නුවරඑලිය අදාවල ඇල්ල සක්‍රිය වෙයි….

November 9, 2021 at 2:19 am | lanka C news
නුවරඑලිය අදාවල ඇල්ල සක්‍රිය වෙයි….

නුවරඑලිය වලපනේ ප්‍රදේශයට මේ දිනවල ඇද හැලෙන අධික වර්ෂාවත් සමග වලපනේ පදියපලැල්ල මාර්ගයේ පිහිටි අදාවල ඇල්ල සක්‍රිය වි ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.

අදාවල ඇල්ල බෙලිවුල්ඔයට ගලා බසින අතර බෙලිවුල්ඔයේද ජල ධාරිතාව ඉහල ගොස් ඇති බවයි සහකාර අධ්‍යක්ෂකවරයා කියා සිටියේ.

– හැටන් රංජිත් රාජපක්ෂ

59,058 views
Main News