නුගේගොඩ ඒකාබද්දයේ මහ රැළියට ඇමතිවරුන් හයක් ගොඩවෙති..

February 27, 2018 at 9:20 am | lanka C news
නුගේගොඩ ඒකාබද්දයේ මහ රැළියට ඇමතිවරුන් හයක් ගොඩවෙති..

ඒකාබද්ද විපක්‍ෂය විසින් මාර්තු මස 07 වැනිදා නුගේගොඩදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති ජනරැළිය සදහා ආන්ඩුවේ සිටින ශ‍්‍රීලනිප ඇමතිවරුන් හය දෙනෙකු එක්වනු ඇති බවට වාර්තාවන් පලවෙයි.

රට පත්ව ඇති අස්ථාවරත්වයෙන් මිදීම සදහා වහාම මැතිවරණයක් පවත්වන ලෙස රජයට බල කිරීමට ඒකාබද්ද විපක්‍ෂය විසින් රට පුරා රැළි මාලාවක් පැවැත්වීමට සූදානමින් සිටින අතර නුගේගොඩදී පැවැත්වීමට සූදානම් කර ඇත්තේ එහි පළමු රැළියයි.

එම රැුළියට එක්වන ඇමතිවරුන් පිරිස මේ වන විටත් සාකච්චා පවත්වමින් සිටියද ආණ්ඩුවේ සිටින ජාතික ලයිස්තු ඇමතිවරුන් පිරිස ඒ සදහා දැඩි බාධා එල්ල කරමින් සිටින බවද ඒකාබද්ද විපක්‍ෂ ප‍්‍රකාශකයෙක් කීය.

කෙසේ වෙතත් ඉදිරි මැතිවරණයේදී ජනතාව අතින් ප‍්‍රතික්‍ෂෙප වීමට පෙර ඔවුන් තම දේශපාලන අනාගතය ගැන තීන්දුවක් ගනු ඇතැයිද ඔහු වැඩි දුරටත් පැවසීය.

21 views

23 Comments to “නුගේගොඩ ඒකාබද්දයේ මහ රැළියට ඇමතිවරුන් හයක් ගොඩවෙති..”

  1. Nandasoma Suriyaarachchi says:

    පිරිසිදු දේශපාලනයක් ඉදිරියට රටේ ගොඩ නගන්න නම්, අවස්ථාවාදී කට්ටිය අයින් කළොත් හොඳයි…..
    හතකොට ජනතාවට කෙළින් තීරණයක් ගන්න පුලුවන්……

    පටු වාසි බලාගෙන ආයෙමත් ඒ කට්ටිය ලං කර ගත්තොත් ජනතාව අතරමං වෙනව…..

    දේශපාලන වශයෙන් ඕනෑම කෙනෙක් පක්ෂයකට ගැනීම තමයි ක්‍රමය…..
    ඒත් මෙතන දේශපාලනයට එහා ගිය ප්‍රතිපත්තියක් තියෙනව….

    පාවාදීම, ගුණමකු කම, බොරුව, අවස්ථාවාදීකම, ප්‍රතිපත්තියක් නැති කම වගේ පහත් ගුණාංග සහිත අය ලං කර ගැනීම තාවකාලික දේශපාලන වාසියක් උනාට, ප්‍රතිපත්ති ගරුක මිනිස්සු ඒකට කැමති නැහැ….

  2. M D Siri says:

    This will be a suicide for the POHOTTUWA. PEOPLE VOTED AGAINST THESE 6. THIS IS A GRAVE WARNING !

Main News