නුවරඑළියෙන් භයානක පණිවුඩයක්.. තව ටිකදිනකින් එළවලු හොයාගන්නවත් නෑ.. සංචාරකයන්ටත් එළවලු නෑ..

October 24, 2021 at 4:40 pm | lanka C news
නුවරඑළියෙන් භයානක පණිවුඩයක්.. තව ටිකදිනකින් එළවලු හොයාගන්නවත් නෑ.. සංචාරකයන්ටත් එළවලු නෑ..

සංචාරක ක්ෂේත්‍රයට අවශ්‍ය එලවළු හිගයක් මේ දිනවල පවතින නිසා ඉදිරියේදි සංචාරක කර්මාන්තයට දැඩි බලපැමක් එල්ලවිමේ අවධානමක් පවතින බව නුවරඑලිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ ලේකම් අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.

මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් කරමින් (24) අරුණ ශන්ත හෙට්ටිආරච්චි මහතා ඒ බැව් පැවසිය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ

කොවිඩ් වසංගතය නිසා සංචාරක කර්මාන්තය කඩා වැටිලා තියෙනවා, රට දැන් යථා තත්ත්වයට පත්වෙමින් තියෙනවා.

සංචාරක හෝටල් විවෘත වෙමින් පවතිනවා, පිටතින් සංචාරකයන් එමින් පවතිනවා, ඒ නිසා ඔහුන්ට අවශ්‍ය ආහාර නිපදවිමට එලවළු දැඩි හිගයක් තියෙනවා.

එලවළු දැඩි හිගයක් ඇති වෙමින් පවතිනවා, සංචාරක කර්මාන්තයට අවශ්‍ය එලවළු දැඩි හිගයක් තියෙනවා.

උදාහරණ  වශයෙන් අයිස්බර්ග් , තයිම් , පාස්ලි , සැල්දිරි , බ්‍රකෝලි , ෆෙනල් , බැසිල් , හර්බ්ස්, බෙල්පෙපර් වැනි දේවල් රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය නැති නිසා දැඩි හිගයක් පවතිනවා.

අද වන විට ලික්ස් කිලෝවක් රු 200, අල කිලෝවක් රු 180 , මෙහෙම වෙන්න හේතුව අවශ්‍ය වේලාවට පොහොර ටික ලැබුණේ නැති නිසා.

තව මාස කිහිපයක් යනවිට එලවළු හොයාගන්න බැරිවෙන තරමට පත් වෙනවා.

සංචාරක ක්ෂෙත්‍රයට අවශ්‍ය එලවළු බොහෝමයක් හදන්නේ හරිග ගෘහ වල ඒවට අවශ්‍ය විශේෂ පොහොර තියෙනවා , ඒවා දැන් ලංකාවේ කොහේවත් හොයා ගන්න නැ.

ඒවා සිදු කරන අය අද දැඩි ලෙස කඩා වැටිමට ලක් වෙලා තියෙනවා.

නත්තල් සමය කියන්නේ සංචාරකයන් දැඩි ලෙස පැමිණෙන කාලයක් , පොහොර නැති විමෙන් ඒකටත් දැඩි පහරක් එල්ල වෙනවා සංචාරක හෝටල්වලට.

දැන් රජය කල යුත්තේ රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය ගෙනල්ලා වගාව යලි යථා තත්ත්වයට ගැනිමයි.

ආණ්ඩුවේ අය ලොකු පුටු වල ඉදගෙන තිරණ ගන්නවා , ප්‍රායෝගික පැත්ත ගැන එයාලා දන්නේ නැ.

1948 රට සුද්දා දෙනකොට අපි සතයක් ණය නැ , මේ වන විට රටේ එක් පුද්ගලයෙක් පන් ලක්ෂ ගාණක ණයකරුවෙක් වෙලා දේශපාලනයේ දුර්වලතාවය නිසා. ඒ නිසාම තමයි ගොවිතැනත් වැටිලා තියෙන්නේ යනුවෙන් පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

60,439 views

9 Comments to “නුවරඑළියෙන් භයානක පණිවුඩයක්.. තව ටිකදිනකින් එළවලු හොයාගන්නවත් නෑ.. සංචාරකයන්ටත් එළවලු නෑ..”

  1. සමනලයා says:

    වස විස නැති දේශීය ආහාර කන්න එන්න කියලා සංචාරකයන්ට කියන්න … උං පෝලිමේ එන්න පටං ගනියි …

  2. ඕව ඔක්කොම ඉන්දියාවේ වවනවා. නුවරඑළියට ගේන්න පැය කීපයයි ගත වෙන්නේ

  3. Jagath says:

    අයියෝ දේශප්‍රේමය 😄

  4. LalithM says:

    මොනව කිව්වත් මීට පස්සේ අපි කන්නේ කාබනික එලවලු විතරයි.බොන්නේ කාබනික පුන්නක්කු විතරමයි

  5. Rasika says:

    nuwara eliye ham deyakma winasha kale hitapu nagaradhipathi dodampegamage