නුවරඑළියේ කැරට් කිලෝව 80යි.. කොළඹ 200යි..

September 8, 2021 at 6:20 pm | lanka C news
නුවරඑළියේ කැරට් කිලෝව 80යි.. කොළඹ 200යි..

ආර්ථික මධ්‍යස්ථාන වල මේ දිනවල එලවළු මිල අඩු කර අලෙවි කලද  එම එලවළු තොග පාරිභෝගිකයන් වෙත යැමේදි එලවළු කිලෝවක් ඉතා අධික මිලකට අලෙවි වන බව සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන වෙලද සංගමයේ සභාපති ආරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.

(08) දින නුවරඑලිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේදි පැවති විශේෂ මාධය හමුවක් කැදවමින් අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා ඒ බැව් පැවසිය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා කියා සිටින්නේ එලවළු බෙදා හැරිම් ක්‍රමවේදයේ යම් ගැටළුවක් තිබෙන නිසා මෙසේ එලවළු මිල පාරිභෝගිකයන්ට වැඩි මිලිකට අලෙවි වන බවත්,පවත්නා තත්ත්වය හමුවේ එලවළු අලෙවි කිරිමේ ක්ෂෙත්‍රයේ යෙදි සිටින්නේ එලවළු අලෙවි කිරිමේ ක්ෂෙත්‍රයේ අය නොවන බවත්, එලවළු වෙලදාම මේ දිනවල සිදු කරනු ලබන්නේ කොවිඩ් නිසා රැකියා අහිමි වුවන් බවයි.

තවදුරටත් ඒ පිලිබදව අදහස් දක්වන අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ  ආර්ථික මධ්‍යස්ථාන වහන එකෙන් ගොවියට ව්‍යාපාරිකයට පාඩුවක් තමයි සිද්ධ වෙන්නේ.

එලවළු කල් තියා ගන්න බැ , එදාම විකුණන්න ඕනි.

දවස් දෙකෙන් දෙකට ආර්ථික මධ්‍යස්ථාන අරින එකෙන් වෙන්නේ අනවශ්‍ය එලවළු තොග ආර්ථික මධ්‍යස්ථාන තුල ගොඩ ගැහෙනවා, ව්‍යාපාරිකයාට එවා විකුණ ගන්න බැරි වෙනවා.

අවශ්‍යය ප්‍රමාණයට එලවළු යවා ගන්න පුළුවන් නම් මේ විදිහට එලවළු ගොඩ ගැහෙන්නේ නැ.

තොග වෙලදාමට ආර්ථික මධ්‍යස්ථාන ඇරියා නම් හොදයි කියලා තමයි අපි සංගමයක් හැටියට කියන්නේ.

අපි වෙලෙන්දව ආරක්ෂා කරන්නත් ඕනි ගොවියාව ආරක්ෂා කරන්නත් ඕනි.

ආර්ථික මධ්‍යස්ථාන මේ විදිහට වැසිම තුලින් ගොවියා ආරක්ෂා වෙන්නෙත් නැ , ව්‍යාපාරිකයා ආරක්ෂා වෙන්නෙත් නැ.

එලවළු මිල මධ්‍යස්ථාන මට්ටමක තමයි තියෙන්නේ.

පත්තර, නලිකාව වල යනවා ආර්ථික මධ්‍යස්ථාන වල එලවළු මිල අඩුයි කියලා, නමුත් ඒක පාරිභෝගිකයට යන්නේ නැති ගැටළුවකුත් තියෙනවා.

උදා වශයෙන් අපි මෙහෙන් කැරට් කිලෝ එකක් රු 80 ගත්තොත් කොළඹ විකිණෙන්නේ රු 180 – 200 මිලකට.

බෙදා හැරිමේ ක්‍රමවේදයේ යම් කිසි ගැටළුවක් තියෙනවා, අද බොහොමයක් එලවළු ක්ෂෙත්‍රයේ අය නෙවෙයි එලවළු ව්‍යාපරයේ යෙදිලා ඉන්නේ , කොවිඩ් නිසා රැකියා අහිමි වුවන්.

අපි රජයට කියන්නේ මේකට යම්කිසි වැඩපිලිවෙලක් යොදන්න ඕනි, ඔහුන්ට පාස් එකක් දෙන්න ඕනි, අනවශ්‍ය පුද්ගලයින් ගෙයින් ගෙට ගිහින් එලවළු වෙලදාම් කිරිම නිසා ව්‍යාපාර වැටිලා තියෙනවා.

අධික මිල ගණන් වලට තමයි විකුණන්නේ.

කාබනික වගාව හොදයි, නමුත් ඒකට ක්‍රමවේදයක් හදන්න ඕනි, ක්‍රමවේදයක් හැදෙන්න අවුරුදු 4-5 වත් යයි.

රු 1200 පොහොර රු 5000 – 8000 මිලට  විකිණෙන එක ඇත්ත , මේක රජයේ වැරැද්ද , එම ක්ෂෙත්‍රයට ආදාල අමාත්‍යවරුන්, නිලධාරින් හරියට ඒක  බලන්නේ නැති නිසා තමයි මේක වෙලා තියෙන්නේ.

ගොවිජන සේවා එකෙන් පොහොර දෙනවා හොද වැඩක් නමුත් අක්කරයකට පොහොර මිටි 4 යි දෙන්නේ.

තව අවුරුද්දක් පමණ යනවිට එලවළු හිගයක් එනවා, ලංකාවේ 75% පමණ ගොවිතැන සිදු කරන්නේ, යම් යම් තැන්වල කාබනික වගාවන් පෙන්නුවට ඒක 100% සාර්ථක නැ.

ඉදිරියට එලවළු මිල ලොකු වෙනසක් වෙනවා, ඉහල යනවා, කාබනික වගාවන් වල එලවළු සාර්ථක නැ.

13,496 views

11 Comments to “නුවරඑළියේ කැරට් කිලෝව 80යි.. කොළඹ 200යි..”

  1. Silva says:

    මැරුනාම ගෙනියන්න වෙන්න ඇති ඔච්චර ලාභ හොයන්නේ.

  2. කැලණියේ නයා says:

    ඒවට තමා මල්ලි ඔරකල් සිස්ටම් කියන්නෙ ඩොලර් එක රුපියල් පන්සීයට විතර නග්ගල පාන් ගෙඩියක් රුපියල් දාහ කරල අලුත් ජපන් වාහනයක් දකිනව කියන්නෙ අහස් යාත්‍රාවක් දැක්ක වගේ ෆීලින්ග් එකක් දීල කහ කිලෝවක් හෙරොයින් කිලෝවක ගානට ගෙනැල්ල පෝලිමේ ගිහින් සලාකෙට එදා වේල ගන්න ආතල් එකක් දීල තව සැප ගොඩාක් දෙන එකට තමා සිස්ටම් චේන්ජ් ඔරකල් කියන්නෙ පිඩලි ලස්සනට ඇල්ලුව කියල ගෙදර අයිතිය බාර දීල දැන් කියනෝ කෙලවිලාලු

    • 3% නැති ජෙප්පා says:

      ඊ…යාගොම රාජ් උන් උන්ගේ ආතල් එකගනි නැත්තං කෙලඋන් උන්ටනේ ඇයි උඔ ඔීකට පුකේ ඉත්තෑවෝ දුවාගන්නේ. උඔ වහලෙක. බත්බැලයෙක් උනාට අනුන් පලිද බං

    • MM says:

      ඔය ඔක්කොම පරාදයි උඹ වගේ පකිස් බුරැවෝ 2015 කරපු සිසටමි චෙන්ජ් එකට. එවිවනේ අප්පා සිස්ටමි චෙින්ජ මෙිවා මොනවද මල්ලි

  3. ගෞම් ඊයාරාජ් says:

    බහුතරයක් ගොං බෛයන්ට නොපෙනෙ දේ තමයි , ඇන්ටිජන් කිට් එකේ ඉදලා පහලම සිනී ඇටේ වෙනකං මාෆීයා කාරයො ඉන්නේ කාගේ රෙද්ද අස්සෙද කියලා , හැබැයි තොපිට උකුස්සො දාලා පෙන්නනවා , වාහන පෝලීමක් එක්ක ගිහින් උන්ගේ මෝල් අස්සට රිංගනවා , උන් ඔක්කොම එකම වල්ලේ පොල් උම්මාද බෛයනේ , එළවළු මාෆීයාව රන් කරන දේශපාලන අප්පා ,පුත්තූ දෙන්නත් ඉන්නේ මුන්ගේ රෙද්ද අස්සේ , තොපිට තියෙන්නේ අමූ මිහරකට ඇදලා උම්මාදෙන් ගිහිල්ලා මුන්ට කතිරේ ගහන එක විතරයි.

    ප.ලි ; හෙට ඉදලා පටං ගන්නවා ගොං උම්මාද බෛයන්ව අන්දන ගෙවතු වගා ආතල් එක , ඒකට පෙරහුරුවක් තමයි මේක. ජංගි පිටින් ඇදපල්ලා ,ගොං උම්මාද බෛයි හැත්ත.තුහ් විතරක් මෙහෙමත් අමූ මීහරක්.

    • MM says:

      පටිට ගොනෙක් මිහරකෙක් අනුන්ට කියනවා උන් මිහරක්ලු පවි අප්පා….

      • saman says:

        kannadiyak issarahata gihin balapan ,obatama thereyi kawuda gon wassa kiyala!.
        soory, umbe pata kannadi dekath galawala balapan hode!

    • Matiya says:

      Me gobilayanam sihalayek wennaberi wagaya. Thota kanna nethnam pala indiyawata. Ehenne arthapal genawe kalakanni rate dewal agaya nokarana.

  4. 3% ට බය බයියා. says:

    හොදට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක් .

  5. කැරට් පස්සේ ගහගන්න එපා මචෝ පවූම් හංගන් වරෙන්.... says:

    කැරට් මොටද මචෝ පවූම් අරන් වරෝ…..

  6. Oba says:

    What is agriculture and trade ministries doing?

    No brains no vision talk artificial inteligence.

    Meeka lamayekuta deela yanna.