නෙදර්ලන්තයේ ජිනවංශ හිමි කකුල් ගැටගසා දියේ ගිල්වා ඝාතනය කරලා..- මරන පරීක්‍ෂණ තොරතුරු මෙන්න..

December 10, 2020 at 3:50 pm | lanka C news
නෙදර්ලන්තයේ ජිනවංශ හිමි කකුල් ගැටගසා දියේ ගිල්වා ඝාතනය කරලා..- මරන පරීක්‍ෂණ තොරතුරු මෙන්න..

ඝාතනය කර රත්ගම කලපුවට දමා තිබිය දී රත්ගම පොලිසිය මගින් සොයා ගන්නා ලද රත්ගම, කටුදම්පේ, පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ භාවනායෝගීව වැඩවිසූ නෙදර්ලන්ත ජාතික හිමිනමගේ මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද (10) ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබුණි.

පසුගිය 08 වැනිදා පස්වරුවේ මෙම ස්වාමින් වහන්සේගේ මෘතදේහය රත්ගම පොලීසිය මගින් සොයා ගන්නා අවස්ථාවේ දී උන්වහන්සේගේ දෙපා කොන්ක්‍රීට් කැබැල්ලක්ද සහිතව වයරයකින් ගැට ගසා තිබූ බව රත්ගම පොලීසිය කියයි.

නෙදර්ලන්ත ජාතිකයෙක් වන මෙම ස්වාමින් වහන්සේ නෙදර්ලන්තයේ ජිනවංශ නමින් පැවිදිව රත්ගම, කටුදම්පේ, පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කරමින් සිට ඇති අතර ප්‍රදේශවාසීන් උන් වහන්සේ සුදු හාමුදුරුවෝ නමින් හදුන්වා තිබෙන බව පොලිස් පරීක්ෂණ වලදි තහවුරු වී තිබේ. පසුගිය 06 වන දින සිට මෙම ස්වාමින් වහන්සේ ආරණ්‍යය සේනාසනයෙන් අතුරුදන්ව සිට ඇති බවද පොලිස් පරීක්ෂණ වලදි තහවුරු වී තිබිණ.

මෙම ස්වාමින් වහන්සේ කිසියම් හෝ අයෙකු විසින් ඝාතනය කොට දියේ ගිල්වා හෝ දියේ ගිල්වා ඝාතනය කරන්නට ඇතැයි පොලීසිය විශ්වාස කරයි. වයස අවුරුදු පනස් නවයක් පමණ වන මෙම හිමිනම මීට දින හතරකට පමණ පෙර මිය යන්නට ඇතැයිද පොලීසිය විශ්වාස කරයි.

ඝාතනයට ලක් වූ මෙම ස්වාමින් වහන්සේගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය ගාල්ල ප්‍රධාන මාහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා විසින් ඊයේ (09) පෙරවරුවේ සිද්ධිය වූ ස්ථානයට  පැමිණ පවත්වන ලදී. ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිණි ජානකී වරුෂවිතාණ මහත්මිය ද එම ස්ථානයට පැමිණ පශ්චාත් මරණ පරීක්ෂණයට අදාල මූලික කටයුතු සිදුකර තිබේ.

වයස අවුරුදු පනස් නවයක් පමණ වන මෙම හිමිනම මීට දින හතරකට පමණ පෙර මිය යන්නට ඇතැයි පොලීසිය විශ්වාස කරයි.

සිද්ධිය වූ ස්ථානයට  ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා හා අධිකරණ වෛද්‍ය නිලධාරිණිය පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණයේ මූලික කටයුතු සිදුකරන ලදී.

දකුණු දිසාව භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් සිල්වා මහතා විසින් මෙම ඝාතනයේ සුලමුල සොයා ගැනීම සදහා පොලිස් කණ්ඩායම් තුනක් ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර තිබේ. මෙයින් එක් කණ්ඩායමක් රත්ගම පොලිස් ස්ථානාධිපතිවරයා යටතේත් තවත් කණ්ඩායමත් ගාල්ල කොට්ඨාශ භාර අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාදිපතිවරයා යටතේත් යොදවා තිබෙන බව නියෝජ්‍ය පොලිස් පති රොෂාන් සිල්වා මහතා ප්‍රකාශ කළේය.

එයට අමතරව නියෝජ්‍යය පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක්ද කොළඹින් ගෙන්වාගෙන පරික්ෂණ ආරම්බකර තිබෙන බවද දකුණු පළාත් නියෝජ්‍යය පොලිස්පති කාර්යාලය කියයි. ගාල්ල ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඇතුළු උසස් පොලිස් නිලධාරීන් පිරිසක් ද මෙම පරීක්ෂන සදහැ මැදිහත්ව තටයුතු කරන බව දකුණු පළාත් නියෝජ්‍යය පොලිස්පති කාර්යාලයේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

රත්ගම කටුදම්පේ පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේලා 13 නමකගෙන් මේ වන විට පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. එයට අමතරව මෙම භික්ෂූන් වහන්සේ පිණ්ඩපාතය සදහා වැඩමකල නිවෙස් හිමියන්ගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බවත් ඝාතනයට ලක් වූ හිමියන්ගේ ජංගම දුරකතනයට ලැබුණු හා උන්වහන්සේ ලබාගත් දුරකතන ඇමතුම් ඔස්සේද පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබෙන බව දකුණු පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට සම්බන්ධ ආරංචිමාර්ග සදහන් කරයි.

නෙදර්ලන්තයේ ජිනවංශ නම් වූ මෙම භික්ෂූව් වහන්සේ අතිදක්ෂ පිහිණුම් ශූරයෙකු බවත් එවන් තත්ත්වයක් තුල දියේ ගිලි මිය යෑම ගැටළු සහගත බව ප්‍රදේශවාසීන් රැසක්ම පොලීසියට ප්‍රකාශ කර තිබේ. උන් වහන්සේ තමන් විසින්ම ඔරුව පැදගෙන එගොඩට ගොස් පිණ්ඩපාතය සදහා වැඩම කරන බවද ප්‍රදේශවාසී ප්‍රකාශ කල බව රත්ගම පොලීසිය කියයි. මෙම භික්ෂූන් වහන්සේ ඉතා සිල්වත් ගුණවත් හිමිනමක් බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වි තිබේ.

93,524 views

33 Comments to “නෙදර්ලන්තයේ ජිනවංශ හිමි කකුල් ගැටගසා දියේ ගිල්වා ඝාතනය කරලා..- මරන පරීක්‍ෂණ තොරතුරු මෙන්න..”

  1. Jepi buster says:

    ඒ කාලෙ ජෙප්පො බලය අල්ලන්න මිනී මරණකොට ඔය විදිහටත් ඕනෙ තරම් මිනී මැරුවා.

    • ත්‍රිවිල් says:

      අනේ උඹ වගේ මෝඩ මූසලයෙක්,, බෞද්ධ හිමිනමක් ඝාතනය වෙලා තියෙද්දි මරැ කියෝනවා,, දැං ජනාධිපති අනුර කුමාර නෙමේ බං,, නිකං උඹගෙ නපුංසක කම පෙන්න්නන්න එපා.

      • Jehan says:

        This is work of Satan follower extremist. They are working exactly to their book

      • Nuwan says:

        අනේ හැබෑට.මම හිතන්නේ 69 න් කෙනෙක් අනිවාර්යෙන්ම

    • හාමු says:

      අනේ උඹ වගේ මෝඩ මූසලයෙක්,, බෞද්ධ හිමිනමක් ඝාතනය වෙලා තියෙද්දි මරැ කියෝනවා,, දැං ජනාධිපති අනුර කුමාර නෙමේ බං,, නිකං උඹගෙ නපුංසක කම පෙන්න්නන්න එපා.

    • Neela says:

      ප්‍රගීත් එක්නැලිගොඩට වුනෙත් මේ දෙයම තමා. නේවි ඒකෙන් ඇහුවා නම් කියයි ඕට හඳුන්වා දුන්නෙ කව්ද කියා.

    • King Bull says:

      නුඹගේ සැබෑ පියා, අම්ම⁣ගෙ මිනිහා නොව , ජෙප්පෙක් බව පෙනේ.

  2. බන්ඩා says:

    ජිහාඩි සහරාන්ලත් ඇක්ටිව් කියල අමතක කරන්න නරකය්.

  3. බුදූ අම්මෙ මාරපලාතකට නෙ නිවන් සොයා ගිහින් තිබෙන්නෙ.අපිනම් වාහනයක් හැප්පුනත් ඔය හරියෙ නවත්වන්නෙ පොලිසියේ පමනයි.කරපු අයනම් ආනන්තරිය. පාපයකට අතගසලා.

  4. numb says:

    මේ වගේ අපරාදයක් කරන්න තරම් උන්වහන්සේ ගෙන් සිදුවුණු වරද මොකක්ද ?

  5. Manel says:

    සියදිවි හානිකරගත්තා වෙන්නත් බැරි නැද්ද? ඔය ආරණ්‍යයේම දශක කිහිපයකට පෙර සෝවාන් කියල ප්‍රසිද්ධ වෙලා හිටිය ඤාණවීර කියන විදේශික හාමුදුරුවෝත් පොලිතීන් බෑග් එකක් ඔළුවෙ ඔතාගෙන හුස්ම හිරකරගෙන අපවත් වුණා.

    • වයි දිස් කොලවෙරි says:

      මිනිස්සු දේහය දකින විට පොලිතීන් බෑග් එකකින් හුස්ම ගන්න බැරි විධිහට ඔලුව හිර කරල තියෙනව දැක්කා.

      ඉන්පසු මිනිස්සු දුන්න නිගමණය තමා සිය දිවි නසා ගැනීම කියන එක.

      නමුත් ඇත්තටම මොකක්ද උනේ කියල දන්නෙ දෙයියො තමා.

      • Kapila says:

        දිගු කාලයක් තිබ්බ උදර රෝගයක් නිසා ලොකු මානසික පීඩාවකින් හිටියා කියලා තමයි ඥානවීර හාමුදුරුවෝ ගැන දන්න හාමුදුරුවරු ඒ දවස්වල කිව්වේ.

  6. Dakune minisunge napurukama penawa.

  7. Jepi buster says:

    ඒ කාලෙ මාවත් ජෙප්පො රැලකට අහු උනා. පණ පිටින් යවන්න නම් පු# දෙන්න කිව්ව. උන් ඔක්කොටම පු# දීල තමයි මං එදා බේරුනේ. එදා උන් මට කරපුවට මං දැන් උන්ගෙන් දැක්ක දැක්ක තැන කොමෙන්ට් කොටළ පළිගන්නව.

  8. Jepi buster says:

    ඒ කාලෙ මාවත් ජෙප්පො රැලකට අහු උනා. පණ පිටින් යවන්න නම් පු# දෙන්න කිව්ව. උන් ඔක්කොටම පු# දීල තමයි මං එදා බේරුනේ. එක පාර් දෙතුන් දෙනෙක් ලව්ව ඇරන් තිබ්බට දහයක් විතර මට ඇරියෙ එදා. මෙහෙම “o” තිබ්බ හිල මෙහෙම “O” උනා. ඉතිං එදා උන් මට කරපුවට මං දැන් උන්ගෙන් දැක්ක දැක්ක තැන කොමෙන්ට් කොටළ පළිගන්නව.

  9. Sam Fernando says:

    1. This must have been done either by some Bikshus live in conventional temples due to his popularity

    2 Or by some elements with the purpose of tarnishing the good reputation of Sri Lanka to outer world.

  10. Nuwan says:

    In Thailand there are lot of killings by extremist Wahabis. This has all the traits of such a killing

Main News