නුවරඑලිය දිස්ත්‍රික්කයට බඩ ඉරිගු ගස් ප්‍රවහනය කිරිමේදි නිසි ආරක්ෂිත ක්‍රමවේදයක් …

January 4, 2019 at 2:06 am | lanka C news
නුවරඑලිය දිස්ත්‍රික්කයට බඩ ඉරිගු ගස් ප්‍රවහනය කිරිමේදි නිසි ආරක්ෂිත ක්‍රමවේදයක් …

නුවරඑලිය දිස්ත්‍රික්කයේ පිහිටි රජයේ සහ පෞද්ගිලක අංශයේ සත්ත්ව ගොවිපොලවල් වලට ආහාර පිණිස පිට පලාත්වල සිට   ප්‍රවහනය කරන  බඩ ඉරිගු ගස් පිලිබදව නිසි ක්‍රමවේදයක් අනුගමනය කිරිමට අවධානය යොමු කරන ලෙසට කෘෂිකර්ම අමාත්‍යංශයේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා දැනුවත් කල බව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පැවසිය.

මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් රෝහණ පුෂ්පකුමාර මහතා කියා සිටියේ බඩ ඉරිගු වගාවට ව්‍යාප්ත වි ඇති සේනා දළඹුවා නුවරඑලිය දිස්ත්‍රික්කයේ එළවළු වගාවට සහ තේ වගාවට බෝ විමේ  අවධානමක් පවතින නිසා එම අවධානම පිලිබදව කෘෂිකර්ම අමාත්‍යංශයේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයාව දැනුවත් කිරිමට පියවර ගත් බවයි.

නුවරඑලිය දිස්ත්‍රික්කයේ පෞද්ගලික අංශයේ සත්ත්ව ගොවිපොලවල් වල ගවයන්ට  ආහාර පිණිස ලබා දිමට දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට බඩ ඉරිගු ගස් විශාල වශයෙන් ලොරි රථ මගින් ප්‍රවහනය කරන අතර එම බඩ ඉරිගු ගස් වල සේනා දළඹුවන් සිටිය හැකි බවයි වතු අධිකාරිවරුන්ද  කියා සිටින්නේ.

සතුන්ට ආහාර පිණිස එසේ ප්‍රවහනය කරන බඩ ඉරිගු ගස්වල සිටින සේනා දළඹුවන් සිඝ්‍රයෙන් කන්ද උඩරට තේ වගාවට සහ එළවළු වගාවට බෝ විමේ හැකියාවක් ඇති බවද තු අධිකාරිවරුන් කියා සිටියි.

සතුන්ට ආහාර පිණිස ප්‍රවහනය කරන බඩ ඉරිගු ගස් කෘෂිකර්ම නිලධාරින්ගේ දැඩි පරික්ෂාවකට ලක් කර ප්‍රවහනය කිරිමට බලපත්‍රයක් ලබා දිය යුතු බවයි වතු අධිකාරිවරුන් කියා සිටින්නේ.

සේනා දළඹුවන් සහිත බඩ ඉරිගු ගස් තොගයක් බෝපත්තලාව රජයේ සත්ත්ව ගොවිපොලට කුරුණැගල ප්‍රදේශයේ සිට ප්‍රවහනය කිරිමට සැලසුම් කර තිබියදි පසුගියදා නතර කරනු ලැබිය.

– හැටන් රංජිත් රාජපක්ෂ 

3,047 Viewers
Main News