නුවරඑලියට තද වැසි.. මාර්ග ජලයෙන් යට වෙයිත… ගමනා ගමනයට බාධා…

October 24, 2021 at 2:19 am | lanka C news
නුවරඑලියට තද වැසි.. මාර්ග ජලයෙන් යට වෙයිත… ගමනා ගමනයට බාධා…

නුවරඑලිය මහ නගර සභා සිමාවට (23) දින පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමග නගර මධ්‍යයේ මාර්ග කිහිපයක් සහ නගරයට ආසන්නයේ පිහිටි නව ගන්ගොඩ ප්‍රදේශයේ පහත්බිම් වල පිහිටි නිවාස රැසක් සහ වෙලදසැල් කිහිපයක් ජලයෙන් යට වි ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.

(23) දින පස්වරු 1 ට පමණ නුවරඑලිය මහ නගර සභා සිමාවට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග නුවරඑලිය හාවාඑලිය , නුවරඑලිය උඩුපුස්සැල්ලාව මාර්ගය ජලයෙන් යට වු බවයි සහකාර අධ්‍යක්ෂකවරයා කියා සිටියේ.

වැසි ජලය රිසි ලෙස ගලා නොබැසිම හේතුවෙන් පහත්බිම් වල පිහිටි මාර්ග සහ නිවාස ජලයෙන් යට වු බවත්, ආපදාවන්ට ලක් වු අය වෙනුවෙන් සහන සැලසිමට කටයුතු කරන බව රංජිත් අලහකොන් මහතා පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

11,987 views

One Comment to “නුවරඑලියට තද වැසි.. මාර්ග ජලයෙන් යට වෙයිත… ගමනා ගමනයට බාධා…”

  1. Maha sinhale says:

    නුවරඑළි පළාතේ හෙළයන්ට රජයේ ඉඩම් ලබාදීම වැඩි කල යුතුය.

Main News