නීතීඥ සංගම් නිලවරණයෙන් කුවේරට දැවැන්ත පරාජයක්.. සාලිය පිරීස් 2/3කින් ජයගනී..

February 24, 2021 at 10:02 pm | lanka C news
නීතීඥ සංගම් නිලවරණයෙන් කුවේරට දැවැන්ත පරාජයක්.. සාලිය පිරීස් 2/3කින් ජයගනී..

ශ්‍රී ලංකා නීතිඥ සංගමය සදහා සභාපති වරයෙකු තෝරාගැනීම සඳහා අද පැවති ඡන්ද විමසීමෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා වැඩි ඡන්දයෙන් තේරී පත්විය.

ඒ අනුව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 26 වන සභාපති වරයා ලෙස ඒ මහතා පත් වෙයි.

රටපුරා නීතිවේදීන් 17000 පමණ වූ ඡන්ද දායකයන් අතරින් සාලිය පීරිස් මහතා ඡන්ද 5162ක් ලබා ගත් අතර ප්‍රතිවාදියා ලෙස තරග කළ කුවේර ද සොයිසා මහතාට ඡන්ද 2807 ලැබී තිබිණි.

මෙය නීතිඥ සංගමය නිලවරණයක ප‍්‍රකාශිත ඡුන්දවලින් විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ජයග්‍රහණය ලබා ගත් අවස්ථාවක් මෙය සාලිය පීරිස් මහතා ප‍්‍රකාශිත ඡුන්දවලින් ආසන්න වශයෙන් 2/3ක ඡුන්ද ප‍්‍රමාණයක් ලබාගෙන ජය ගෙන තිබේ.

67,296 views

18 Comments to “නීතීඥ සංගම් නිලවරණයෙන් කුවේරට දැවැන්ත පරාජයක්.. සාලිය පිරීස් 2/3කින් ජයගනී..”

  1. අනුර කුමාර says:

    අපේ එකෙක් තමයි දින්නේ ඇයි අවුල්ද ?

Main News