නුවරඑලියෙන් සජිත් ලක්‍ෂ දෙකහමාරකින් පරද්දනවා..- CWC

October 16, 2019 at 5:30 pm | lanka C news
නුවරඑලියෙන් සජිත් ලක්‍ෂ දෙකහමාරකින් පරද්දනවා..- CWC

ජනාධිපතිවරණයේදි නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක අන්ත පරාජයක් ලබන බව ලංකා කම්කරු කොන්ග්‍රසය අද (15) හැටන් නගරයේ මාධ්‍යය හමුවක් පවත්වමින් පැවසිය.

ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජෙෂ්ඨ උප සභාපතිවරුන් වන කනපති කනගරාජ් මහතා සහ පි.සත්‍යවේල් යන මහතුන් මාධ්‍යය හමුව කැදවමින් වැඩි දුරටත් කියා සිටියේ නුවරඑලිය දිස්ත්‍රික්කයේ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ සමාජිකයන්  , ලංකා කම්කරු කොන්ගස්‍රයේ සමාජිකයින් සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සමාජිකයන් එක් ව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක ගොඨාභය රාජපක්ෂ මහතාට වැඩි ඡන්ද දෙලක්ෂ පනස් දහසකින් දිනවිමට කටයුතු කරන බවයි.

එක්සත් ජාතික පක්ෂ රජය වතුකරයේ ජනතාව මුලා කල බවත්, වතු කම්කරුවන්ට ලබාදෙන බවට පොරොන්දු වු රු පනහක වැටුප ලබා නොදුන් බවත්,  තම පක්ෂයේ නායක ආරුමුගන් තොණ්ඩමන් මහතා ඉන්දියානු රජය සමග සාකච්ඡා කර ලබා ගත් නිවාස යෝජනා ක්‍රමය පමණක් වතුකරයේ ජනතාව වෙනුවෙන් ලබා දි ඇති බවයි.

ලංකා කම්කරු කොන්ග්‍රසයේ විසින් ඉදිරිපත්කල ඉල්ලිම් 32 කට නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ සහ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂකයන් දෙදෙනාම එකගතාවය පල කලත්, වතුකරයේ ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතාව ඉල්ලු නිසා තම පක්ෂයේ විධායක සභාව ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයේදි සහයෝගය දැක් විමට එකමතිකව තිරණය කල බවයි මාධ්‍යය හමුවේ කරුණු දක්වමින් ලංකා කම්කරු කොන්ගස්‍රයේ ජෙෂ්ඨ උප සභාපතිවරුන් වන කනපති කනගරාජ්  , පි.සත්‍යවේල් මහතුන් කියා සිටියේ.

– හැටන් රංජිත් රාජපක්ෂ

52 views

6 Comments to “නුවරඑලියෙන් සජිත් ලක්‍ෂ දෙකහමාරකින් පරද්දනවා..- CWC”

  1. ලිහිණි says:

    ඉන්දියානු රජය සමග සාකච්ඡා කර ලබා ගත් නිවාස යෝජනා ක්‍රමය පමණක් වතුකරයේ ජනතාව වෙනුවෙන් ලබා දි ඇති බවයි.ඉන්දීය රජයට අපේ රටේ ප්‍රශ්න වලට මැදිහත්වීමට බලයක් ලැබුනේ කෙසේද ? මේ රට ස්වයිරි රාජ්‍යක් ..ලංකා රජයට ඉන්දියාවේ මෙවැනි නිවස යෝජනා ක්‍රම ක්‍රියාත්මක කල හැකිද ?
    අපේ රටේ උතුරේ සිංහල බෞද්ධ භික්ෂුන්වහන්සේ නමක් ආදාහනය කිරීමට විරුද්ධව නීතිමය පියවර ගැනීමට දෙමල සුළුජාතික දේශපාලකයන්ට ඉඩදී නිහඩව සිටින යහපාලනය ඉන්දියානු රජයේ ආධාරයෙන් කදුකරේ තේවතු දෙමළ කොළණි සෑදීමට අපේ මව් බිමේ ඉඩදී සිටීම පුදුමයක්ද ? මේ රට ඉන්දියාවේ යටත් විජිතයක් නොවේ …වතු දෙමල ප්‍රශ්න විසදීමට ඉන්දියාව යොදාගන්නේ කුමක් සදහාද ? ..ඔවුන් ඔය තරම් ඉන්දියාවට කැමති නම් ඔවුන්ගේ ප්‍රශ්න විසදාගැනීමට ඔවුන්ට ඉන්දියාවට ගොස් ඔවුන්ගේ ප්‍රශ්න විසදාගැනීම වඩාත් සුදුසුයි ..අපේ රටේ ඉඩම් නොමිලේ දෙමල ජාතිකයන්ට ලබා දීම අපි හෙලා දකිමු
    සිංහල මව් බිමේ සිංහලයා ඉඩමක් ගැනීමට මුදල් සොයාගත යුතුයි …දෙමළ කල්ලතොනින්ට කෙසේද අපේ රටේ ඉඩම් නොමිලේ බෙදා දෙන්නේ ගෙවල් හදන්නේ ?

  2. CPS says:

    ගියපාර ඔයා ඉඳලත් මහින්ද නුවරඑලිය උඩින්ම පරාදයි , සජිත් මෛත්‍රීට වඩා වතුකරයේ ජනප්‍රියයි වෙන දෙයක් කථා කරන්න තොණ්ඩමන් අංකල් 😂

  3. Sanju says:

    CPS hitagena inne watukaraye aya tawama modai kiyalada boru karayanta rawatenna… aurudu pahak karapu nati ewun koheda tawath karanne

    • The Citizens says:

      The people are happy and glad ,if you all can do it. The people are also happy to see ,you all too line up in their camp to save The country. All the communities can live in harmony and peacefully under a Gota’s administration.

  4. Dp says:

    වතුකරයට මුරලි එනවා . ඒ ආවම තොන්ඩටයි දිගම්බරම්ටයි වෙන පැත්තක් හොයාගන්න වෙනවා .මුන් දෙන්න හැමදාමත් කලේ අහිංසක මිනිස්සු රවටලා සුර සැප විඳින එක .

  5. සෙමා says:

    මූගේ කයිවාරුව පමණයි. ගිය ජනාධිවරණේදීත් මේ කථාවම මූ කිව්වා. නමුත් මහින් ද නුවරලියෙන් ලැබුවේ විශාල පසුබැමක්. මූට දැන් කිසිම ඦන්ද පදනමක් නෑ. දිගම්බරම් කියන දෙයක් එහේ හැමෝම අහනවා.

Main News