නෙවිල් ප්‍රනාන්දු රෝහල උසස් රෝහලක් බවට පත් කරනවා..
October 10, 2017 at 8:02 am | lanka C news
රාජ්‍ය ඹෟෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ 30 වන සංවත්සරය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රත්මලානේ දී පැවැත්විණි.
මෙම අවස්ථාවට රාජ්‍ය ඹෟෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය සයුර සමරසුන්දර, කළමණාකාර අධ්යක්ෂ පී. සුන්දරලිංගම්, කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ යන මහත්වරු ඇතුලු පිරිසක් එක්ව සිටියහ.
මෙහිදී 30 වන සංවත්සරය වෙනුවෙන් රුපියල් මිලියන 7 ක මුදලක් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට පරිත්‍යාග කරන ලදී.
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – “අතවශ්‍ය ඖෂධ වර්ග 48ක මිල අඩුකලා. ඉදිරියේදී සියළුම ඖෂධ වල මිල අඩු කරනවා. සියළුම පෞද්ගලික රෝහල් වල මිල ද නියාමනය කරනවා. තුවාලයකට බෙහෙත් දැමීමේ සිට ශල්‍යකර්මය දක්වා වූ මිල නියාමනය කරනවා. ඒ පිළිබඳ පෞද්ගලික රෝහල් දැනුවත් කර තිබෙනවා. සෞඛ්‍ය යනු සේවාවක්. වෙළඳාමක් නොවෙයි. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව ජපන් රජයේ ආධාරයක්. ඒ සඳහා මුල් වූ ජපන් ජාතිකයාගේ මැදිහත් වීම සිහිවීම සඳහා ඹහුගේ පිලිරුවක් සංස්ථා භූමියේ ඉදි කිරීමට පියවර ගන්න. තවද මෙම සංස්ථාවේ දියුණුව සඳහා අනූපමේය සේවයක් කල ග්රැඩින් ජයවර්ධන මහත්මියගේ පිළිරුවක් ද හදන්න.
මගේ යටතේ ඇති රාජ්‍ය ඖෂධ සංස්ථාව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව, ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල සහ ආයුර්වේද සංස්ථාව ලාභ ලබනවා. ආයුර්වේද ඖෂධ සංස්ථාව ස්වාභාවික ශාකසාර ආයුර්වේද නිෂ්පාදන වෙළඳ පොළට නිකුත් කරනවා. කෘත්‍රීම නිෂ්පාදන නොවෙයි. ස්වභාවිකයි. ත්‍රිපෝෂ සමාගම ද අතිරික්ත නිෂ්පාදන “සුපෝෂ” ලෙස වෙළද පොළට නිකුත් කරනවා. රාජ්‍ය සංස්ථා ලාභ ලබන තත්වයට පත්කිරීමට නොහැකි බව මතයක් විතරයි. රාජ්‍ය ආයතන ලාභ ලබන තත්වයට පත් කරන්න පුළුවන්. එය මම ඔප්පු කර තිබෙනවා. ඇතැම් සංස්ථා වැහිලා. තව සංස්ථා පණ අදිනවා. රජයේ භාණ්ඩාගාරයෙන් ලබා දෙන ඔක්සිජන් වලින් තමයි පවත්වාගෙන යන්නේ. ශ්‍රි ජයවර්ධනපුර මහ රෝහල භාණ්ඩාගාරයෙන් මුදල් ලබා ගැනීමත් අත්හිටුවා තිබෙනවා. නෙවිල් ප්‍රනාන්දු රෝහල ද උසස් රෝහලක් බවට පත් කරනවා. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ නව කර්මාන්ත ශාලාව ලබන මාර්තු මාසයේ දී විවෘත කරනවා. එහිදී ඖෂධ නිෂ්පාදන ධාරීතාව බිලියන හතර දක්වා වැඩි වෙනවා”
– ප්‍රසන්න අධිකාරී
muge ships tika wikunala ganna salli walin da??
Ethakota Singapore, America yanna one wena ekak nedda? Eyi eekama karanna bari anith Hospital walatath? Eeka nemee ko PET Scan eka? Koti 20 leli gaawada?