නුවරඑලිය සංචාරක නිකේතනයක තිබි සත්ව කොටස් ගණනාවක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට…

August 16, 2020 at 2:09 am | lanka C news
නුවරඑලිය සංචාරක නිකේතනයක තිබි සත්ව කොටස් ගණනාවක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට…

නුවරඑලිය ප්‍රදේශයේ සංචාරක නිකේතනයක ප්‍රදර්ශනය කර තිබු සත්ව කොටස් ගණනාවක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව නුවරඑලිය පොලිසියේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක චන්දන විජේසේකර මහතා පැවසිය.

නුවරඑලිය පොලිසියේ බුද්ධි අංශයේ නිලධාරින්ට ලද තොරතුරක් මත නුවරඑලිය පොලිසියේ මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා ඇතුළු පොලිස් නිලධාරින් පිරිසක් අදාල සංචාරක නිකේතනය පරික්ෂා කර අදාල සත්ව කොටස් සොයාගෙන එ පිලිබදව නිතිමය පියවර ගැනිම සදහා සත්ව කොටස් නුවරඑලිය වනජිවි කාර්යයාලය වෙත ලබාදුන් බව මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා පැවසිය.

ගෝන අං තට්ටු 18 ක් , ගෝන කකුල් දෙකක් ,මි හරක් අං තට්ටු දෙකක් ,මුහුදු බෙල්ලන්ගේ කවච විශාල ප්‍රමණයක් , පිඹුරු හැවක් සහ සමනල්ලුන් කුටි විශාල ප්‍රමාණයක් තිබි අත්අඩංගුවට ගත් බව නුවරඑලිය  පොලිසියේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා කියා සිටියේ.

– හැටන් රංජිත් රාජපක්ෂ

5,764 views
Main News