නුවරඑලියේ එලවළු වගා පලදාව අඩුයි.. පොහොර හදන්න දමයි..

September 11, 2021 at 8:02 am | lanka C news
නුවරඑලියේ එලවළු වගා පලදාව අඩුයි.. පොහොර හදන්න දමයි..

නුවරඑලියේ එලවළු වගා කරන ඇතැම් ගොවින්ගේ එලවළු ඵලදාව මෙම කන්නයේදි සාර්ථක නොවු නිසා එම අස්වැන්න කපා ඉවත් කර කොමිපොස්ට් පොහොර නිෂ්පාදනය සදහා යොදා ගන්නා බව එම ගොවින් කියා සිටියි.

මෙම කන්නයේදි තමන් ලික්ස්, ගෝවා, කැරට්,සලාද වගා කල බවත්, එම වගාව සදහා රසායනික පොහොර සහ කෘමිනාශක භාවිතා නොකල නිසා තම අස්වැන්නේ පැහැය සහ ඵලදාව අඩුවි ඇති නිසා එම එලවළු වලට වෙලදපොලේ මිලක් නොමැති බවයි එම ගොවින් කියා සිටින්නේ.

නුවරඑලිය ගොවිජන සේවා මධ්‍යස්ථානය මගින් සුළු පරිමාණයෙන් එලවළු වගා කරන ගොවින්ට නිසි ලෙස රසායනික පොහොර ලබා නොදෙන බවත්, තම වගාව එක වරම කාබනික පොහොර භාවිතයට හුරු කල නොහැකි බවයි එම ගොවින් කියා සිටින්නේ.

පවත්නා තත්ත්වය මත නුවරඑලියේ වගා කරන එලවළු සදහා ඉහල ඉල්ලුමක් වෙලදපොලේ නොමැති විම හමුවේ නුවරඑලිය එලවළු වගා ගොවින්ගේ අනාගතය දැඩි අවධානමක පවතින බව නුවරඑලියේ එලවළු වගා අස්වැන්න අඩු වු ගොවින් කියා සිටියි.

නුවරඑලිය එලවළු වගා කරන ගොවින්ට කොම්පොස්ට් පොහොර භාවිතයට හුරුවන තෙක් රසායනික පොහොර සහ කෘමිනාශක ලබාදෙන ලෙස ගොවින් අදාල බලධාරින්ගෙන් ඉල්ලා සිටියි.

– හැටන් රංජිත් රාජපක්ෂ

 

25,035 views

10 Comments to “නුවරඑලියේ එලවළු වගා පලදාව අඩුයි.. පොහොර හදන්න දමයි..”

  1. Banda says:

    ……ඔය එකෙක්කත් කියන එව්ව අපිට වැඩක් අපි දෙරණ හිරු අයි ටී එන් බලල අපේ හාම්පුත්තු කියන බණ අහන් ඉම්මු…….

  2. chamil says:

    Ehema hithanna epa. Mahansi wela pohora tika hada ganna. Hoda illumak labei… Baa Kayla deyak Naha me loke

  3. Gamini Senanayake says:

    නුවරඑළියේ කියටන්නෙ සුද්දාගේ එලවළු. ඒවා කනඑක දේශීය චින්තනය හා සෟර්‍භාග්‍යයේ දැක්මට විරුද්ධ ය. ඒ නිසා එහෙ එලවළු වගා කිරීම නැවැත්විය යුතුයි.

  4. Samson Gamalathge says:

    නුවරඑළියේ එලවලු කාබනික පොහොර යොදා 25% විතර අඩුවීමක් වෙන්න පුලුවන් හැබැයි අර එලවලු වල පැහැය අඩු වෙනවා කියන එක පිලි ගන්න බැහැ .කාබනික පොහොර දැම්මාම තවත් පැහැය වැඩි වෙනවා ..ඔය කොම්පැණි කාරයන්ගෙ බොරුවක්

  5. Gorilla says:

    බටහිර රටවල් බලාහිටියලු අපේ කාබනික පෝර වැඩ පිලිවෙල ගැන. -ජනාදිපති
    ඒක තමයි පහුගියදවස්වල බටහිර මාද්‍යාවල ගියේ ලංකාවේ ආහාර හිගයක් එනව කියලා. කවදාවත් කාබනික පෝරවලින් කෘෂිකර්මය කරන්න බැ, උන් ඒක දන්නවා. උන්ගේ ලණුව මු ගිල්ලා.

  6. jayananda says:

    me gon hethata therenne ne organic foods walata thamai illuma wedi

  7. 3% ට බය බයියා. says:

    හොදට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක් .

  8. කාපු රට says:

    රසායනික පොහොර දාලා පුරුදු වෙච්ච පස් වලට කාබනික පොහොර කෙහෙල් මලක් හරියන්නෑ..ඒක ඕන මෝඩයෙක් දන්නවා…නන්දසේන නැමැති මේ උද්දච්ච…මෝඩයා කෙරුවෙ මුළු ගොවියෝ අමාරුවෙ දාලා රටත් අමාරුවෙ දාන ගොන් තකතීරු වැඩක් …එයා තමයි ලොකුවට කෙරුවෙ ලු …ප ,,,,,,ක තමයි …අන්තිමට ලංකාවේ ලංකාවෙ මිනිස්සුන්ට කන්ඩත් නෑ ගොවීන්ට පොහොරත් නෑ ඒ මිනිස්සුන්ට වගා කරන්නත් නෑ රටම කාලා ඕකුන් ඇයි ඇමරිකාවට ….

  9. කාපු රට says:

    රසායනික පොහොර දාලා පුරුදු වෙච්ච පස් වලට කාබනික පොහොර කෙහෙල් මලක් හරියන්නෑ..ඒක ඕන මෝඩයෙක් දන්නවා…නන්දසේන නැමැති මේ උද්දච්ච…මෝඩයා කෙරුවෙ මුළු ගොවියෝ අමාරුවෙ දාලා රටත් අමාරුවෙ දාන ගොන් තකතීරු වැඩක් …එයා තමයි ලොකුවට කෙරුවෙ ලු …ප ,,,,,,ක තමයි …අන්තිමට ලංකාවේ ලංකාවෙ මිනිස්සුන්ට කන්ඩත් නෑ ගොවීන්ට පොහොරත් නෑ ඒ මිනිස්සුන්ට වගා කරන්නත් නෑ රටම කාලා ඕකුන් සේරම යයි ඇමරිකාවට ….

Main News