නුවරඑලිය මල් පිපී හැඩවෙයි.. කොරෝනා නිසා සංචාරකයන් නොඑයි..

April 20, 2020 at 2:02 am | lanka C news
නුවරඑලිය මල් පිපී හැඩවෙයි.. කොරෝනා නිසා සංචාරකයන් නොඑයි..

නුවරඑලිය මහ නගර සභා සිමාවේ පිහිටි සංචාරක හෝටල් වල , සංචාරක නිකේතන වල , ග්‍රෙගරි වැව ආශ්‍රිතව සහ වික්ටොරියා උද්‍යානය තුල බක් මාසයේ අලංකාරවත් අයුරින් විවිධ වර්ගයේ මල් පිපි ඇත.

නුවරඑලිය වසන්ත උදානයට සමගාමිව සැම ස්ථානයකම ගෙවතු මල් වගා තරගය සදහා මාස කිහිපකම සිටිම සුදානම්ව සිටියද කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානම හේතුවෙන් නුවරඑලිය වසන්ත උදානය අවලංගු කිරිමට මධ්‍යම පලාත් ආණ්ඩුකාරවරයා තිරණය කර තිබුණි.

නුවරඑලිය නගර සිමාව තුල ගත වු දින කිහිපය තුල මහජනතාව ගැවසිමෙන් වැලකි සිටිම නිසා නුවරඑලියේ සුන්දරත්වය සහ පරිසරය මේ දිනවල චමත්කාරයක් ගෙන දෙයි.

නුවරඑලිය නගර සිමාව මේ දිනවල සම්පුර්ණයෙන්ම විවිධ මල් වර්ගයන්ගෙන් පිරි අපුරු සුන්දරත්වයක් ගෙන දෙයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

12,893 Viewers

3 Comments to “නුවරඑලිය මල් පිපී හැඩවෙයි.. කොරෝනා නිසා සංචාරකයන් නොඑයි..”

  1. aniwa says:

    pointless article.