නුවරඑලිය සති පොලේ සියළු එලවළු කිලෝව 400 න් ඉහලට.. දෙල් ගෙඩියක් රු 200යි..

November 14, 2021 at 8:40 am | lanka C news
නුවරඑලිය සති පොලේ සියළු එලවළු කිලෝව 400 න් ඉහලට.. දෙල් ගෙඩියක් රු 200යි..

නුවරඑලිය නගරයේ සතිපොලේ උඩරට සහ පහතරට එලවළු මිල ඉහල යාම නිසා පාරිභෝගිකයන් මෙන්ම වෙලදුන් දැඩි අසිරුතාවට පත් වි සිටිහ.

නුවරඑලිය සතිපොලේ උඩරට සහ පහතරට සැම එලවළු කිලෝවක්ම රු 400කට අලෙවි වන අතර තාක්කාලි කිලෝවක් රු 600 වැනි අධික මිලකට අලෙවි වෙයි.

සතිපොලේ දෙල් ගෙඩියක් රු 200 වැනි මිලකට අලෙවි වෙයි.

නුවරඑලිය සතිපොලේ වෙලදුන් කියා සිටින්නේ එලවළු මිල ඉහල යාම හමුවේ ව්‍යාපාර කටයුතු අඩාල වි ඇති බවයි.

තව සති කිහිපයක් තුල එලවළු හිගවිමත් සමග මිට වඩා එලවළු මිල ඉහල යා හැකි බවත්, එවන් තත්ත්වයක් මත පාරිභෝගියන් සහ තමන්දැඩි අසිරුතාවයට පත් වි ඇති බවයි නුවරඑලිය සතිපොලේ වෙලදුන් කියා සිටියේ.

– හැටන් රංජිත් රාජපක්ෂ

 

15,720 views

7 Comments to “නුවරඑලිය සති පොලේ සියළු එලවළු කිලෝව 400 න් ඉහලට.. දෙල් ගෙඩියක් රු 200යි..”

  1. සවාධීන says:

    විපක්ෂ පින්ගුත්තරයිනි, තොපි නිදිද? ලපයා, පොලවල් වල කොල බේදන ෂෝ වැඩක් නෑ. බූරු පුතේ, පාර අහුරා ඡන්ද වැඩි කර ගන්න ෂෝ නැතුව රජයට දැනෙන යමක් කරන්න.

    • Gorilla says:

      තමන්ගේ හතුරෝ මිස්ටේක් කරගනිද්දී එක වලක්වන්න තරම් උන් මෝඩයෝ නෙවෙයි බන්.

  2. National Convention says:

    තවදුරටත් තට්ටුමාරුව අර්බුදයට පිලිතුර නොවේ.
    වසර 73ක පරිහානියට හේතු වූ ‘විෂම චක්‍රය’ බිද දැමිය යුතුව ඇත.පවතින මේ කිසිදු පක්‍ෂයක් කෙරෙහි ජනතාවගේ ප්‍රසාදයක් හෝ විශ්වාසයක් නැත.ඔවුන් මොන විදියකින් හෝ මේ විනාශයේ කොටස් කරුවන්ය.මේ පක්‍ෂවල ඉතිහාසය ලංකාවේ විපත් පිළිබඳ ඉතිහාසයයි.73වසරක පරිහානියෙන් විනාශයෙන් රට මුදවා ගත හැක්කේ පවතින යල්පිනූ පක්‍ෂ වලින් තොර ඊට පරිබාහිර වූ නව දේශපාලන ව්‍යාපාරයකට පමණි. සජබ, ජවිපෙ බොර දියේ මාළු බෑමට දරන අවස්ථාවාදී හා තුච්ඡ උත්සාහය පිළිකුල් සහගතය.
    මේ මොහොතේ 225 සහ පක්ෂ දේශපාලනයෙන් පරිභාහිරව නව පුඵල් ජනතා අරගලයක් බිහි වෙමින් පවතී.පාට හා පක්‍ෂ ලාංඡන වලට පයින් ගසා ‘පක්ෂ වහල්බවින්’ මිදී එයට සියලු ප්‍රගතිශීලී ජනතාව එකතු විය යුතුය.

  3. 3% ට බය බයියා. says:

    මොළ හතා ආපු දවසේ ඉදන් භාණ්ඩ මිල ඉහළ යනවා විතරයි .

    • බුද්ධි says:

      මේ බඩජාරියාට මොළහතා කියලා විහිළුවටවත් කියන්න එපා.’මොළහතා” නෙමේ ‘බොකුහතා’ කියමු.
      මුන්ට කොච්චර හොරා කෑවත් මදි බඩේ බොකු හතක් තියෙන නිසයි.

  4. කොනක පාල says:

    සර්ගේ බත්පතේ එළවළු නැතිවෙනකන් ඉවසලා හිටපල්ලා එදාට ලොක්කා ඇමැතිවරයා මාරැකරයි

  5. Gorilla says:

    එලවලු කිලෝ එකක් රුපියල් 2000 ටත් ගන්න බැරි වෙන සීන් එකක් තියෙන්නේ. පිස්සෝ රජුන් වෙලාද රජුන් පිස්සෝ වෙලාද?

Leave a Comment