නීති විරෝධී බීඩිකොළ තොගයක් උතුරෙන් අත්අඩංගුවට…

August 1, 2019 at 5:30 pm | lanka C news
නීති විරෝධී බීඩිකොළ තොගයක් උතුරෙන් අත්අඩංගුවට…

යාපනය  කච්චතිව් හා ඩෙල්ෆ් දූපත් ආශ්‍රිතව සිදු කළ ‍සෝදිසි කිරීම් වලදි නීතිවිරෝධී බිඩී කොළ කිලෝග්‍රෑම් 50 ක් නාවික හමුදාව විසින් සොයා ගැනීමට සමත්ව ඇත.

කච්චතිව් දූපතේ දකුණු ප්‍රදේශයේ සිදු කළ පා මුර සංචාරයක් අතරතුරකදී වෙරළ තීරයට ගොඩ ගසා තිබූ පාර්සලයක් නිරික්‍ෂණය කර ඇති අතර, එම පාර්සලය පරික්‍ෂා කිරීමේදී එහි තිබී බීඩී කොළ කිලෝග්‍රෑම් 30 ක් සොයා ගෙන ඇති අතර පසුව යාපනය ඩෙල්ෆ් දුපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී පාවෙමින් තිබූ පාර්සලයක් නිරික්‍ෂණය කර ඇති අතර, එම පාර්සලය පරික්‍ෂා කිරීමේදී එහි තිබි බීඩි කොළ කිලෝග්‍රෑම් 20 ක් සොයා ගැනීමට නාවික හමුදා සෙබලුන් සමත්ව තිබේ.

නාවික හමුදා බාරයට ගත් බීඩිකොළ තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දීමට නියමිතව ඇති අතර, නාවික හමුදාව සිදු කරනු ලබන නිරන්තර මෙහෙයුම් හේතුවෙන් ජාවාරම්කරුවන් විසින් මෙම බීඩි කොළ අතහැර දමා ගොස් ඇති බව නාවික හමුදාව සැක පළ කර සිටියි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

2,588 Viewers
Main News