නුවන් සොයිසා ක්‍රීඩා ඇමතිට හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නඩු දමයි..
February 14, 2019 at 3:00 pm | lanka C news
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වේගපන්දු පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පන්දු යවන්නෙක් වන නුවන් සොයිසා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් කිහිපදෙනෙකුට සහ ක්‍රීඩා අමාත්‍යවරයාට එරෙහිව නඩු මගට පිවිස තිබේ. රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් මෙම පෙත්සම ඔහු ගොනු කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා, ශ්‍රී ලංකා ක්‍රිකට් මානව සම්පත් කළමණාකරු ධනංජය සිල්වා, ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු සහ ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් සහ ක්‍රිකට් නිසි බලධාරී චූලානන්ද පෙරේරා යන මහත්වරුන් වගඋත්තරකරුවන් කරමින් මෙම පෙත්සම ගොනු කර තිබේ. සීඒ/ඩබ්ලිව්ආර්අයිටී/51/2019 (CA/WRIT/51/2019) යන අංකය යටතේ පෙරේදා (12දා) දිනයේදී මෙම පෙත්සම ගොනු කිරීමට සොයිසා කටයුතු කර තිබේ.
පසුගිය වසරේ ඔක්තෝබර් මසදී නුවන් සොයිසාට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකයේ ආචාරධර්ම පද්ධතිය කඩ කිරීමේ චෝදනාව යටතේ චෝදනා එල්ල වී තිබුණි. එහිදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ, සොයිසාට අයි.සී.සී. ආචාරධර්ම පද්ධතිය කඩ කිරීම යටතේ චෝදනා තුනක් එල්ල වී ඇති බවයි.
ඒ අනුව තරගයක් පාවා දීමට උත්සාහ කිරීම, ඒ වෙනුවෙන් අන් අයව පොළඹවා ගැනීම හා දූෂණ පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැනුවත් නොකිරීම ඔහුට එල්ල වී ඇති චෝදනා ලෙස දැක්වුණි.
– ada.lk
යහපාලන රනිලා මහබැංකුව බිඳල නතර උනේ නැහැ බුකියො එක්ක ජොකියෙකුත් වෙලා ක්‍රිකට් වලිනුත් හොරා කෑවා.
සොයිසලා, සිල්වලා, පෙරේරලාගෙ හබයක්.
Serama pruthigrisi karayo neda ferdi thamanuth ekkama.
Thambimudiyansela and Neelaperumaala start to own this sport. That’s why degrade day by day.