නුවරඑලිය මහ නගර සභා සිමාවෙන් වැඩිම අසාදිතයන් පිරිසක් හමුවේ…

May 16, 2021 at 5:30 pm | lanka C news
නුවරඑලිය මහ නගර  සභා සිමාවෙන් වැඩිම අසාදිතයන් පිරිසක් හමුවේ…

නුවරඑලිය මහ නගර සභා සිමාවෙන් (15) දින වැඩිම කොවිඩ 19 වෛරසය අසාදනය වු අසාදිතයන් පිරිසක් වාර්තා වු බවත් , එම පිරිස 173 ක් බවයි නුවරඑලිය මහ නගර සභාවේ සෞඛ්‍ය අංශ නිලධාරින් කියා සිටියේ.

නුවරඑලිය දිස්ත්‍රික්කයේ (15) දින අසාදිතයන් 288 දෙනෙකු වාර්තා වු අතර , එම අසාදිතයන් වලපනේ , හගුරන්කෙත , කොත්මලේ ,අඹගමුව සහ නුවරඑලිය ප්‍රදේශවලින් වාර්තා වු බවත්,ඉන් අසාදිතයන් 173 දෙනෙකු නුවරඑලිය මහ නගර සභා සිමාවෙන් වාර්තා වන බවයි නුවරඑලිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ නිලධාරින් කියා සිටින්නේ.

දින තුනක් දිවයින පුරා සංචරණ සිමා පැනවිමෙන් පසු (17) දින අලුයම 4 සිට එම සංචරණ සිමා ඉවත් කරන නිසා නුවරඑලිය නගරයේ පොදු ස්ථාන විෂබිජහරණය කිරිමේ කටයුතු නුවරඑලිය මහ නගර සභාවේ සෞඛ්‍ය අංශ නිලධාරින් විසින් (16) දින සිදු කරනු ලැබුහ.

නුවරඑලිය මහ නගර සභාවේ නාගරික මන්ත්‍රි නිතිඥය එන්.යෝගරාජා (විපක්ෂ) පවසන්නේ නුවරඑලිය නගර සභා සිමාවේ කොවිඩ් 19 වෛරසය පැතිර යාම පාලනය කර තිබු බවත්, ඉකුත් මස මහ නගර සභාව මගින් පැවැත් වු වසන්ත උදානයට දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට සංචාරකයන් විශාල පිරිසක් නුවරඑලියට පැමිණිම හේතුවෙන්  අසාදිතයන් වැඩි පිරිසක් නුවරඑලියෙන් හමුවන බවයි.

ප්‍රදේශවාසින් ද කියා සිටින්නේ නුවරඑලිය වසන්ත උදානය හේතුවෙන් කොවිඩ් 19 වෛරසය නුවරඑලිය නගර සිමාව පුරා පැතිර ගොස් ඇති බවයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

20,273 views

7 Comments to “නුවරඑලිය මහ නගර සභා සිමාවෙන් වැඩිම අසාදිතයන් පිරිසක් හමුවේ…”

  1. වෛරස් මුදියන්සේලාගේ කෝවිඩ් Return says:

    තකතීරු අමනයන්ට අනුව මේ මොහොතත් සංචාරකයන් ගෙන්වීමට සුදුසු වේලාවක්. ඒ තීරණ ගන්නා එවුන්ටත් උන්ගේ වරිග පරම්පරාවටත් මේ වසංගතයෙන් කිසිම බලපෑමක් නෑ. ඒත් සාමාන්‍ය අහිංසක ජනතාවට ඉන්දියානු ශෝචනීය ඉරණම අත්වෙනවා නිසැකයි ! “සෞඛ්ය සේවාවේ විද්වතුනි ” ! මීට ඉඩ දෙන්න එපා ! කිසිම සංචාරකයෙක් මේ රටට මේ මොහොතේ ගෙන්වන්න දෙන්න එපා !!! අමන දේශපාලුවන් ගේ උවමනාව පොසොන් මාසය අවසන් වෙද්දි මේ රට අමු සොහොනක් කිරීමද ?

    • බත්බැලයා says:

      අය්යෝ මට හොදටම පිස්සු තවත් ඉවසන්ඩ බෑ රටට කෙලවෙයි කිවට එහෙමම වෙන්නෙත් නෑ රට වැටෙයි කිවට ඒක වෙන්නෙත් නෑ අයියෝ බෑරියෝ

    • ක්‍රිමිනල් says:

      ඔරකල් එකදාලා අල්ලලා තියෙන්නේ උබ බයවෙන්නැතුව හිටහං.

  2. sunimal says:

    නුවරඑළියේ සැණකෙළියේ රගේ දැන් විදපල්ලා

  3. Saradiel says:

    ඉක්මන් සුවය පතමු.

  4. citizen says:

    This is because this Govt.does not listen to health professional but looks after the interests of business friends. Hoteliers in Nuwara Eliya and other business people wanting to make business during the Aurudu time.That was why no travel restrictions were imposed.
    In April 2012, about 4000 tourists have come to SL and a large no. of them are Indians. Now the Tourism minister wants to bring more tourists in a bio-bubble. Obviously he is getting a cut from hotels. Don’t we have a leader at the top? Compared to this Australia has closed its airport till mid 2022 and they have been successful at controlling COVID.

  5. Awurudu Koha says:

    Nuwara Eliya awurudu uthsawaya sangwidayakayan wagakiwa yuthui. Aniyam mineenarum chodanawa yatathe athadanguwata gathayuthui.

Main News