යන්න.

  7. පාවඩදෙණිය දොස්තර says:

    බයි මල්ලිලා පැනික් වෙන් නැහ්නම් ගෙදරදිම ගෑස් හදා ගන්න විදිහක් කියල දෙන්නම් එතකොට ලාෆ් වලට ක්‍රයි කරන්න ඕන් නෑ.හෙළ බඩු.

  8. ගෑස් අයියා says:

    වෑගපිටියා අපේ තැන්පත් මුදල් වහාම නැවත ලබා දෙන්න .

Main News