නුවරඑලියට හිම වැටේ.. උෂ්ණත්වය 6°c ට බසී..

January 6, 2019 at 12:40 pm | lanka C news
නුවරඑලියට හිම වැටේ.. උෂ්ණත්වය 6°c ට බසී..

නුවරඑලිය නගර සිමාවේ ස්ථාන කිහිපයකටම අද(06) අලුයම තද ලෙසම මල්තුහින පතිත වි තිබුණා.

නුවරඑලිය නගර සභා ක්‍රිඩා පිටිය තුරග තරග පිටිය, ගොල්ෆ් ක්‍රිඩාංගනය ඇතුළු ස්ථාන කිහිපයකට මෙසේ මල්තුහින පතිත වි තිබිණ.

අද අලුයම නුවරඑලිය ප්‍රදේශයේ සෙල්සියස් අංශක 6 ක අවම  උෂ්ණත්වයක් තිබු බව ප්‍රදේශවාසින් පවසයි.

නුවරඑලියේ මේ දිනවල පවතින දැඩි සිත කාලගුණයත් සමග මල්තුහින පතිත වි ඇති අතර එම මල්තුහින දැක බලා ගැනිමට දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් මේ දිනවල නුවරඑලියට සංචාරය සදහා පැමිණ සිටිති.

මෙසේ පතිත වන මල්තුහින අලුයම  සිට හිරු එලිය පතිත වන තෙක් පවතින අතර මල්තුහින පතිත විම නිසා නුවරඑලිය ප්‍රදේශයේ එළවළු වගාවට සහ තේ වගාවට දැඩි බලපැමක් එල්ල වන බව එළවළු ගොවින් සහ වතු අධිකාරිවරුන් කියා සිටියි.

– හැටන් රංජිත් රාජපක්ෂ

21,142 Viewers

2 Comments to “නුවරඑලියට හිම වැටේ.. උෂ්ණත්වය 6°c ට බසී..”

  1. Love nature says:

    කොසොල් රජු –

    “කළුපාට වෘෂභයෝ සතර දෙනෙකු යුධ කරන්නේ යැයි සතර දිශාවෙන් රාජාංගනයට පිවිසෙයි. උන් එනවිට නරඹන්නෝ මහා උද්යෝගයකින් ජය ඝෝෂා පවත්වමින් වට වී බලා සිටී. වෘෂභයෝ සතර දෙනා යුධ කරන අයුරක් දක්වා නාද කොට ගර්ජනා කොට යුධ නොකර ඉවත්ව ගියහ. ඔල්වරසන් දුන් නරඹන්නෝ වෘෂභ යුද්ධය බලන්නට බැරිව හොදටම දුක්වුණා”

    බුදුන් වහන්සේ –
    අනාගතයේ අධාර්මික පාලනය නිසා රටේ දේශගුණයත් කාලගුණයත් සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒ කළට සිදුවන සිදුවීමක් පිලිබදව මෙයින් කියවේ. අනාගතයේ මිනිසුන් අදැහිමි වී මුදලට මුල් තැනක් දෙයි. වනාන්තර කපා පරිසරය ද විනාශ කරයි. මේ හේතුව නිසා නිසි කලට වැසි නොලැබේ. මහා ශබ්දයෙන් අහස ගෙරෙව්වත් වැස්ස නොලැබෙයි.

  2. lotus says:

    මහින්ද මහත්තයා ඕවා හැදුවේ ,

Main News