නුවර කලහයේ චෝදනාව මත දිළුම්-ලොහාන් ශ‍්‍රීලනිපයෙන් නෙරපයි..

March 13, 2018 at 3:00 pm | lanka C news
නුවර කලහයේ චෝදනාව මත දිළුම්-ලොහාන් ශ‍්‍රීලනිපයෙන් නෙරපයි..

මෑතකදී මහනුවර ප‍්‍රදේශයේ ඇති වූ කලහයන් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් දෙදෙනා පක්‍ෂයෙන් ඉවත් කිරීමට මධ්‍යම කාරක සභාවට යෝජනාවක් ඉදිරිපත් කෙරෙනු ඇතැයි එම පක්‍ෂ ප‍්‍රකාශකයෙක් උපුටමින් ‘දිවයින’ පුවත්පත වාර්තා කරයි.

අදාල මන්ත‍්‍රීවරුන් ගැන සිදු කරන පොලිස්‌ පරීක්‍ෂණවලදී වැරැදිකරුවන් යයි ඔප්පු වන්නේ නම් ඔවුනට එරෙහිව දැඩි දඬුවම් දෙන්නැයි ජනාධිපතිවරයාට බලකරන්නේ යයිද පවසා තිබේ.

ශ‍්‍රීලනිප සිංහල, දෙමළ, මුස්‌ලිම් සියලු ජාතීන් නියෝජනය කරන පක්‍ෂයක් නිසා කිසිවෙකුට එහි ජාතිවාදී ලේබලය ඇලවීමට ඉඩ නොදෙන බවද එම ප‍්‍රකාශකයා සදහන් කර ඇත.

ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන දිළුම් අමුනුගම හා ලොහාන් රත්වත්තේ යන දෙදෙනාට මෙසේ චෝදනා එල්ල කරමින් ඇති බව ඒකාබද්ද විපක්‍ෂ මන්ත‍්‍රීවරුන් සදහන් කරති.

123 views

21 Comments to “නුවර කලහයේ චෝදනාව මත දිළුම්-ලොහාන් ශ‍්‍රීලනිපයෙන් නෙරපයි..”

  1. Asoka says:

    ලොහාන් ගේමකට බැස්සා නම් ඉතින් 500ක් වත් බාවනවා.

  2. Senkadagala dissa says:

    End Of SLFP……………………………………………….?

  3. sahan says:

    සිංහල තරුණයක් පොලිසිය විසින් අතගන්ගුවට ගනිමදී මහජන නියෝජිතයෙක් වසයෙන් ඔව්න් ගැන බැලීම වරදක්නම්
    තම සිංහල ජනතාව නිකරුනේ පොලිසියෙන් රැගෙන යනකොට ප්‍රදේශයේ මහජන නියෝජිතයන් එයට ඉදිරිපත් වීම ඒ වෙනුවෙන් පෙනීසිටීම වරදක්නම් …

    මුස්ලිම් අයට අවි ගන්න වෙනවා කියා මුළු නුවරම සැරිසරපු හැලීම් බදුර්දීන්ටත් ( ඒ ප්රෙදෙසයට අයිති නැති) දඩුවම් දිය යුතුය එසේ නැතහොත් මේ ප්‍රස්නේදී දේසපාලන වැසි ලබාගෙන මහජන නියෝජිතයන්ගේ කාරිය කිරීම වරදක් ලෙස පෙන්වීමට යන්නේනම් ප්‍රශ්න මිට වැඩ දුරදිග යන බව ආණ්ඩුවට දන්වනු කැමැත්තෙමු

    තමන්ගේ නොහැකියාව වසා ගැනීමට මාධ්‍ය පවා වරණය කර තිබෙන මොහොතක මිට වඩා ජනතාව ඉවසන්නේ නැති බව ප්‍රකාශ කිරීමට කැමැත්තෙමු
    මුස්ලිම් ඇමතිවරු මෙය ආණ්ඩුවේ අනුග්‍රයෙන් පොලිසියේ මැදිහත්වීම් මත සිදු උණු බව පවසද්දී දේශපාලන වශී ගන්න හදන ආණ්ඩුවට එරෙහිව අදම පාරට බැසිය යුතුයි

  4. Captain - P.S.O. says:

    පසුගිය මහමැතිවරණයේ ලොහාන් මද්යම පළාතේ වැඩිම මනාප ගත්ත එක ගැන ඉරිසියාවෙන් ඉන්න කොටසකුත් තියෙනවා. ලොහාන් හොරෙක් නෙමෙයි කෙලින් වැඩ කරන කෙලින් කතාකරන කෙනෙක්. හැබැයි ගැහුවොත් ගහනවා ඒ නිසා කවුරුත් ලොහාන් එක්ක පැටලෙන්නේ නැහැ. ලොහාන් පොල්පිත්තක් සලකුණු කරගෙන චන්දෙ ඉල්ලුවත් උඩින්ම දිනනවා. බොහොම සරල විදියට චාම් ජීවිතයක් ගතකරන කෙනෙක්. ලොහාන්ට සිංහල මුස්ලිම් දෙමල බර්ගර් කියලා නැහැ හැමෝටම එක වගේ සලකනවා. අනුරුද්ද රත්වත්ත තරම් රටට, විශේෂයෙන් මද්යම පළාතේ ජනතාවට සේවයක් කරපු කිසිම ජගතෙක් මේ වෙනකම් බිහිවෙලා නැහැ. ඒක මද්යම පළාතේ ගමකට ගියොත් තේරෙයි ඒ මිනිස්සු රත්වත්ත නාමයට කොයි තරම් ගරු කරනවද කියලා. ලොහාන්ට මද්යම පළාතේ ජනතාව පුදුම ආදරයක් තියෙන්නේ. වරක් උඩුතලවින්නේ කේස් එකක් ඇදලා UNP එකට චන්ද ගන්න ලොහාන්ව බොරුවට හිරේ දැම්මා. එත් අන්තිමේදී ඔප්පුවුණා ලොහාන් එතන හිටියෙත් නැහැ කියලා. ලොහාන්ව සල්ලි වලට ගන්න බැහැ. ලොහාන්ට හිරගෙවල් හොඳට පුරුදුයි. මම දන්නා විදියට හරි හමන් රස්සාවක් කරලා පාර්ලිමේන්තුවට ආපු එකෙකුට ඉන්නේ ලොහාන් විතරයි. ආණ්ඩුව මහ ගොන් වැඩ කරන්නේ. ලොහාන්ව හිරේ දැම්මොත් ලොහාන්ට තව තවත් මිනිස්සු ලංවෙනවා. එක නවත්වන්න කාටවත් බැහැ. බලමු ලොහාන්ට අත තියලා මොනවද වෙන්නේ කියලා. දැන් මහ බැංකුවේ හොරු හොයනවා වෙනුවට ෆේස් බූක් හොයනවා. විලි ලැජ්ජයි. ලොහාන්ව හිරේ දැම්මොත් ඉස්සෙල්ලම පාරට බහින්නේ මුස්ලිම් මිනිස්සු.

  5. Asoka says:

    ආණ්ඩුව දැන් ලොහාන්ව හිරේ දාලා ඉක්මනටම කෙලවගන්නයි යන්නේ

  6. Kandy says:

    කන්ද උඩරට අභිමානය ලොහාන් ට ජයවේවා. කන්ද උඩරට “සිංහල මුස්ලිම් දෙමල සංසදය”

Main News