නීති විරෝධී මුහුදු කූඩැල්ලන් කිලෝ 300 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට

January 15, 2019 at 2:11 am | lanka C news
නීති විරෝධී මුහුදු කූඩැල්ලන් කිලෝ 300 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස ඇල්ලන ලද මුහුදු කූඩැල්ලන් කිලෝ 302ක ප්‍රමාණයක් මන්නාරම වෙරළ ප්‍රදේශයේ දී තිබීසොයා ගත් බව නාවික හමුදාව පැවසීය.

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවික සෙබලුන් පිරිසක් විසින් සිදුකළ පා මුර සංචාරයක් අතරතුරදී මෙම මුහුදු කූඩැල්ලන් තොගය සොයා ගෙන තිබේ.

එහිදී මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 302 ක්, සහ ඩිංගි යාත්‍රාවක් සමගින් පිටත දහන යන්ත්‍රයක් මේ සමග හමුවී ඇති අතර අදාල මුහුදු කූඩැල්ලන් ගෙන එන ලද සැකකරුවෙකු පිළිබඳව මෙතෙක් අනාවරනය වී නොමැත.

සොයාගන්නා ලද මෙම මුහුදු කුඩැල්ලන් තොගය ඩිංගි යාත්‍රාවක් තුළ ගෝනි 12 ක සඟවා තිබි ඇති අතර සොයා ගන්නා ලද මුහුදු කූඩැල්ලන් තොගය, ඩිංගි යාත්‍රාවක් සහ පිටත දහන යන්ත්‍රය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යාපනය රේගු කාර්යාලය වෙත බාර දීමට නාවික හමුදා නිලධාරීන් විසින් පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,442 Viewers

One Comment to “නීති විරෝධී මුහුදු කූඩැල්ලන් කිලෝ 300 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට”

  1. Nagasinha says:

    ඔන්න ඔය ජාවාරම් අල්ලන එකයි, කේරල ගංජා අල්ලන එකයි තමා දෙමල දේශපාලුවන්ට තියන ප්‍රධානම ප්‍රශ්ණය. ඔන්න ඕක වලක්වා ගන්නයි පොලිස් බලතල ඉල්ලන්නේ.

Main News