නුවරඑලිය සංචාරකයන්ගෙන් පිරී යයි… අහඹු කොරෝනා පරීක්‍ෂණ තැන තැන අරඹයි..

April 17, 2021 at 12:40 pm | lanka C news
නුවරඑලිය සංචාරකයන්ගෙන් පිරී යයි… අහඹු කොරෝනා පරීක්‍ෂණ තැන තැන අරඹයි..

නුවරඑළියේ පැවැත්වෙන වසන්ත සමය සදහා විශාල පිරිසක් පැමිනිමත් සමග මෙම දිස්ත්‍රික්කය තුල සිදු කරනු ලබන අහඹු පි. සි. ආර්. පරික්ෂාවන් වැඩි කිරිමට පියවර ගෙන ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අංශ නිලධාරියකු පවසන ලදි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ සිංහල හිංදු අලුත් අවුරුදු සමය තුල නුවරඑළියේ පැවැත්වෙන වසන්ත සමය සදහා මේ වන විට ලංකාවේ විවිධ ප්‍රදේශවල සිට විශාල පිරිසක් පැමිනෙමින් සිටින බවත්ය.

එසේ පැමිනෙන පිරිස් අහඹු පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිම නුවරඑළියට පැමිනන මාර්ගවල මෙන්ම නුවරඑළිය ප්‍රදේශයේ ස්ථාන කිපයකම සිදු කිරිමට පියවර ගන්නා බවත් මෙම වසන්ත සමයට පැමිනෙන සියලුම දෙනා සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස පිලිපදින ලෙසට සියලුම දෙනාගෙන් ඉල්ලා සිටින බවද එම නිලධාරියා වැඩි දුරටත් පවසන ලදි.

– මනුර සුදත් සෙල්ලහේවා

13,757 views

2 Comments to “නුවරඑලිය සංචාරකයන්ගෙන් පිරී යයි… අහඹු කොරෝනා පරීක්‍ෂණ තැන තැන අරඹයි..”

  1. Nimal says:

    මගෙ රටේ හෙළ වෙදකම සාර්ථක වේවා සියල්ලෝම සුවපත් වේවා කොරෝනා දුරු වේවා. හෙළ වෙදකමට අකමැති නම් ඒ අය නොගෙන ඉන්න. කැමති කෙනෙකුට ගන්න දෙන්න. වෙදකම සාර්තකයි නම් අනුමැතිය නැති වුණත් මිනිස්සු සුවපත් වෙන්නයි ඕනේ

  2. "ප්‍රීති කොකා"🤣🤣 says:

    නුවරඑළියට පැමිනෙන අයගේ අහඹු පි. සි. ආර්.
    පරික්‍ෂාවන්ට ලක් කිරිම කෙසේ වෙතත්
    නුවරඑළියෙන් යන අයගේ එච්-අයි-වී
    පරික්‍ෂාව කලොත් ඉතා වටිනේය..!

Main News