නුවර එලියේ ගව ඝාතනය තහනම් කරයි..

February 28, 2020 at 5:30 pm | lanka C news
නුවර එලියේ ගව ඝාතනය තහනම් කරයි..

මුඛ සහ කුර රෝග පැතිරි යාමේ අවධානමක් ඇති බවට නුවරඑලිය දිස්ත්‍රික් ලේකම්වරයා විසින් කල ලිඛිත දැනුම් දිමක් මත (27) දින සිට වහාම ක්‍රියාත්මක වන පරිදි නුවරඑලිය දිස්ත්‍රික්කය තුල ගව ඝාතකාගාරවල සතුන් ඝාතනය කිරිම වහාම නතර කිරිමට පියවර ගත් බව නුවරඑලිය දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍යය පරික්ෂක ගාමිණි පෙරේරා මහතා පැවසිය.

නුවරඑලිය දිස්ත්‍රික් ලේකම්වරයා විසින් නුවරඑලිය , කොත්මලේ , අඹගමුව  , වලපනේ , හගුරන්කෙත යන ප්‍රාදේශිය ලේකම්වරුන් වෙත ලිඛිතව දැනුම් දි ඇත්තේ නුවරඑලිය දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකම මේ වන විට මුඛ සහ කුර රෝග පැතිරි යන බවට කරුණ අනාවරණව වි ඇති බවත්, ඒ අනුව මේ රෝගය ව්‍යාප්ත විම වැලැක්විමේ ක්‍රියාවලියක් ලෙස දිස්ත්‍රික් පශු වෛද්‍ය නිලධාරින්ගේ නිර්දේශයන් මත දිස්ත්‍රික්කය තුල සහ දිස්ත්‍රික්කයෙන් පිට තාවකාලිකව සතුන් ප්‍රවාහනය කිරිම අත්හිටුවිමට දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේදි ගත් තිරණයක් මත නැවත දැනුම් දෙනතුරු සත්ව ප්‍රවාහනය සදහා නිකුත් කරනු ලබන බලපත්‍රය තාවකාලිකව අත්හිටුවන ලෙසයි.

මස් පිණිස සතුන් ඝාතනය කිරිමේදි පශු වෛද්‍යවරයාගේ නිර්දේශයක් අනිවාර්යෙන් තිබිය යුතු අතර , දිස්ත්‍රික් ලේකම්වරයාගේ ඉල්ලිම මත සතුන් ඝාතනය කිරිම සදහා එම බලපත්‍රය නිකුත් කිරිම තාවකාලිව අත්හිට වු බවද නුවරඑලිය දිස්ත්‍රික්කයේ පශු වෛද්‍යවරුන්ද කියා සිටියි.

මෙම නියෝගය මත (28) දින සිට නුවරඑලිය දිස්ත්‍රික්කයේ සියළුම ගව මස් අලෙවි වෙලදසැල් තාවකාලිකව වසා තැබිමට නියමිතය.

– හැටන් රංජිත් රාජපක්ෂ

18,070 Viewers

8 Comments to “නුවර එලියේ ගව ඝාතනය තහනම් කරයි..”

  1. PRAMOD says:

    Well Done, Please enforce this to an entire country , STOP Killing Cows for meat.

  2. Rohan says:

    Excellent!

  3. Rohan says:

    Ban barbaric Halal slaughter all over Sri Lanka. There are muslim slaughter house in Mathugama, Bandaragama, Kandy,….

    • Love nature says:

      STOP COW KILLING
      Great decistion .. Mr. Gamini Perera ,Thank you
      It is our duty to save animals specially Cows

      • Love nature says:

        Great decision….We appreciate your great work Mr. Gamini Perera
        Let’s not wish for bad things to happen to humans; let’s work to make good things happen for all animals.”

  4. kamal says:

    අධ්‍යාපන වෙනස්කම් විය යුතු ආකාරය
    සැබවින්ම දරුවන් ධර්මයෙන් අයින් කරන්නෙ ප්‍රාථමික අධ්‍යාපනයෙන් ඒක නිසා මම පහත සදහන් කරුණු හය කියනවා.
    1 වෛද්‍ය විදයාව පමණක් උසස් අධ්‍යාපනයට උගන්විය යුතුයි. එහිදි සිංහල අධ්‍යාපනය කියා වෙනම කොටසක් එනම් කායික ලෙඩ සම්බන්ධ මගේ විවරණය කියන කෘතිය අනුව 1961 මැන්දිස් රෝහණධිරගේ ගෝලයෙක් වන කාෂ්‍යප විසින් ලියපු පොතක් වෛද්‍ය ආයතන වල තියෙනවා. නමුත් එය බොරුවක් ඇත්තටම කායික රෝග පිළිබද බෞද්ධ විවරණය කියා පොතක් මම ලියනවා මෙයට මුලාශ්‍ර වන්නෙ ලංකාවේ පවතින හැම දේශපාලන න්‍යායකම උත්පත්තිය ඉන්දියාව හින්දා ඉන්දියාවට වඩා අපි දන්නෙ මොනවද කියා නෙවෙයි. නැවත ඉන්දියාවට බුදු දහම ගෙනියන්නෙ කොහොමද කියා සිතන කමල් හා කිරිබත්ගොඩ හිමි විසින් 2020 මාර්තු 28 ලියනවා.මෙය තමයි මගේ පළමු ග්‍රන්ථය මිට කමල් කණුමලේ

  5. kamal says:

    හෙළ වෙදකමේ න්‍යායවල් හා බැලිය යුතු පොත් නැතිනම් හෙලවෙදකමේ පාඨමාලා වපසරිය 2020 මාර්තු 28 කමල් කණුමලේ වන මාවිසින් කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන්ට හා මහමෙවුනා අසපුවට ප්‍රදානය කරනවා. නමුත් මෙය කරන්නෙ මගේ ගුරුදෙව් ෂඩ් අභිඤ්ඤාලාභි කිරිබත්ගොඩ ඤණානන්ද මහ රහත් හිමි

  6. System change says:

    සදහටම නවත්තන්ට බැරි ද ඔය අපරාදෙ මේ රටේ…..
    කිරිදෙන අම්මා මරනවා වගේ..
    ඉතින් රට ස්වයංපෝෂිත වෙයිද???
    මස් ඕනෑ එවුන් ඉන්නවා නම් රටින් ගෙනත් කාපියව්. පර හැත්ත……