නෙවිල් ප‍්‍රනාන්දු රෝහලට ප‍්‍රමිතියක් නැත්තේ වෛද්‍ය සභාවේ වරදින්..

August 1, 2017 at 8:02 am | lanka C news
නෙවිල් ප‍්‍රනාන්දු රෝහලට ප‍්‍රමිතියක් නැත්තේ වෛද්‍ය සභාවේ වරදින්..

ගාල්ල නව හෙද විද්‍යාලය ඉදිකිරිම සදහා මුල්ගල් තැබීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල මහමෝදර ප්‍රදේශයේ දී සිදු කෙරිනි. එහිදී වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය දෙසතියකින් ගැසට් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවැසීය. පස් මහල් ගොඩනැගිල්ලක් වන මෙහි පරිපාලන සංකීර්ණයකින් ද යුක්ත වෙයි. මෙි සදහා වැය කිරීමට යෝජිත මුදල රුපියල් මිලියන 555 කි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා “මෙම වසරේ දී කළුතර, ගාල්ල, මහනුවර සහ අනුරාධපුරය හෙද ව්ද්‍යාල රුපියල් මිලියන 2500 ක් වැය කරමින් සංවර්ධනය කරනවා. හෙද හෙදියන්ට උපාධි ලබාදීම සදහා ශ්‍රී ජයවර්ධනපුර රෝහල ආශ්‍රිතව හෙද පීඨයක් ආරම්භ කරනවා. එම හෙද පීඨය මගින් හෙද හෙදියන්ට ඉංග්‍රීසි භාෂා දැනුම ද ලබාදෙනවා. ලෝකයට අවශ්‍ය හෙද වෘත්තිකයින් අපි බිහි කළ යුතුයි. ලෝකය පිළිගන්නේ හෙද උපාධියයි. හෙද හෙදියන්ට උපාධිය ලබාදිමට සුදානම් වන ව්ට ඇතැම් වෛද්‍ය සංගම් ඊට ව්රුද්ධත්වය පළ කළා. ඔවුන් කටයුතු කළේ දුපත් මානසිකත්වයෙන්. දේශප්‍රේමිත්වයක් මතු කරමින් ඇතැම් අය කටයුතු කරනවා. ඇතැම් වෛද්‍ය සංගම් පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයට ව්රෝධය පළ කරනවා. නමුත් ව්දේශීය රටවල පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය ඉතා පුළුල්ව සිදු වෙනවා. අපේ ඇතැම් වෛද්‍යවරුන් ද විදේශීය අධ්‍යාපනය ලැබූ අයයි.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරන ව්ට ඒවා කඩාකප්පල් කිරීමට ඇතැමුන් උත්සාහ කරනවා. නමුත් රජය තීරණයක් ගෙන තිඛෙනවා සබරගමුව, වයඹ සහ මොරටුව යන විශ්ව ව්ද්‍යාලවලත් වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට. ඒ සදහා රත්නපුර මහ රෝහල ද සංවර්ධනය කරනවා. කුලියාපිටිය මුලික රෝහල ශික්ෂණ රෝහලක් බවට සංවර්ධනය කරනවා. නමුත් ඇතැම් අය පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයට ව්රුද්ධත්වය පළ කරනවා. එය මෝඩයන් සහ මෝඩයන් අතර සංවාදයක් ලෙස මම හදුන්වනවා. වෛද්‍ය අධ්‍යාපනයත් උසස් අධ්‍යාපනයත් දියුණූ කළ යුතුයි. වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය පිළිබදව නෙව්ල් ප්‍රනාන්දු රෝහල ආරම්භ කිරීමෙි දී ශ්‍රි ලංකා වෛද්‍ය සභාවෙන් ව්මසා තිඛෙනවා. නමුත් වෛද්‍ය සභාවේ සිටි සභාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ එවැනි අවම ප්‍රමිතියක් නොමැති බවයි. එවිට වරදකරු වන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවයි. නමුත් දැන් වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය ගැන සාකචිඡා කරනවා. සමහරු කෑ ගහනවා. 2006 වසරේ දී වෛද්‍ය සභාවේ වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය පිළිබදව කථා කරන ව්ට ලෝක වෛද්‍ය අධ්‍යාපන ප්‍රමිතිය සකස් කර තිබුනා. නමුත් ඒ බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව දැන සිටියේ නැහැ. වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය සකස් කළේ මම සෞඛ්‍ය අමාත්‍යධූරයට පත්වීමෙන් පසුවයි. නීති කෙටුම්පත් දෙපාර්තමෙින්තුවෙි ඇති වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය ඉදිරි සති 02 තුල ගැසට් මගින් ප්‍රකාශයට පත් කරනවා. වෛද්‍ය අධ්‍යාපනය හෑල්ලු කරන්න ඉඩ දෙන්නේ නැහැ.

රට පාලනය කිරිමෙි දී සිරිසඟබෝ ප්‍රතිපත්තිය අනුගමනය කිරීම වැරදියි. සිරිසඟබෝලා සිටියේ අතීතයේ යි. රජයක් විසින් ගන්නා සියළුම තීන්දු තීරණ වලට ඇතැමුන් ව්රෝධය පළ කරනවා. බලය ඛෙදාහැරීමෙදීත් එහෙමයි. බලය ඛෙදන්න එපා කියපු දේශප්‍රේමිීන් දකුණෙත් හිටියා. එම ප්‍රජාතන්ත්‍රවාදී ව්මුක්තිකාමින් බෝම්බ ගැසුවා. ජිව්ත හානි සිදු කළා. නමත් දැන් බලය ඛෙදාහැරිමට ඔවුනුත් කැමැතියි. නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය පෞද්ගලිකරණය කරන බවට රජයට චෝදනා කරනවා. එම චෝදනා කරන පුද්ගලයින් සිතන්නේ සයිටම් තමයි නිදහස් අධ්‍යාපනයේ කිරුළ කියලා. නමුත් වත්මන් රජය නිදහස් අධ්‍යාපන සහ සෞඛ්‍ය ආරක්ෂා කරනවා.”

– ප‍්‍රසන්න අධිකාරී

 

53 views

5 Comments to “නෙවිල් ප‍්‍රනාන්දු රෝහලට ප‍්‍රමිතියක් නැත්තේ වෛද්‍ය සභාවේ වරදින්..”

  1. gts says:

    Thota gedara yanna wena dawasa lagai rajitha ballo

  2. Boo says:

    ආ… එහෙනං කමක් නෑ , මං කලින් හිතාගෙන හිටියේ මහින්දගේ වරදින් කියල.

  3. bend to bend says:

    මෙවැනි අයට ප්‍රමිතියක් නැත්තේ ජනතාවගේ වරදින්??’

  4. ත්මුසෙය් බබාද?බොරු කර කර සඉටම් ගෑන කත කොරන්නෙ.රටෙය් වන දෙවල් කිසිත් නොදනා වගෙ.තොගෙ අම්මාට Hකලා යන බල්ලො ගෙනවත් දන්නෙ නෑතිව ඈති.

  5. dhathusena says:

    කටට ප්‍රමිතියක් නැත්තෙ කාගෙ වරදින්ද? පව් අහින්සක දෙමව්පියො….උන්දැලට මැරිලත් නිවනක් නෑ මේ වගෙ කාළකණ්නි බිහිකරාට…

Main News