නෙවිල් ප්‍රනාන්දු රෝහල පවරා ගැනීමේ ගිනිසුමක් අත්සන් නොකල බව රාජිත පිලිගනී.. කැමැත්ත පල කල ලියවිල්ලක් විතරලු..
August 20, 2017 at 8:40 am | lanka C news
මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට බාරදීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව විසින් කෙටුම්පත් කරන විස්තරාත්මක ගිවිසුම අත්සන් කිරීමෙන් පසු එය පනතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
ඒ අනුව ශ්‍රි ජයවර්ධනපුර රෝහල ස්ථාපිත කිරීමේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත මෙන් පනතක් නෙවිල් ප්‍රනාන්දු රෝහල සදහා ද ඉදිරිපත් කිරිමට නියමිතය. අමාත්‍ය මණ්ඩලය විසින් ගන්නා ලද තීරණයක් අනුව නෙවිල් ප්‍රනාන්දු රෝහලේ කළමණාකරණය හා මෙහෙයුම් කටයුතු 2017 වසරේ අගෝස්තු මස 01 දා සිට ක්‍රියාත්මක වන ආකාරයට රජය විසින් බාර ගන්නා ලදි. මෙම රෝහලේ කළමණාකරණ කිරීමේ කටයුතු සදහා නව අධ්යක්ෂ මණ්ඩලයක් ද පත් කර ඇත.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත නව පනත සකස් කරන තුරු රෝහලේ කළමණාකාරීත්වය බාරගැනීම සදහා ත්‍රෛයිපාර්ශ්වීය අභිප්‍රාය පළ කිරීමේ පත්‍රිකාවක් සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍යාංශය, දකුණු ආසියානු තාක්ෂණික හා වෛද්‍ය ආයතනය සහ ලංකා බැංකුව අතර අත්සන් තැබුනි.
ඉහත දේපල සම්බන්ධ ත්රෛයිපාර්ශ්වය විසින් දැනට අත්සන් කර ඇති එම අභිප්‍රාය පළ කිරීමේ පත්‍රීකාව ඉක්මවා යන විස්තරාත්මක ගිවිසුමක් නීතිපති විසින් දැනට කෙටුම්පත් කරමින් පවති. නීතිපති විසින් කෙටුම්පත් කරමින් පවතින ගිවිසුම සකස් කර අවසන් වීමෙන් අනතුරුව අදාල විධිමත් ගිවිසුම අත්සන් කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටී.
තව ද වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය කෙටුම්පත් කිරීම ද මේ වන විට අවසන් කරමින් පවතී. නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව එය සකස් කිරීමෙන් අනතුරුව ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටි.
– ප්‍රසන්න අධිකාරී
NEVER BELIEVE A SINGLE WORD THIS MINISTER SAYS
HE STOLE PUBLIC FUNDS AND BOUGHT SHIPS
මූ ඇමති කෙනෙක් නෙවෙයි ලෝක බොරුකාරයෙක් කට ඇරියොත් කියන්නේ බොරුව .
දැන් ඊයේ පෙරේදා කිව්වා නේද ගිවිසුමක් තියෙනව කියල දැන් එහෙම එකෙක් නෑ කියල හෙළිවුණා නිසා
පිළිගන්න සිදුවෙලා තියෙනව ,නමුත් මූ ඔය අවබෝධතා ගිවිසුම අස්සන් කලාම රටට කිව්වේ ඔන්න නෙවිල් ෆෙරන්න්ඩෝ එක ජනසතු කළා කියල .
දැන් මේක තනි බොරුවක් පමණක් නෙවෙයි රාජ්‍ය මුදල් අවබාවිතාවක් වහාම මූ අත් අඩංගුවට ගත යුතුයි .
අනික වංචා විමර්ශනය කරන්න 13 වතාවක් නොගිය මිනිහෙක් මෙයා .අනුන්නට හොරා කියන්න පෙර තමුන්ගේ සුද්දවන්ත බාවය පෙන්නන්න ඔච්චර බය මොකද ?
Dan mokada wenas wela. Eda janadipathiwath andala saha rawattala, janathawath rawattala berihanduune givisumak athsan karai kiyalane. Givisumak nathuwa kohomada Nevilta laksha 2500 k masekata denne. Mewa janathawage salli. Uttara denna lahasthiwela innawa.
Sterling is a crime