නුවර එලියට කේබල් කාර්..

January 13, 2020 at 8:02 am | lanka C news
නුවර එලියට කේබල් කාර්..

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත්.යු.ගමගේ මහතා නුවරඑළිය ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක යෙදුනි. මෙහි ප්‍රධානතම අරමුණ වී තිබුනේ සංචාරක කර්මාන්ත ඉහල නැංවීම සදහා සැලසුම් කර තිබෙන නව උපක්‍රම ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම සදහා වන හැකියාව පරීක්ෂා කිරීමයි.

මෙහිදී විශේෂයෙන්ම නුවරඑළිය දිස්ත්‍රීක්කයට වැඩි සංචාරක ආකර්ශනයක් ලගා කරගැනීමේ අරමුණින් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති කේබල් කාර් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ක්ෂේත්‍ර පරීක්ෂාවක ද ආණ්ඩුකාරවරයා නිරත විය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍ය දැක්ම ඔස්සේ සාර්ථකත්වය කරා රට ගෙනයන ගමනේදී මධ්‍යම පළාතේ ආර්ථිකය සවිබල ගැන්වීම සදහා සංචාරක කර්මාන්තය සංවර්ධනය කර යුතු බවත් ඒ සදහා කඩිනම් ව්‍යාපෘති රැසක් මාතලේ, මහනුවර, නුවරඑළිය දිස්ත්‍රීක්ක කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් මෙහිදී මාධ්‍යයට අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා පවසා සිටියේය.

පසුව සීතාඑලියේ රජයේ කෘෂිකර්ම ගොවිපලද මෙහිදී ආණ්ඩුකාරවරයාගේ නිරීක්ෂණයට ලක් වු අතර මෙම අවස්ථාවෙන් අනතුරුව ආණ්ඩුකාරවරයා විසින් නුවරඑළිය තාප්ප සහ පැති බැමි අලංකාරවත් චිත්‍ර රටාවන්ගෙන් වර්ණවත් කළ තරුණ තරුණියන් හමුවී ඔවුන්වෙත තම ස්තූතිය පුදකරමින් ඔවුන්ගේ උත්සහාය අගය කිරීමට ආණ්ඩුකාරවරයා පියවර ගත්තේය.

ඉන් පසුව ආණ්ඩුකාරවරයා නුවරඑළිය බස් නැවතුම් පොල හා නුවරඑළියේ වෙළද සංකීර්නය නිරීක්ෂණ කිරීමද සිදුකෙරිනි. එහිදී බස් නැවතුම්පොලෙහි සිදුවිය යුතු සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයා අදාල අංශ දැනුවත් කළ අතර විධිමත් පරිදි එම කටයුතු ඉදිරියේදී ජනතාවට පහසුවන අයුරින් සකස් විය යුතු බවද අවධාරණය කළහ.

තමා හුදෙක් කාර්යාල කාමරයකට කොටු නොවු ආණ්ඩුකාරවරයෙක් බවත් ජනතාවගේ ගැටලු මෙසේ ඔවුන් සමීපයට ගොස් විසදීම තම අරමුණ බවත් මෙහිදී ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේය.

– Rukmal Dushantha

35,410 Viewers

3 Comments to “නුවර එලියට කේබල් කාර්..”

  1. sithmal says:

    නුවර එළිය කියන්නෙ දේශීය මෙන්ම වෙදේශීය සOචාරකයන් ආකර්ශනය කරගන්න පුලුවන් ලස්සන තැනක්.. නමුත් අවිදිමත් නගර සැලසුම් කරනය හා ඉදිකිරීම් නිසා කිසිම අලOකාරයක් නැති නගරයක් බවට පත් වෙලා ඉවරයි.. හරිම අපිරිසිදුයි..

  2. නුවර අපි. says:

    ආපු ගමන් ඔහොම මහජන හිතකාමී විදියට ඉඳලා පස්සේ වල්ගේවත් අල්ලන බැරිවෙනවා. අනේ ඔබතුමා එහෙම නොවී, දිගටම මහජන සේවය කරයි කරන්න පුළුවන් වෙන්න කියලා අපි ප්‍රර්ථනා කරනවා. පළාත්සභා චන්ද තියන්න නම් එපා, හොරු ඇවිල්ලා ඔබ තුමා නැති කරයි. ඔහොමම නිලධාරී එකතු කරගන ගොටභය මහත්තයාගේ වැඩ පිළිවෙල ඉදිරියට ගෙනියන්න, ත්‍රිවිධ රත්නයේ පිහිටයි.

  3. හැබැයි ඉතිං අපි පොඩි කාලෙ තිබුනු ලස්සන දැං නුවරඑලියෙ අඩුයි… හැම කන්දම කප කප කොන්ක්‍රිට් බිල්ඩිම් අටවල.. කිසිම සැළැස්මක් නැහැ.. දිය ඇලි හුගක් වෙලාවට හිදිල..
    කරුණාකර පරිසර විනාශය නවත්වන්න.. නැත්නම් කේබල් කාර් එකෙන් ගිහිං බලන්න වෙන්නෙ කොන්ක්‍රිට් විතරයි…

Main News