නුගේගොඩට ආවේ දහඅටදාහයි.. රැලිය අතිශයින්ම අසාර්ථකයි..

January 28, 2017 at 1:20 pm | lanka C news
නුගේගොඩට ආවේ දහඅටදාහයි.. රැලිය අතිශයින්ම අසාර්ථකයි..

ඒකාබද්ද විපක්‍ෂය විසින් ඊයේ නුගේගොඩදී පැවැත්වූ රැළිය අසාර්ථක වූයේ යයි එක්සත් ජාතික පක්‍ෂ ඇමති පී. හැරිසන් පවසයි.

එම රැළියේ වේදිකාවට ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පිරිසක් එක්වන්නේ යයි කල ප‍්‍රකාශය පසුව වෙනස් කිරීමෙන්ම එය තහවුරු වන්නේ යයිද ඇමතිවරයා කියා සිටියේය.

මෙම රැළියට ලක්ෂයකට වඩා වැඩි පිරිසක් පැමිණෙන බවට පවසා තිබුනද පැමිණ තිබුනේ 18,000කට ආසන්න පිරිසක් බව බුද්ධි අංශ වාර්තා කර ඇතැයිද ඔහු වැඩි දුරටත් සදහන් කරයි.

57 views

18 Comments to “නුගේගොඩට ආවේ දහඅටදාහයි.. රැලිය අතිශයින්ම අසාර්ථකයි..”

  1. Jeyaramae says:

    ඒ හොඳටම ඇති ඔබතුමා 18000 යි කියලා පිලිගන්න එක ගැන.

    • jayamal says:

      27 රැලියට ආවෙ 18000 නම් දැන් ඉතින් යමපල්ලන්ට කිසිම බයක් සැකක් නැතිව චන්දය ඉක්මනට පවත්වන්න පුලුවන්නෙ. එතකොට හොඳට බලාගන්න පුලුවන් වෙයිනෙ ඇත්තටම ආපු ගණන.

  2. පොඩිMAN says:

    මන්ද බුද්ධික අංශය අනුව ඔබතුමා 20,000ක් ගෙනාවොත් හොදටෝම ඇති.

  3. nima says:

    no worries how many came you give rice to people, yo do your work properly then you can count others people.,

  4. Rilawa1 says:

    He has his own “manda budhdhi ansa” !

  5. Ratata Adare says:

    මේ සන්දර්ශන හොඳයි මොලේ අඩු, හැඟීම් වැඩි (මෙතනෙ කොමෙන්ට් කරන ජාතියේ) අයට. අපිට ඕනෙ අපේ රටට සේවය කරන අවන්ක, හොර මැරකම් නැති, උගත් නායකොයෝ. ඒ අය එන්නේ කොල පාටින්ද නිල් පාටින්ද අපිට වැඩක් නෑ. මේ යල් පැන ගිය කොල, නිල් හොර සෙට් එක දැන් ගෙදර යවලා අර JVP එකටවත් අවස්ථාවක් දෙමු. එකම බලාපොරොත්තුව උන් විතරයි දැන් නම් පේන විදියට. 1948 ඉඳන් අපි තවම ‘දියුණු වෙමින් පවතින’ ලේබලයේ ඉන්නා රටක් බව මතක තබා ගමු. ‘දියුණු’ වූයේ කොල, නිල් හොර තක්කඩි විතරයි. අපේ ගොන් මිනිසුන්ට මේ සරල සත්ය වැටහේවා. පුද්ගල වන්ඳනාව අත හැර, රටට අදරේ කරමු.

    • හර්ෂ says:

      ජවිපෙ ගැන මම අවිශ්වාස කරන්න පටන් ගත්තේ unp එකත් එක්ක එකම වේදිකාවේ දැක්කට පස්සෙයි. අපේ තරුණ සහෝදරවරු 88-89 කාලේ මැරුණේ අපරාදේ කියලයි මට හිතෙන්නේ. මොවුන් පිටිපස්සේ බටහිර බුද්ධි අංශ ක්‍රියාත්මක නැහැයි හිතන්න අමාරුයි. නැවත රැවටෙන්න නම් බෑ.

    • pol says:

      අයර්ලන්ත බකිම්හම් මාලිගයේ කුමාරවරු වගේ අය නෙහ්? බකිම්හම් කුමාරයට බලේ අව නං තව තවාත් මාලිගා බලාගන්න බැරියේ අපේ මේ නිර්ධන පංතියට. ජේවීපී කුමාරවරු මේ කියන්නේ දැන් ඒගොල්ලන්ට සැප ඕනේ කියල වෙන්ට.

    • Despremiya says:

      Ow ithuru eumtath Ayarlanthe gewal gannada.

    • real jvp says:

      පුද්ගල වන්ඳනාව අතහැරීමට අප චේ, කස්තරෝ, මාක්ස්, ලේනේනගේ පින්තුර පපුවේ ගසා ගන්නෙමු.

  6. Dickie Bird says:

    Ithin…. manda buddhiyen katha karai.

    Kiyak awata mokada …. minissu awa nay….. bayada ?

  7. gas says:

    නලින් බණ්ඩාර අස් වෙයං ..15,000 වඩා ආව කියන්නේ පි.හැරිසන් අපි නෙමෙයි

  8. sadoni says:

    atanata metha nata ena senaga ganan kara kara ine nathiwa rate sahal prasnaya wesadana balanna. nathinam kanna wenne kritan kola

  9. singha says:

    මෙයා පී නොවෙයි වී.හැරිසන්.මොහු අහින්සක මිනිස්සුන්ගේ
     වී ටික සගවා ඒවා වැඩි මිලට විකුනා නැති සහල්
     අර්බුදයක් ඇති කලා.මේවා ස්වභාවධර්මයා විසින්ම
     මිහිපිට පලදෙන ජාතික අපරාධ.(උදා:සෞඛ්‍ය ඇමතිකම් දරපු සහ දැනට ඒ තනතුර
     හොබවන අයගේ දරු පවුල් දිහා විමසිලිමත්ව බලන්න.
    බල්ලොත් නොකන මුදල් පමනක් ගොඩගසාගෙන ඇත.
    යුදධය වවන් කාපු චෛර රැජිනට අද එක ඇසක්ද අහිමිව ඇත.තම පරම් පරාව ගෙනියන්න හරිහමන් පුරුෂයෙවත් නැහැ. ඉන්නේ කොන්ද
     පණ නැති මන්ද බුද්ධික පිරිසකි.)දැනටමත් ඔබේ මුඛයට ඒ විපාක 
    ලැබී තිබේ.ඉදිරි කාලයේ මෙවන් බොරු ප්‍රචාර දිහා ජනයා 
    හොදින් බලා සිටී.

  10. හෙල යකා says:

    සිරිකොතේ ඉඳුල් බුදින්න ඩිලාන් ආපු වෙලාවක එයැයිට කියහන් දහ අටදාහ පන්දාහට වඩා වැඩිනිසා මැදමුලනෙ වළන් හෝදල එහෙම්ම ඉඳුල් කාපිය කියාල.

Main News