නුවරඑලිය වසන්ත උදානය මේ මාසය පුරාම…

April 2, 2021 at 5:30 pm | lanka C news
නුවරඑලිය වසන්ත උදානය මේ මාසය පුරාම…

නුවරඑලිය වසන්ත උදානය (01) දින සිට මේ මස (30) දින දක්වා සෞඛ්‍යය මාර්ග උපදෙස් වලට අනුකුලව පවත්වන බව නුවරඑලිය මහ නගර සභාවේ නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න මහතා පැවසිය.

චන්දන ලාල් කරුණාරත්න ඒ බැව් කියා සිටියේ 2021 වසර සදහා වසන්ත උදානය සමාරම්භක උත්සවය (01) දින නුවරඑලිය ග්‍රෙගරි වැව ඉස්මත්තේදි ආරම්භ කරමිනි.

නගරාධිපතිවරයාගේ ආරාධනාවක් අනුව මධ්‍යම පලාත් ආණ්ඩුකාර නිතිඥය ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් වසන්ත උදානය සමාරම්භක උත්සවය පැවැත්විණ.

නුවරඑලියට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ විනෝදාස්වාදය සදහා තුරග තරග ඇතුළු තරග ඉසව් ගණනාවක්, මල් ප්‍රදර්ශන පැවැත්විමටත්,සංගිත සංදර්ශණ නොපැවැත්විමටත්, මෙවර වසන්ත උදානයේ සංවිධායක කමිටුව විසින් තිරණය කර ඇත.

නුවරඑලිය වසන්ත උදානය ආරම්භ විමට ප්‍රථම තුරග තරග කිහිපයක් පසුගිය මාසය තුල පවත්වා ඇති අතර, වසන්ත උදානයට සහභාගි විමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් මේ වන විට නුවරඑලියේ සංචාරක හෝටල් සහ නවාතැන් පහසුකම් ලබාදෙන ස්ථානවලින් නවාතැන් පහසුකම් වෙන් කරගෙන ඇති බව නුවරඑලිය සංචාරක හෝටල් හිමියන්ගේ සංගමයේ නිලධාරියෙකු පැවසිය.

වසන්ත උදානයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් සෞඛ්‍යය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරනවාද යන්න නුවරඑලිය මහ නගර සභාවේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් අධික්ෂණය කරන අතර, පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව උදෙසා නුවරඑලිය ජෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් විශේෂ ආරක්ෂිත වැඩ පිලිවෙලක් දියත් කර ඇත.

වසන්ත උදානය සමාරම්භක උත්සවයට නුවරඑලිය දිස්ත්‍රික් පා.ම මරුදපාණ්ඩි රමේෂ්වරන්, නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ, නුවරඑලිය නියොජ්‍යය පොලිස්පති චන්දන අතුකොරාල මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගි වි සිටිහ.

– හැටන් රංජිත් රාජපක්ෂ

15,108 views

4 Comments to “නුවරඑලිය වසන්ත උදානය මේ මාසය පුරාම…”

  1. Sanjaya Mahesh says:

    LOL

  2. Rony says:

    ජලය තමයි නැත්තේ. ඒකට මොකද කරන්නේ.

  3. " කෙල්ල මරේ වසන්තය "😂 says:

    මමත් ඔය ග්‍රෙගරි වැව ලඟ විනෝද වෙන්න ගියා නුවරඑලිය වසන්ත උදානය තිබුණු අවුරුද්දක…!
    ඔතන පාක් එකේ හවස හතෙන් පසු කරුවල වැටුනට පසු වාහන නවත්තාගෙන ඉන්නවා කලු වීදුරු දාපුවා… එතන අස්ස පැටියෙක් තියාගෙන ඉන්න ගැටයා ඇහුවා සර් රවුමක් යමුද මුගෙ උඩ ඒකට රු1000 යි ඊට පස්සේ අර කලු කාර් එක ඇතුලේ ඉන්නා කෙනා උඩ යමු රු 2500 යි..!

  4. නාරිලතා says:

    මෙි පුවෘත්තිය දැකීමෙන් හිතෙන්නේ , නුවරඑළිය ගියාම ,පොලිස් ආරක්ෂාවක් ඇති , දිසාපති සලසපු පොදු පහසුකම් තියෙන , කොරෝනා බෝ නොවෙන්න සෞඛ්‍ය පහසුකම් සොයා බලා ,වැඩ කරන නිලධාරීන් ඉන්න, ඒවා හරියට වෙනවා සොයා බලන මහජන නියෝජිතයන් ඉන්න හෙන ඩීසන්ටි පරිසරයක් . ගිහිල්ලාම බලපල්ලකො, ආතල් එකේ රගේ. චු බරක් හැදීම කියන පොයින්ටි එකේ සිට, කාමරයක් සොයා ගැනීම , එක කෑම වෙිලකින්ම දැනෙන සුවය , පටිට ආතල්. ඔය නිලධාරීන් සෙටි එකට ඊළග අවුරැද්ද වෙනකමි මතක් කර කර පින් දෙන්න පුලුවන් .

Leave a Comment

Main News