නුවර බස් එකක ගිය ඇමරිකානුවෙක් එතුලම මිය යයි..

July 25, 2020 at 8:08 am | lanka C news
නුවර බස් එකක ගිය ඇමරිකානුවෙක් එතුලම මිය යයි..

මෙරටට පැමිණ සිටි අමෙරිකානු ජාතිකයෙකු බස් රථයකින් ගමන් කරමින් සිටියදී එතුලම මිය ගොස් ඇතැයි වාර්තා වෙයි.

ඊයේ දිනයේ කොළඹ සිට මහනුවර බලා ගමන් ගත් බස් රථයකදී ඔහු මෙසේ මිය ගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.

යක්කල ප‍්‍රදේශයේදී මෙම පුද්ගලයා බසයට ගොඩ වී ඇති අතර මහනුවර ආසන්නයේදී එහි සිහිසුන්ව වැටී සිටීම හේතුවෙන් රෝහලට ගෙන යාමට කටයුතු කර තිබිණි.

රෝහලේ වෛද්‍යවරුන් සඳහන් කර ඇත්තේ රෝහල්ගත කරන විටත් ඔහු මියගොස් තිබූ බවයි.

25,170 views

19 Comments to “නුවර බස් එකක ගිය ඇමරිකානුවෙක් එතුලම මිය යයි..”

  1. Roshantha says:

    ඇමරිකාවෙ මිනිස්සු මහ පාරෙ මැරිල වැටුනත් උන්ට ගානක් තිබ්බෙ නෑ උන් රට වැහුවෙ නෑ .. අපේ උන්ට නිවුස් නැතුවද මේව හොයන්නෙ

Main News