නීති විරෝධී බීඩි කොළ කිලෝ 529 ක් අත්අඩංගුවට…

February 3, 2019 at 2:07 am | lanka C news
නීති විරෝධී බීඩි කොළ කිලෝ 529 ක් අත්අඩංගුවට…

මන්නාරම නූර් වීදියේදී නීති විරෝධීව බීඩි කොළ කිලෝ 529 ක් ප්‍රවාහනය කිරීමට සැලසුම් කොට තිබියදී නාවික හමුදාව සහ මන්නාරම් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මන්නාරම, නූර් වීදියේදී ජුම්මා දේවාස්ථාන පුජා භූමියේදී මෙසේ බීඩී කොළ කිලෝග්‍රෑම් 529ක් ලොරි රථයකින් ප්‍රවාහනය කිරීමට සැලසුම් කොට තිබියදී නාවික හමුදා බුද්ධි ‍තොරතුරකට අනුව මන්නාරම පොලීසිය විසින් මෙම බීඩී කොළ තොගය අත්අඩංගුවට ගෙන ඇත.

මන්නාරම් පොලිස් නිලධාරීන්ගේ වැටලීමත් සමග අදාළ බීඩී කොළ තොගය රැගත් ලොරි රථය මන්නරම, ජුම්මා දේවාස්ථාන පුජා භූමියේ දමා සැකකරුවන් පළාගොස් ඇති අතර අදාල ලොරි රථයේ හිමි කාරීත්වය අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරික්ෂණයක් ආරම්භ කොට ඇත.

අදාල බීඩි කොළ තොගය ලොරි රථයට දමා එවා වැසෙන පරිදි මාළු පෙට්ටි අසුරා තිබී ඇති අතර අදාල බීඩි කොළ තොගය ඉන්දියාවේ සිටි මුහුදු මාර්ගයෙන් මන්නාරමට රැගෙනවිත් අලෙවි කිරීමට සැලසුම් කොට තිබූ බවට මන්නාරම් පොලීසිය සැක පල කොට සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

178 views
Main News