නුවරඑලියේ ගෙයක් ඇතුලේ සරුසාර ගංජා වගායක්.. ‘කුෂ්’ විශේෂ ප‍්‍රභේදයක්..

September 16, 2022 at 6:20 pm | lanka C news
නුවරඑලියේ ගෙයක් ඇතුලේ සරුසාර ගංජා වගායක්.. ‘කුෂ්’ විශේෂ ප‍්‍රභේදයක්..

නුවරඑළිය පොලිස් වසමට අයත් ධර්මපාල පුර බ්ලැක්පූල් රුවන්එළිය ප‍්‍රදේශයේ විදේශ ප‍්‍රභේදයකට අයත් කුෂ් යන නාමයෙන් හදුන්වනු කංසා පැළ වගා කරමින් සිටි පුද්ගලයෙකු නුවරඑළිය පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව නුවරඑළිය මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක පේ‍්‍රමලාල් හෙට්ටිආරච්චි මහතා පවසයි.

නුවරඑළිය පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් මත නුවරඑළිය පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය එක්ව සිදුකළ මෙහෙයුමකදී විදේශීය කංසා පැළ වගා කළ ධර්මපාල පුර , රුවන්එළිය , නුවරඑළිය ලිපිනයේ  තාවකාලිකව පදිංචි සිංහපුර පාර, හලාවත ස්ථිර පදිංචිකරුවෙකු වන 27 හැවිරිදි ඒ.එම්.සමීර නම් තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇත ,

සැකකරු අත්අඩංගුවට ගැනීමේදී ඔහු සතුව තිබී අඩි එකත් තුනක් අතර උසකට සරුවට වැඩුණු  ගංජා පැල  71ක ප‍්‍රමාණයක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සොයාගෙන ඇත ,

නුවරඑළිය බ්ලැක්පූල් රුවන්එළියේ පිහිටි පෞද්ගලික නිවසක උෂ්ණත්වය මනා ලෙස රැකෙන පරිදි සැකසූ විශේෂිත කාමර වල මල් පෝච්චි උපයෝගී කරගනිමින් කංසා වගා කර එම කංසා පැල සියල්ල ඉතාමත් සාර්ථක ලෙස රෝපණය වී තිබීමක් දක්නට ලැබුණු අතර  කිසිවකුටත් සැක නොසිතෙන පරිදි දීර්ඝ කාලයක් පුරාවට මෙම වගාව සිදුකරගෙන ගොස් ඇති බව නුවරඑළිය පොලිසිය විසින් සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත ,

මෙම කංසා පැල සියල්ල පිටරටින් ගෙනැවිත් ඇති බවත් ඒවා නිවසේ කාමර තුනක වගා කරන බවත් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරු පිළිගත් බවද පොලිසිය කියයි.

මේ අනුව නුවරඑළිය බ්ලැක්පූල් ප‍්‍රදේශයේ තවත් ස්ථාන කිහිපයක ගංජා වැවෙනවාද යන පැතිකඩ ඔස්සේ විමර්ශන සිදු කර ඇති බව නුවරඑළිය පොලිසිය පවසයි .

– රංජිත් රාජපක්‍ෂ

26,360 views

4 Comments to “නුවරඑලියේ ගෙයක් ඇතුලේ සරුසාර ගංජා වගායක්.. ‘කුෂ්’ විශේෂ ප‍්‍රභේදයක්..”

  1. සෙනරත් says:

    අපරාදෙ ඇෆ්ගන් කුශ් බඩු , වදිනවා කොර වෙන්න…..ගොං ලංකාව

  2. Amdan says:

    අනිවාර්යෙන්ම මේ පිටුපස හරිනුයි මල්ශයි ඇති .අද ජනාධිපති තීරන ගන්නේ කුඩ්ඩෙකුට ඕනැ විදිහට .

  3. දෙමලා says:

    හරින් හිටියනම් STF එකේ උන්ට කනට ගහල එලවන්නේ…. පොලිස් චණ්ඩින්ට පොන්සියෝ වගේ යන්න වෙන්නේ

Leave a Comment

Main News