නුවරඑළිය නගරයට මහ වැසි… වෙලදසැල් රැසක් ජලයෙන් යටවෙයි.. ග්‍රෙගරි වැව පිරී ඉතිරේ…

October 2, 2021 at 12:40 pm | lanka C news
නුවරඑළිය නගරයට මහ වැසි… වෙලදසැල් රැසක් ජලයෙන් යටවෙයි.. ග්‍රෙගරි වැව පිරී ඉතිරේ…

නුවරඑළිය මහ නගර සභා සිමාවට (01) දින පස්වරුවේ ඇද හැලුනු අධික වර්ෂාව හේතුවෙන් නානුඔය පිටාර ගැලිමෙන් වෙළදසැල් රැසක් ජලයෙන් යටවි ඇති බව නුවරඑළිය ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකෝන් මහතා පැවසිය.

නුවරඑළිය බස් නැවතුම් පොලට පිටුපසින් ගලා බසින නානුඔය ඇලට යාබදව පිහිටි වෙලදසැල් 10 ක් පමණ ජලයෙන් යටවි ඇති බවත් ,(02) දින අලුයම වන විට නානුඔයේ ජල මට්ටම පහල බැස ඇත බවයි රංජිත් අලහකෝන් මහතා කියා සිටියේ .

නුවරඑළිය ප්‍රදේශයට (01) පස්වරුවේ ඇද හැලුනු අධික වර්ෂාවත් සමග ග්‍රෙගරි වැවේ වාන් දොරටු දෙකම විවෘත කල බවද රංජිත් අලහකෝන් මහතා වැඩි දුරටත් පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

32,992 views

2 Comments to “නුවරඑළිය නගරයට මහ වැසි… වෙලදසැල් රැසක් ජලයෙන් යටවෙයි.. ග්‍රෙගරි වැව පිරී ඉතිරේ…”

  1. ගෞම් ඊයාරාජ් says:

    2024 පාඨලී ජනාධිපති වෙලා ඔය ග්‍රෙගරි වැව ගොඩ කරලා ගංවතුර ප්‍රශ්නය විසඳනවා. උම්මාද බෛයි ආණ්ඩුවට බැහැ. පර සුද්දගෙ වැව් නිසා තමයි ඔය ඔක්කොම ප්‍රශ්න.

    • මාදිවෙල උකුස්සා says:

      ප.ච.රණවකට ඉන්න කණ්ඩායම ඩිමෝ බටිටෙක්ගෙ උනත් පටවං යන්න ඇහැකි නේද? ඉතිං කොහොමෙයි ඌ ජනපති වෙන්නෙ?