නුගේගොඩින් මහින්ද සුලග අරඹන්න දිනේෂ්, වාසු, විමල්, උදය සමග මාත් ගියා.. ඩබල් ගේම් එපා..- ප‍්‍රසන්න

June 19, 2018 at 3:50 pm | lanka C news
නුගේගොඩින් මහින්ද සුලග අරඹන්න දිනේෂ්, වාසු, විමල්, උදය සමග මාත් ගියා.. ඩබල් ගේම් එපා..- ප‍්‍රසන්න

කොන්ද කෙළින් තබාගෙන ඒකාබද්ධ විපක්ෂයට එකතු වී ආණ්ඩු විරෝධයට සැබෑ දායකත්වයක් දක්වන ඕනෑම කෙනකු සාදරයෙන් පිළිගැනීමට සූදානම් බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

එසේ නැතිව ආණ්ඩුවේ ප්‍රධානියා වන ජනාධිපතිවරයා සමඟ එකට සිටින ගමන් ආණ්ඩු පෙරළන්නට එන දෙපිටකාට්ටුවන්ගෙන් ඒකාබද්ධ විපක්ෂයට පලක් නැති බව පැවසූ රණතුංග මහතා කවුරු ආවත් නාවත් ඊළඟට එන ඕනෑම මැතිවරණයක් ජයගැනීමේ හැකියාව ඒකාබද්ධයට ඇති බවත් කීවේය.

ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ ගම්පහ දිස්ත්‍රික්කයේ පක්ෂ ක්‍රියාකාරීන් දැනුවත් කිරීම සඳහා උඩුගම්පොළ රෙජී රණතුංග සම්මන්ත්‍රණ ශාලාවේ දී  පැවැති සම්මන්ත්‍රණයකට සහභාගී වෙමිනි. මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

අද වෙන කොට අපේ රටේ ප්‍රබලතම දේශපාලන කඳවුර බවට පත්වෙලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දෙන ඒකාබද්ධ විපක්ෂයයි. රටේ ප්‍රධානම පක්ෂ දෙක එකතු වෙලා හදපු ඊනියා ජාතික ආණ්ඩුව අවුරුදු තුනක් යන්නත් ඉස්සර බිමට සමතලා කරලා දාන්න ඒ බලවේගයට පුළුවන්කම ලැබුණා.

මේ බලවේගය අහසින් පාත්වෙච්ච බලවේගයක් නෙමෙයි. 2015 ජනවාරි මාසේ 09 වැනි දා ජනාධිපති පුටුව අතහැර මැදමුලන බලා ගිය මහින්ද රාජපක්ෂ මැතිතුමා යළිත් දේශපාලන වශයෙන් ශක්තිමත් කරලා මේ ආපු ගමන අනාගතයේ දි දේශපාලන විද්‍යාව හදාරන අය විසින් අධ්‍යනය කළ යුතු දැවැන්ත පාඩමක් බවයි මගේ හැඟීම.

මහින්ද මහත්තයා ජනාධිපති පුටුව අතහැරලා මැදමුලනට ගියේ දේශපාලනයෙන් විශ්‍රාම ගන්න හිතාගෙනයි. නමුත් 2015 දි එතුමාට ඡන්දය දුන් ලක්ෂ 58ක ජනතාව ඒ තීරණය පිළිගත්තේ නැහැ. ඒ අයගේ අදහස වුණේ මහින්ද රාජපක්ෂ යළිත් රටේ පාලකයා කළ යුතු බවයි. ඒ ජනතාවගේ අපේක්ෂාවන් මුදුන්පත් කරන්න තමයි අපි පෙරමුණ ගත්තේ.

එදා 2015 පෙබරවාරි මාසේ දිනේෂ්, විමල්, වාසු, උදය කියන නායකයෝ නුගේගොඩින් මහින්ද සුළඟ ආරම්භ කරද්දි මමත් මහ ඇමැතිවරයා විදියට පළාත් සභා මන්ත්‍රීවරුන් හතළිස් දෙනෙක් එක්ක ඒ සුළඟ ශක්තිමත් කරන්න දායක වුණා. මේ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව තමයි එදා මට මහින්ද මහත්තයා ළඟ හිටගන්න ශක්තිය දුන්නේ.

නුගේගොඩින් ආරම්භ කරපු ඒ සුළඟ මහා දැවැන්ත කුණාටුවක් බවට පත්වෙලා 2015 අගෝස්තු මහ මැතිවරණයේ දි මෛත්‍රී- රනිල් ආණ්ඩුව අතුගා දමා අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබන්න සූදානමින් සිටියදී මෛත්‍රීපාල ජනාධිපතිවරයා මහා පාවාදීමක් කරලා ඒ ජයග්‍රහණය අපෙන් උදුරා ගත්තා.

ඒ මහ මැතිවරණයට ඉස්සර වෙලා අපේ පැත්තට ඇවිත් මහින්ද මහත්තයාගේ ගුණ වයමින් හිටපු නිදහස් පක්ෂයේ පාවාදෙන්නන් රැල ඡන්දය ඉවර වෙච්ච ගමන් ගිහින් මෛත්‍රී මහත්තයා ළඟ වැඳ වැටිලා ඇමැතිකම් ගත්තා. අද 16 දෙනාගේ කණ්ඩායම කියලා එළියට ඇවිත් ඉන්නේ එදා මහින්ද මහත්තයාගේ ෆොටෝ එක ගහගෙන පාර්ලිමේන්තු රිංගපු අයම තමයි.

මහින්ද මහත්තයාගේ නම විකුණලා පාර්ලිමේන්තු ගිහින් මෛත්‍රීගෙන් ඇමැතිකම ගත්ත ගමන්ම ආපහු හැරිලා මහින්ද මහත්තයටම අපහාස කරන්න ගත්තේ කවුද කියලා පරණ පත්තර ටිකක් බැලුවාම තේරුම් ගත හැකියි. එදා ඒ අය කිව්වේ මහින්දගේ දේශපාලනය ඉවරයි, පක්ෂය මිසක් පුද්ගලයෝ වැඩක් නැහැ කියලයි.

හැබැයි ආයෙත් පාරක් ආණ්ඩුව පෙරළෙන්න ඔන්න මෙන්න තියෙද්දි දැන් ආපහු එළියට බැහැලා කියනවා මහින්ද අගමැති කරවන එකලු අරමුණ කියලා. අපි ඕක කියන්නේ 2015 ඉඳලයි. හැබැයි මේ අය මේක කියන්නේ අවුරුදු තුනක් තිස්සෙ රනිල්ගේ කටු සූප්පලා ඉවරවෙලයි. මෙයාලට තියෙන එකම බය ඊළඟ පාර පාර්ලිමේන්තුවට යන්න බැරි වෙන එකයි.

ඒකාබද්ධ විපක්ෂය කියලා අපි ගොඩනගපු බලවේගයට පිටතින් අය එකතු වෙනවට අපේ කිසිම අකමැත්තක් නැහැ. රටට ආදරය කරන හැමෝම එකතු කරගෙන මේ සටන ජයග්‍රහණයෙන් කෙළවර කිරීමයි අපේ එකම අරමුණ. එතැන දී අපේ ප්‍රතිපත්ති පිළිගන්න ඕනෙම කෙනෙක් අප ඉතා ආදරයෙන් පිළිගන්නවා.

හැබැයි අපිට කාගෙවත් බත් බැලයෝ එපා. අපිට පාවාදෙන්නෝ එපා. අපේ බලවේගය දුර්වල කරන්න ආපු ඩබල් ඒජන්තයෝ එපා. අපේ තර්කය ඒකයි. අපි විරුද්ධ පක්ෂයේ වාඩි වෙලා ඒකාබද්ධ විපක්ෂය කියලා හදාගත්ත දවසේ ඉඳලා පක්ෂයේ සභාපති, ලේකම් එකතු වෙලා අපිට ගැහුවා. අපේ තනතුරු උදුරා ගත්තා.

හැබැයි ඩිලාන්ලා, එස්. බී ලා ඇමැතිකම් අතඇරලා විපක්ෂයට ගියාම තවත් තනතුරු ලැබෙනවා. මොකක්ද මේ වෙනස? ආණ්ඩු පෙරළන්න කියලා එළියට ආපු අය ආණ්ඩුවේ ප්‍රධානියා වන ජනාධිපතිවරයා සමඟ එකට සාකච්ඡා කරනවා. එහෙම වෙන්නේ කොහොමද? අපි අහන්නේ මෙන්න මේ කරුණු ගැනයි.

ආණ්ඩුවට විරුද්ධ නම් අපිත් එක්ක එකතු වෙන්න. හැබැයි ඩබල් ගේම් එපා. ඇවිත් කොන්ද කෙළින් තියාගෙන ඒකාබද්ධ විපක්ෂයට එකතු වෙලා මහින්ද මහත්තයාගේ නායකත්වයෙන් අපේ සටන ශක්තිමත් කරන්න. එහෙම නම් අපි මේ 16 දෙනා නෙමෙයි ඉතුරු කණ්ඩායමත් සාදරයෙන් පිළිගන්න සූදානම්.

– ප‍්‍රදීප් අනුර කුමාර

401 views

10 Comments to “නුගේගොඩින් මහින්ද සුලග අරඹන්න දිනේෂ්, වාසු, විමල්, උදය සමග මාත් ගියා.. ඩබල් ගේම් එපා..- ප‍්‍රසන්න”

  1. polonnaruve wije says:

    විමල්ද තේරුම්ගත යුත්තේ මේ සත්‍යයි…බලය සදහා කෙටි මාර්ග නැත…

    • හෙළබිම සත්ත says:

      හෙළබිම පුරා විසිරුණ සත්යය එයයි.. බැසිල්වත් විමල් වත් නෙමෙයි..
      ඔවුන් දෙදෙනාද හඳුනාගත යුත්තේ එයයි..
      (යටි අරමුණු සිතේ දරාගෙනා පාවාදුන් උන්ට හොරිසේනට සුදු පිරුවට ඔතන්න හදන විමලුත්, තමුන්ගේ බලය වෙනුවෙන් වෙහෙසෙන බැසිලුත් වටහාගත යුත්තේ මෙයයි..

  2. බබා උක්කුන් says:

    මල්ලි හරි මල්ලි………..
    ඕකුන් ගැන ඊලග චන්දෙදි අපි බලාගන්නම්.
    ඔතන ඉන්න එකෙක් වත් සත පහකට විස්වාශ කරන්න බැරි එවුන්. සිරා හොදයි ආප්ප කාල ගියේ, මුන් වෙලාව ආවොත් ආප්ප නොකාම පිහියෙන් අනින්නේ.

  3. Manel says:

    Very true. Why do this 16 has no guts to stand with Mahinda. What is this connection they have with My3 AAppaya.

  4. මිනුවන්ගොඩ උකුස්සා. says:

    බස්නාහිර මහ ඇමති කාලෙ බිරිඳත් එක්ක එකතුවෙලා ගේමි ගහපු ප්‍රසන්නට 16 දෙනාගෙ කල්ලිය මොන කජ්ජක්ද?
    සුදර්ශනී හක්කෙ තියල සෙම අරින්න පුළුවන්.
    ඉක්මනින් මෙි ආණ්ඩුව පෙරළමු නඩුවලින් බෙිරෙන්න.

  5. Nandasoma Suriyaarachchi says:

    මහින්ද මහත්තය අතහැරල, යූ ඇන් පී එකට සහයෝගය දීල ඇමතිකම්, වරදාන භුක්ති විඳල, ජනතා අප්‍රසාදයට පත් වුනු මේ කණ්ඩායමට පොහොට්ටුව කියා ගන්නත් බැරිවයි හිටියෙ….!

    තවමත් ඒ අයගෙ නායකය මෛත්‍රීපාල සිරිසේන…..

    ජනතාව එයාලටත් එක්කයි පාඩම් ඉගැන්වුවේ…..

    එයාලව පොහොට්ටුවට ගත්තොත්, ඒකටත් වෙන්නෙ ශ්‍රී ලංකා එකට වුනු දේමයි……!!

    ඒ නිසා කොහෙවත් යන අය නිසා ගොඩනගා ගත් ජනතා ප්‍රසාදය සහ එකමුතු කම නැති කර ගන්න එපා….

    දේශපාලන වශයෙන් එයාලට පොහොට්ටුවට එන්න ඉඩ දුන්නට කමක් නැහැ….

    එත් පොහොට්ටුවේ ගමනට බාධාවක් කර නොගත යුතුමයි……!!!!!!

  6. සුනිල් අත්තනායක says:

    Muooth patta kapatiyaa mulinma wimalla ekaabadhdhaye rasweem thiyanakota muoo raten maaruwelaa gihin hitiye ,passe ewata senaga enna patan gannawaa dakalaa aayema muoo set unaa mee wage apathayo nathuwa mahindata gamanak aththema nadda….!!!

  7. Gayantha says:

    Methuma hari. Anathayo api lagata ganna ona nai. Puluwan nan unp karayo tikak kadala gamu. Mokada chanda tikak hari eyala gawa thiyenna puluwan.

  8. NAK says:

    Though Prasanna came to Nugegoda he didn’t come on the stage but stayed under a tree.
    It is later when he came from Australia that he fully joined the JO,if my mind serves me right.

  9. Sadda says:

    ප්‍රසන්න ඔබගේ කියවීම නිවැරදියි. 16 කල්ලියේ හැසිරීම සුපරික්ෂාකාරීව නිරීක්ෂණය කලයුතුයි.මහින්ද හැර වෙන නායකයෙක් අපේක්ෂා කරන්නවුන් ගෙන් පලක් වෙන්නෙ නැහැ.

Main News