නුවරඑලිය මාර්ග බාධකයක අහඹු පරික්‍ෂාවලින් කොරෝනා ආසාදිතයන් 81ක් හමුවෙයි..

December 27, 2020 at 1:20 pm | lanka C news
නුවරඑලිය මාර්ග බාධකයක අහඹු පරික්‍ෂාවලින් කොරෝනා ආසාදිතයන් 81ක් හමුවෙයි..

කලුගල මාර්ග බාධකයේදි සිදු කරන අහඹු පි. සි. ආර්. පරික්ෂවලදි 26වන දින කොවිඩ් ආසාදිතයන් තිදෙනකු හමු විමත් සමග එම ස්ථානයේ කරන ලද අහඹු පි. සි. ආර්. පරික්ෂවලින් කොවිඩ් 19 ආසාදිතයන් 81 දෙනකු හමුවි ඇති බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.

බස්නාහිර පලාත ඇතුළු විවිධ ප්‍රදේශවල සිට අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට පැමිනෙන පුද්ගලයන් කලුගල මාර්ග බාධකය අසලදි අහඹු පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගෙන ඇති අතර එම පි. සි. ආර්. පරික්ෂන මත මෙම කොවිඩ් 19 ආසාදිතයන් හමුවි ඇති බවද එම නිලධාරියා පවසන ලදි.

මෙසේ හමුවන කොවිඩ් ආසාදිතයන්ගෙන් වැඩි පිරිසක් අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ අය බවත් තවත් පිරිසක් කොටගල, ලිදුල, නාවලපිටිය, යන ප්‍රදේශවල අය බවද ඔහු පවසන ලදි.

මෙම අහඹු පි. සි. ආර්. පරික්ෂන සාර්ථකවි ඇති බවත් ඒ අනුව ඉදිරියේදිද මෙම ස්ථානයේ සිදු කරනු ලබන පි. සි. ආර්. පරික්ෂන වැඩි කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

– මනුර සුදත් සෙල්ලහේවා හැටන්

18,117 views

6 Comments to “නුවරඑලිය මාර්ග බාධකයක අහඹු පරික්‍ෂාවලින් කොරෝනා ආසාදිතයන් 81ක් හමුවෙයි..”

  1. sumudu says:

    පිටපලත් වලින් නුවර එළියට පැමිණීම තාවකාලිකව සම්පුර්ණයෙන් නවතා දමන්න

    • 😄😄😄😄😄😄 says:

      බෝතල් කාල පෙන්නුවහම යන්න සෑර් කියන රට..!

  2. රන්වල says:

    මේ ඇන්ටිජන් ටෙස්ට් කරන මහත්තුරුන්ට පැණි බෝතලයක් සැපයුව නම් පොසිටිව් නෙගටිව් අවුලක් නෑ.ටෙස්ට් කරන ගමන් පැණි උගුරක් පෙව්ව නම් වැඩේ කම්මුතුයි .

  3. ඊරි යකා says:

    ඕවා පරීක්ශාකරන්න යනවිට පාරම් බාන , පාරම් බෑපු කපුවෝ යන පැණි කාරයෝ එක්කරගෙන යන්න බැරිද ? ආසිදිතයෙක් අසුවුනු හනික පැනියෙන් ටිකක් ලබාදුන්නනම් වැඩේ කම්මුතුනේ.නිකන් බොරුවට ‘වොයිස් කට්’ දෙනවා

  4. රිටිගල උකුසු බිත්තර කටු ගංජා තලපය says:

    රිටිගල තලපයෙන් පොඩ්ඩ පොඩ්ඩ දෙන්න…

  5. Ravana parapura says:

    මේ හමුවෙන සියලුදෙනාට හෙළ ඔසුව ලබාදෙන්න ඉක්මන් සුවය පතමු.

Main News