නෙවිල් ප‍්‍රනාන්දු රෝහලෙන් අලුත් බැංකු ගිණුමක් ඇරියා.. අපි ඒකට සල්ලි දානවා..- සෞඛ්‍ය අමාත්‍යංශය

September 21, 2017 at 6:30 am | lanka C news
නෙවිල් ප‍්‍රනාන්දු රෝහලෙන් අලුත් බැංකු ගිණුමක් ඇරියා.. අපි ඒකට සල්ලි දානවා..- සෞඛ්‍ය අමාත්‍යංශය

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය යටතේ නව බැංකු ගිණුමක් ස්ථාපිත කර ඇති බවත්, අමාත්‍යාංශයෙන් ලබාදෙන මුදල් එම ගිණුමට බැර කර ඇති බවත්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

තවද මෙම රෝහල වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල නමින් පවත්වාගෙන යනු ලබන්නේ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා විසින් රජයට කරන ලද පරිත්‍යාගය ඇගයීම හේතුවෙන් මිස රෝහලෙහි අයිතිය ඔහු සතු නිසා නොවන බව එම නිවේදනයේ දැක්වෙයි.

– ප‍්‍රසන්න අධිකාරී

199 views
Main News