නීති විරෝධී ආහාර තොග ගබඩා රට පුරා වටලන්නයි පොලිසියට, දිසාපතිලාට නියෝගයක්..

September 6, 2021 at 8:40 am | lanka C news
නීති විරෝධී ආහාර තොග ගබඩා රට පුරා වටලන්නයි පොලිසියට, දිසාපතිලාට නියෝගයක්..

හදිසි අවස්ථා යටතේ අත්‍යවශ්‍ය ආහාර සැපයුම සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයා වෙතින් පොලිස්පතිවරයාට, සියලුම දිසාපතිවරුන් ට, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය හා ආහාර කොමසාරිස්වරයා වෙත ලිඛිත නියෝගයක් කර තිබේ.

එමගින් දන්වා ඇත්තේ නිත්‍යානුකූල නොවන ලෙස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග රැස් කරන්නන්ගෙන් එම තොග රජයේ අනුමත මිලට මිලදී ගෙන ජනතාවට සාධාරණ මිලට ලබාදීමට කටයුතු කරන ලෙසයි.

ඒ සඳහා වන මැදිහත්වීම සිදු කර තමන් වෙත වාර්තා කරන ලෙස ද ඉන් නියෝග කර තිබේ.

16,361 views

12 Comments to “නීති විරෝධී ආහාර තොග ගබඩා රට පුරා වටලන්නයි පොලිසියට, දිසාපතිලාට නියෝගයක්..”

  1. LalithM says:

    අවසානයේදී 70-77 යුගයට.ආහාර පෝලිම, කුණු බක්කි ඇවිස්සීම.මේක තමා හොර චීවරධාරීන් සහ වියතුන් මැදිවෙලා 69 ලක්ෂයක් මෝඩයින් එක්ක රටට දුන්න දායාදය. අසාර්ථක කලමනාකරනය.

    • NuwanJ says:

      ඔය පාට කණ්නාඩිය ගලවල ලොකයම වසංගතයකට මුණදිල ඉන්න වෙලාවකවත් හරියට ලොකය දකින්න.

  2. රංජිත් විජේසිංහ says:

    ගොඩක් හොඳ දෙයක් මොකද ගොඩක් වෙළෙන්දො කරන්නේ කිසිම අනුකම්පාවක් නොමැතිව ජනතාවට මේ මොහොතේ අදහගත නොහැකි වන අයුරින් භාණ්ඩ මිල නියම කරමින් සිටින මොහොතක එම වෙළඳ ඒකාධිකාරය නැවැත් වීමට ගනු ලබන මෙවන් පියවර කාලෝචිතයි. ඊට අප ආණ්ඩුවට ස්තුතිවන්ත විය යුතුයි.

  3. Sunil Perera says:

    eya me mohote rajaya gath hoda thiranayak. mokada rajaya apahasu thawayata path kirimata wiwida parshawayana wisin sidu karana upakkara parajaya kirimata hakiyawa min labenawa. epamanak nowa in pidawata path wana jnathawatath in wishala sahanayaka labei.

  4. Janaka says:

    සගවා තිබෙනවා කියන සීනි ගබඩා සොයා වැටලීම් කර ඒවා සීල් තබා රාජසන්තක කලායයි කියල මාද්‍ය සංධර්ශණ දමා ජනතාව ගොනාට ඇන්දුව. ඇතතටම සිදු උනේ එම සීනි වලට ගෙන් වන මුදලට වඩා කිලෝවකට රු. 35 ගෙවා රජය විසින් මිලදී ගැනීමයි. වැටලූ සියලුම ගබඩා වල පහේ අයිති කරුවෝ මුස්ලිම් ජාතිකයෝ. වැඩිම සීනි ප්‍රමාණයක් ආනයනය කල වක්‍රව ප්‍රභල දේශපාලන පවුලකට අයත් සමාගමේ සීනි අල්ලා ගත්තේ දැනට ආනයනය කර ඇති සීනි ප්‍රමාණයෙන් 5% ක් වැනි සොච්චමක්. යතා කාලයේදී ඒවා 200 ට වැඩි මුදලට අලවි වේවි .

    • Saleem says:

      සීනිවලට වැඩියෙ අත්‍යවශ්‍ය වන අරලිය නිපුන හාල් මෝල් මුස්ලිම්ලගෙද? නිකං හැම බම්බුවකටම ජාති වාදය ගාවන්නැතූව හිටපං බූරුවො. නිදහස ලැබුනට පස්සේ මාරුවෙන් මාරුවට පාලනය කරල මේ රට අද රුවන්ඩාවට වඩා හිගන රටක් කරල තියෙන්නෙ කවුද? තොපිලගෙ බෞද්ධ සිංහල නායකයො

  5. රුක්ෂාන් සිල්වා says:

    අපහාසුතාවයට පත් ජනතාය වෙනුවෙන් රජය ගෙන ඇති මෙම තීරණය ඉතා වටිනවා. එය ආහාර ගෙන්වා හා බෙදා හරින පුද්ගලයින්ගේ වංචාවන් වලට තිත තැබිය හැකී දුන් චන්දය ගැන ගොඩක් ආඩම්බරයි.

  6. Chathura Gunarathna says:

    anduwe niyoga ikmanin kriyathmaka karala waradi minissu allana eka niladharinta barai. aipita issarahata hoda hetak thiyei ethakota.

  7. Sagarika Alvis says:

    Ane Hodai eka nam. anduwata jaya.

  8. Sirisoma says:

    This will create major shortages in the near future. If I am a retail or wholesale trader and if I am not sure of a profit then why should I continue to be in business ?

  9. Sunil Perera says:

    mun nisa thama rate athithaya winasa wenne. mewa maha aparada. ratatama pilila mewa .

  10. 3% ට බය බයියා. says:

    ඇයි හමුදාවට බැරි ද? ගොඩාක් මුදලාලිලා පොහොට්ටුවේ නිසා බයයි නේ?

Main News