නුසුදුස්සන් 17ක්‌ තානාපති සේවයේ..

July 13, 2019 at 6:48 pm | lanka C news
නුසුදුස්සන් 17ක්‌ තානාපති සේවයේ..

විදේශ සේවයට අදාළ සුදුසුකම් නොලත් තානාපතිවරුන් සහ මහකොමසාරිස්‌වරුන් 17 දෙනෙකු පසුගිය වසර නවයේදී තානාපති සේවයට අනුයුක්‌ත කර ඇතැයි ආණ්‌ඩු පක්‌ෂ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

2010 වසරේ සිට මේ දක්‌වා තානාපතිවරුන් සහ මහකොමසාරිස්‌වරුන් ලෙස පත් කරන ලද අය අතරින් විදේශ සේවා පළපුරුද්ද සහ අධ්‍යාපන සුදුසුකම් නොමැති නිලධාරීන් කවුරුන්ද යන්න පිළිබඳව වාචික පිළිතුරු අපේක්‌ෂාවෙන් ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්‌ස මහතා අසන ලද ප්‍රශ්නයට පිළිතුරු දෙමින් කරුණාතිලක මහතා එසේ කීවේය.

එම අය අතරින් ඇමෙරිකාවේ තානාපති ලෙස පත්කර ඇති ජාලිය වික්‍රමසූරිය සහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ ලෙස පත්කර ඇති අමරි විඡේවර්ධන මහත්මියගේ අධ්‍යාපන සුදුසුකම් වන්නේ අපොස උසස්‌ පෙළ සමත් වීම පමණක්‌ බව ද කරුණාතිලක මහතා ප්‍රකාශ කළේය.

විදේශ සේවා පළපුරුද්ද සහ අධ්‍යාපන සුදුසුකම් සම්පූර්ණ නොකර එම තානාපති සේවයට අනුයුක්‌ත කළ අනෙක්‌ නිලධාරීන් ලෙස මහා බ්‍රිතාන්‍ය – චන්ද්‍ර නිහාල් ජයසිංහ, වෛද්‍ය ක්‍රිෂාන්ත නෝනිස්‌, ඔස්‌ටේ්‍රලියා – සේනක වල්ගම්පාය, අද්මිරාල් තිසර සුගීස්‌වර සමරසිංහ, එස්‌. ස්‌කන්ධකුමාර්, ජපානය – අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, මහාචාර්ය ධම්මික ගංගානාත්, ප්‍රංශය – දයාන් ජයතිලක, කරුණාරත්න නාගහවත්ත, තිලක්‌ රණවිරාජා, බුද්ධි කේ. ආතාවුද, චීනය – කරුණාසේන කොඩිතුවක්‌කූ, ඉන්දියාව මහාචාර්ය සුදර්ශන සෙනෙවිරත්න, ඔස්‌ටින් ප්‍රනාන්දු සහ ස්‌විස්‌ටර්ලන්තයට තමරා කනගනායගම් යන අය වන බවද කරුණාතිලක මහතා ප්‍රකාශ කළේය.

නලින්ද ජයතිස්‌ස මහතා – මේ අය අතුරින් ජාලිය වික්‍රමසූරිය සහ 2010 වසරට පෙර තානාපති සේවයේ සිටි උදයංග වීරතුංග යන අයට වරෙන්තු පවා නිකුත් කර තිබෙනවා. සහරාන්ලාත් රටට විශාල විපතක්‌ කළේ වරෙන්තු පිට ඉඳලා තමයි.

මේ ආණ්‌ඩුවත් ගිය ආණ්‌ඩුව වගේ තානාපති සේවයට තමන්ගේ හෙංචයියලා පත් කිරීමට කටයතු කර තිබෙනවා. විශේෂයෙන් දෙවැනි තුන්වැනි පෙළේ රටවල්වලට විදේශ සේවයේ පළපුරුද්ද සහ සුදුසුකම් තිබෙන නිලධාරීන් එම තනතුරුවලට පත් කරද්දී ප්‍රබල රටවල්වලට තමාගේ හිතමිත්‍රයින් පත් කරනවා. ඔවුන්ට අවශ්‍ය සුදුසුකම් පවා නැහැ.

ගයන්ත කරුණාතිලක මහතා – තානාපති සේවයට අදාළ සුදුසුකම් නැති වුණාට ඒ අයට වෙනත් සුදුසුකම් තිබෙනවා.

නලින්ද ජයතිස්‌ස මහතා( ඔව් උදාහරණයක්‌ ලෙස සේනක වල්ගම්පාය, නීතිවේදී උපාධිය, එස්‌. ස්‌කන්ධකුමාර් විද්‍යාවේදී උපාධිය. මේ උපාධි ඔවුන්ගේ වෙනත් විෂයන්වලට අදාළ වුණට තානාපති සේවයට අදාළ වෙන්නෙ නැහැ. එකයි අපි කියන්නේ.

– divaina

28 views

13 Comments to “නුසුදුස්සන් 17ක්‌ තානාපති සේවයේ..”

  1. alfred says:

    who is qualified in parliament members . ministers as well as president.

  2. බන්ඩා says:

    අද දේසපාලන බලය ලබා ගන්න බැරි ජවිපෙ වගේ උන්ට හැම දේටම විභාක පාස් විය යුතුය කියල පිස්සුවක් හැදිලා තියනවා. විභාග වලින් බුද්ධිය මනින්න බැරි බව ජෙප්පො අත්දැකීමෙන් වත් දැනගත යුතුය්. අත්දැකීම් සහ පලපුරැද්ද හැම දේටම වඩා වැදගත් බව මගේ අත්දැකීමය්.

    • LION says:

      බන්ඩා ඔබත් පාසලේ අටවත් සමත් නැද්ද ? දැන්වත් බුද් ධිමත්ව සිතන්න ඉගන ගනින් , අධ්‍යාපනයක් නැතුව බුද්ධිය මනින්න බැහැ.උසස් අධ්‍යාපනයක් ලබන්න නම් විභාග සමත් විය යුතුයි ..නුගත් මැටි මොල්ලු තානාපතිකම් වලට පත්කිරීමෙන් සිදුවන්නේ රටේ කිර්තිය ආර්ථිකය සමග රට අගාදයට ගෙන යෑමක් ,ඔවුන් කරන්නේ රටට සේවයක් නොවේ තමාගේ පුද්ගලික අවශ්‍යතාවයන් සපුරා ගැනීමක් …

    • LION says:

      බන්ඩා ඔබත් පාසැලේ අටවත් සමත් නැද්ද ? දැන්වත් බුද් ධිමත්ව සිතන්න ඉගන ගනින් , අධ්‍යාපනයක් නැතුව බුද්ධිය මනින්න බැහැ.උසස් අධ්‍යාපනයක් ලබන්න නම් විභාග සමත් විය යුතුයි ..නුගත් මැටි මොල්ලු තානාපතිකම් වලට පත්කිරීමෙන් සිදුවන්නේ රටේ කිර්තිය ආර්ථිකය සමග රට අගාදයට ගෙන යෑමක් ,ඔවුන් කරන්නේ රටට සේවයක් නොවේ තමාගේ පුද්ගලික අවශ්‍යතාවයන් සපුරා ගැනීමක් …

      • බන්ඩා says:

        ලංකාවෙ මුලික අධ්‍යාපනය ලබලා එංගලන්තෙ වැඩි දුර ඉගෙන ගෙන ටික කලක් එහෙ විශ්වවිද්‍යාලයකත් උගන්නලා ඉන්ජිනේරැවෙක් ලෙස රැකියාවක් කරල පසුව ව්‍යාපාර කර දැන් ලංකාවෙ විශ්‍රාම සුවයෙන් ඉන්න මමත් නලීන් ද සිල්වා වගේම විභාග සහ පට්ටම් ගනන් නොගන්න කෙනෙක්.

        ⁣කෙනෙක් ගෙ බුද්ධිය මනින්නෙ ක්‍රෑම් කර සමත් වූ විභාග වලින් නොව IQ (ඥාණ පරීක්ෂණයෙන්) බව ඔබ අහල තියනවාද? ලාංකීය සම්භවයක් ඇති o/l නොකල දැරියක් අයින්ස්ටයින්ට වඩා IQ ලකුනු ගත් බව ඔබ දන්නවාද?

  3. sathya says:

    අනේ මුන්ගෙ සුදුසු කං හෙවිල්ල. ලිස්ට් එකේ ඉන්න අය ගෙන් ඩයාන් වත් නුසුදුසු වෙන්නෙ කොහොමද ගයන්තයො

  4. Aurora says:

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ කාර්‍යභාරය නම් පාර්ලිමේන්තුවට නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත්කරණ පනත් අධ්‍යනය කර ගුණදොස් විචාරා අවශ්‍ය නිවැරදිකිරීම් සිදුකර සම්මත කිරීමයි.
    නමුත් අද පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරු අතරින් කීදෙනෙකුට මේකරයභාරය නිවැරදිව කරන්න පුලුවන්ද? අනුන්ගේ සුදුසුකම් ගැන කථාකරන්න මේ අපතයන්ට තියන සුදුසුකම මොකක්ද? පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු කුහක නොවී කලයුතු අවමදේනම් දිස්ත්‍රික්කයක් සඳහා ඉදිරිපත්කලහැකි නාමයෝජනා ලැයිස්තුව විශාල කිරීමයි, පත්වෙන්න පුළුවන් සංඛ්‍යාව මෙන් දෙතුන් ගුණයක්. අඩුගණනේ වෘතිකයන් එයින් භාගයක්වත් ඉදිරිපත් කිරීමයි.

  5. Ayotallah says:

    This Government recalled Prof Gamini Samaranayake The Chairman of UGC for 9 years after he was appointed as SL Ambassador Philippines. This clearly reflected the Principles of This UNP government to appoint their hench man with OL/AL qualification instead of decorated Professors and we can understand where this Government is Heading?

  6. CAT says:

    දෙමල කොටි ඩයස් පෝරාව ,අන්තවාදී ඉස්ලාම් ජාතිකයන් අද අපේ රටේට විරුද්ධව ලෝකයේ බලය පතුරවන්නේ තානාපති සේවයට නුසුස්සන් පත්කරන නිසයි ..ලොකුම විහිළුව සමහර තානාපති කාර්යාලවල . විශේෂ සැලකිලි දක්වන්නේ සුලුජාතිකයන්ට වීමයි . උදාහරණයක් — .සමහර තානාපති කාර්යාලවල ඇත්තේ දෙමළ පුවත්පත් පමණයි …එහි ගියවිට හැගි යන්නේ දෙමල තානාපති කාර්යාලයක් ලෙසයි ..ඔවුන් පවසන්නේ පැමිණෙන්නේ වැඩියෙන් දෙමල ජාතිකයන් බවයි තානාපති කාර්යාලවල උත්සව වලට ආරාධනා කරන්නේ සුළු ජාතිකයින්ට පමණයි
    ඇත්තෙන්ම මෙය ඉතා කනගාටුදාක සිද්ධියක් ..සිංහලයෙනි ,අවදිවෙව්

  7. Mahasona says:

    හැබැයි රටේ දුප්පත් මිනිහා රජයේ රැකියාවක් ලබාගන්න ගිහාම හැම රෙද්ද අස්සම සොයනවා කනගාටුවෙනවා

  8. Janak Raj says:

    ජෙප්පොන්ට යන එන මං නැහැ. උංගේ නායකය විජේවීර රුසියාවේ ගිහිං වෛද්‍ය උපාදිය නැතුව ඇවිත් ලංකාවෙ කොල්ලො ගණනාවක් විනාස කලා.
    අනුර (පුංචි අම්ම) කුමාරට, අර හිකනලා, විජිත පුර සටන පැරදුනු හේරට තියෙන්නේ මොනවද? උන් හිතන්නේ BSc. (Physics ) එක තමයි ලොකුම එක කියල.
    ඇති ඇටයක් නැහැ. Basic විතරයි. උන්ට ඩිග්‍රිය දුන්නෙ මස 18න්. උන්ගෙ ඩිග්‍රිය ඔටුන්නක් විතරයි. (ඒක උන්ට මදනමොදකයක්)
    ඇත්තටම උන් දන්න ලබ්බක් නෑ.
    එත් බුද්ධිය කියන්නෙ වෙනස් දෙයක්.
    බුද්ධියෙන් කරන්න පුළුවන් දේ ගොඩයි.
    මගේ මොකද්ද එකට අනුව ජෙප්පො කියන්නෙ එල දෙන්නුන් ට , මී හරක්ගෙ සංසර්ගයෙන් ආපු බූරු නාම්බෝ ටිකක්. (බුරුවො එන්නේ ඉතින් හිතාගන්න කෝ – බුරුවෙක් ගෙන්ම එපායැ – පෙන්නන්නෙ වෙනදෙයක්)
    මේ ජෙප්පන්ගෙ අන්තිම රඟපෑම.

  9. Gayantha says:

    රතු නායකයෝ බොහෝ දෙනෙක් ඉගෙන ගත්තු උදවිය කිව්වට බොහෝදෙනා ජීවිතේට ජොබ් එකක් හෝ වියාපරයක් වත් කරලා නෑ. එහෙම බැලුවහම ඔවුන්ගේ පිස්සු විකාර හිතාගන්න පුලුවන් නේ. උගත් කම විතරක් මදී තානාපති වැඩ වුනත් කරන්න. බුද්ධිමත් වෙන්න ඔන සහ ප්‍රායෝගික වෙන්න ඔන.
    දැන් ඔය එස්බී සහ ඩිලාන්ලා කියනවනේ එයලා උපාධි ගත්තා අය කියලා ඒවුනට අමු මෝඩයෝනේ. ඒ වගේ තමා මේ ජෙප්පොත්.

  10. oba says:

    මේ ලිස්ට්එක වැරදියි තව ගොඩක් ඉන්නවා
    පුදුමඉ පාර්ලිමේන්තුවේ කඋරුත් මේ පිළිතුර බාරගත්තා.
    නොමග යවන පිළිතුරක්.

Main News