නුවර එලියේ තග දැමූ නවීන් අමාරුවේ.. 19 අධිකාරිය යටතේ පැමිණිලි ගොනු කෙරේ..

February 24, 2020 at 12:02 am | lanka C news
නුවර එලියේ තග දැමූ නවීන් අමාරුවේ.. 19 අධිකාරිය යටතේ පැමිණිලි ගොනු කෙරේ..

රජයේ නිළධාරියෙකුට රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතාට විරුද්ධව පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

වැඩබලන පොලිස්පතිවරයා වෙත මෙම පැමිණිල්ල කර ඇත්තේ සිංහලේ සංවිධානය විසිනි.

පසුගියදා නුවරඑළිය ග්‍රෙගරි වැව ආසන්නයේ පිහිටි තාවකාලික අවන්හලක් ඉවත් කිරීමේ යෙදී සිටි නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පිරිසකට මන්ත්‍රීවරයා බාධා කිරීම සිදුවීම සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ගොනු කර ඇත.

අදාළ සම්පූර්ණ පැමිණිල්ල මෙහි දැක්වෙයි.

වැඩබලන පොලිස්පතිතුමා
පොලිස් මුලස්ථානය
කොලබ

ගරු මහත්මයාණෙනි ,

දණ්ඩ නීති සංග්‍රහයේ 19 වෙනි අධිකාරිය යටතේ මෙම පැමිණිල්ල ඉදිරිපත්කරමි

1) අදාළ අධිකාරියේ 183 වගන්තිය , 184 වගන්තිය 185 වගන්තිය 186 වගන්තිය කඩකරමින් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායකතුමා කටයුතු කරන ආකාරය ඊයේ දිනයේදී ජනමාද්‍ය වාර්තා විශ්ලේෂණයේදී අපට සංවිධානයක් ලෙස නිරීක්ෂණය විය .

2) එහිදී අදාළ සැකකාර මන්ත්‍රී නවින් දිසානායක මහතා විසින් නිල කටයුතු ඉටු කිරීමේදී රජයේ සේවකයන්ට බාධා කිරීම , පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසත් සිවිල් පුරවැසියකු ලෙසත් සහය වීමට නීතියෙන් බැදී ඇතිවිට රජයේ සේවකයකුට සහාය නොවීම , රජයේ සේවකයකු නිසි පරිදි ප්‍රකාශ කරනු ලැබූ ආඥාවකට අකිකරුවිම , රජයේ සේවකයකුට පාඩු කිරීමේ තර්ජනය වැනි අපරාධමය වැරදි හතරක් හෝ ඊට වැඩි ගණනක් සිදුකර ඇත .

3) අදාළ මන්ත්‍රීවරයා ප්‍රසිද්ධ නීතිඥ මහතකු වන අතර හෙට දිනයේදී මේ සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසමටද අප සංවිදානය පැමිණිලි කිරීමට නියමිතව ඇත .

4) මන්ත්‍රීවරයා මේ සියලු වැරදි සිදුකරනු ලබන්නේ සාම නිලධාරින් ඉදිරිපිටදී වන අතර අනිවාර්යෙන් මේ පැමිණිල්ලේ සදහන් සියලු කරුණු ජාතික පොලිස් කොමිසම් සභාවේ ඉදිරි විමර්ශන වෙනුවෙන් යොමු කිරීමේ වගකීම විමර්ශන නිලධාරින් ලෙස වැඩබලන පොලිස්පතිවරයාගේ වගකීමක් ලෙස මේ අවස්ථාවේදී මතක්කර සිටිමු .

අදාළ සැකකාර මන්ත්‍රීවරයාට එරෙහිව සාධාරණ සහ යුක්ති සහගත පරීක්ෂණයක් ඉක්මනින් පවත්වා සුදුසු අධිකරණයකට ඔහු යොමු කරන ලෙස ඉල්ලා සිටිමු

මෙයට විශ්වාසී
ප්‍රදීප් සංජිව
සිංහලේ සංවිදානය – ජාතික සංවිදායක

67,795 Viewers

17 Comments to “නුවර එලියේ තග දැමූ නවීන් අමාරුවේ.. 19 අධිකාරිය යටතේ පැමිණිලි ගොනු කෙරේ..”

  1. ඔව් හැසිරුනේ තනිකර පාතාලයෙක් වගේ… නීතීවේදියෙක්, පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් හත් ගව්වකවත් පේන්න හිටියෙ නෑ මෙයාගෙ හැසිරීම තුළ..
    බලය නැතුව මෙහෙම නම් බලය තියෙන කොට කොහොම ඇත්ද?

    • මූ ඇවිල්ලා ලෝක අන්ඩපාලයෙක් මූගේ තාත්තා තමයි යාපනේ පුස්තකාලයට ගිනිතිබිබෙ සිරිමාවො මැතිනියට ජේ අර් ලබා අන්ඩතේටිටමි කලේ ජේ ආර් සුරතලේ ට ඇතිකරපු සැර බලුපැටියාගේ පුතා තමයි මූ මූගේ මාමා හීං බබා සීයා එයාගේ ප්ලෑන් වලට තමය් රනිල ව අල්ල ගෙන ඔින ඔීන විදියට වැඩගන්නේ මූ ඔහොම ගියොත් කවදා හරි සජියටත් කටුව ගහනව ෂුවර් එක්සත් ජාතික පාක්ෂිකයනි වහාම මෙි කාගෙන් සජියාව බෙිරාගන්න

      • rasi says:

        නොදන්නා මගුල් කියලා නිකං පීචං වෙන්න එපා. ගාමිණි දිසානායක විතරයි සිරිමාවන්ගේ ප්‍රජා අයිතිය අහිමි කිරීම සම්බන්ධයෙන් ජේ ආර් ට මුනටම විරුද්ධතාවය පළකරපු එකම යූ ඇන් පී දේශපාලකයා. අනුර ගාමිණී දෙන්නා මිය යනතුරුම අතිජාත මිත්‍රයන්.

        • Just says:

          Gamini D sent thugs to burn down the Jaffna public library during the JR’s regime. Gamini was the prodigal son of JR. He was the youngest in the UNP (and in parliament) at the time. JR tried to make him the Deputy Leader of the UNP against R Premadasa, but in vain because RP had more votes in the UNP general assembly held in the late 1979 or 1980.

  2. පාම සමාගම දියවන්නාව says:

    Navin Mervyn Dissanayake ලෙස ගවුරව නාම ලැයිස්තුවට අැතුල්කරමි

  3. Gone gota says:

    Hoda wade mun wage kalakanniyanta…

  4. Chandapala says:

    මුන්නහෙ මේ හයිය පෙන්නුවෙ යුඑන්පියේ නායකයා වෙන්ඩ සුදුස්සෙක් කියල පෙන්නන්ඩ වෙන්ඩ ඇති.

  5. no says:

    සජිත්ට තියෙන එක කරදරයක් ඔතනින්ම අයින් කරතහැකියි වගේ

  6. නිමල් says:

    මොනවා කරන්නද? මුන්ට තගාලා නැතුව ගමනක් නැහැ. මුනුත් තගාලා..මුන්ව පන්නන්න කාලය ඇවිත්.. පිස්සු.බල්ලෝ ටික වෙඩි තියලා දාන්න ඕනෙ

    • analyst says:

      මුන්ට තගාලා නැතුව ගමනක් නැහැ
      this comment is 100 % correct.
      And the outcome ? Decent, honest, law abiding citizens are trampled underfoot by these politicians. For honest up right citizens to have a life, all these politicians have to be kicked out.

  7. කිරිමෙල් says:

    හිතාගෙන ඉන්නෙ තවමත් තියෙන්නෙ යහ පාලනේ කියල වගේ.😂😂😂

  8. CNW Pathirana says:

    If President really cares about a good Government service, time to act now…

    • analyst says:

      It is not the president’s job to vote them out at the next election. It is our duty.
      We are to blame for sending them to Parliament in the first place.
      Hopefully in April we will get a chance to correct our mistakes— all 225 of them.

  9. Open mind says:

    පාර්ලිමේන්තු තක්කඩි හඳුනාගත නොහැකි වු මේ කණ්ඩායමට ආචාරය.

  10. Sun says:

    I don’t know how this fellow going to face the issues of the country when he is showing thuggery nature to control the law enforcement bodies of the country. He has to learn how to behave as a responsible citizen before attending the public issue in front of the law enforcement and the public.

Main News