නෙස්ලේ අලුත්ම නිෂ්පාදනය නීති විරෝධීයි… පාරිභෝගිකයිනි පරිස්සමෙන්..
May 29, 2018 at 10:40 pm | lanka C news
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.
නෙස්ලේ සමාගමේ අලුත්ම නිෂ්පාදනය නීති විරෝධීයි. පාරිභෝගිකයිනි පරිස්සමෙන්!
අංක: 440, ටී.බී ජයා මාවත යන ලිපිනයේ පිහිටා ඇති නෙස්ලේ සමාගම විසින් හදුන්වා දී ඇති සහ අලෙවි කරනු ලබන ‘’Nespray forty grow Milky bicuits’’නිෂ්පාදනය මෙරට වලංගු නීති උල්ලංඝණය කරමින් නිෂ්පාදනය හා අලෙවි කරමින් සිටින බැවින් ඒ පිලිබද විමසිල්ලෙන් සිටිනා ලෙස සමස්ත පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටිමු.
2005 ජනවාරි 19 වන දින නිකුත් කරන ලද අංක 1376/9 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය අමු අමුවේ උල්ලංඝණය කර ඇති නෙස්ලේ සමාගම අදාල නිෂ්පාදනය කොළඹ අවට පාසැල් සදහා නොමිලේ බෙදාහරිමින් සිටීන්නේ දූෂිත දේශපාලකයින්ගේ හයිය ඔවුනට ඇති නිසාද? යන්න අපි ප්‍රශ්ණ කරමු.
ඕනෑම නිෂ්පාදනයක ප්‍රධාන නාමය භාෂා දෙකකින් සදහන් වියයුතුය. මෙම නිෂ්පාදනයේ භාෂා දෙකෙන්ම සදහන්වන්නේ ‘’Flavoured Milk’’ ‘’ රස කල කිරි’’ යන්නයි. එහෙත් රස කර ඇත්තේ කුමකින්ද යන්න සදහන්කර නැත. අසුරනයේ ඇති අඩංගු ද්‍රව්‍ය ලයිස්තුවේ ‘’රසකර කිරි යන්න’’ කුමක්දැයි සදහන් කර නැත.
ඒ අනුව 2005 ජනවාරි 19 වන දින නිකුත් කරන ලද අංක 1376/9 දරණ අතිවිශේෂ ගැසට්පත්‍රයේ 7 (1) වගන්තිය අමු අමුවේ උල්ලංඝනය කරයි.
තවද පෝෂණ තොරතුරු ඇතුලත් ලේබලය ඇසුරුමේ අලවා ඇත්තේ තවත් ලේබලයක් උඩිනි. එසේ ඇලවීමට නම් අහාර උපදේශක කමිටුවේ අවසරය ලබා ගතයුතුය.
පෝෂණ තොරතුරු ඇතුලත් ලේබලයේ රූපමය සංකේත භාවිතා කල හැක්කේ නිසි අවසරයක් ලබා ගැනීමෙන් පසු පමණි.
මීට පෙර අදාල සමාගම නිෂ්පාදනය කරන නෙස්ටී පානයේ සේදුම් කාරකයක් වන Tri sodium phosphate (E319) අඩංගු බවද නෙස්ටමෝල්ට් පානය කල හැක්කේ දිනකට කෝප්ප 3 ක් බව සදහන් කර ඇත්තේ ලේබලයේ කුඩාවට බවද අප සංවිධානය සදහන් කර ඇත. එපමණක් නොව ජනාධිපතිවරයාද එම සමාගමේ නිෂ්පාදනයක් වන MILO පානයේ අධිකව සීනි අඩංගු බව සදහන් කරමින් එයට විරෝධය පළකරමින් රටවටා MILO පැකට් ප්‍රදර්ශණය කරමින් යනු ලබයි.
රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය
මෙම සංවිධානයට මෙවැනි නමක් භාවිතා කිරිමට නිත්‍යානුකූල අයිතියක් නැත..මෙය එක් සමිතියක් බවත් ජාතික සංවිධානයක් නොවේ..ජනතාව නොමග යැවීමේ මාධ්‍ය නිවේදන නිකුත්කිරීම පමනක් සිදුකරයි..
How much did Nestle pay you to be their bitch
අනේ ගොනෝ, නම නෙමෙයි කියන දේ බලපන්. තෝ නෙස්ලේ එකේ නේද?
මෙය මුදල් ගෙවා ප්‍රචාරණය කරන ලද්දකි !
ජාත්‍යන්තර මට්ටමේ ආහාර නිෂ්පාදන සමාගමක් වන නෙස්ලේ සමාගම අයුතු වෙළඳාමක නිරත වී ඇති බව චෝදනා කරමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන බව ඉන්දීය ආණ්ඩුවේ නිලධාරියෙක් කියා සිටියේය.
නෙස්ලේ සමාගම ජුනි මාසයේ දී මැගී ක්ෂණික නුඩ්ල්ස් ඉන්දීය වෙළෙඳ පලින් ඉවත් කර ගත් නමුත් මෙම නුඩ්ල්ස් මනුෂ්‍ය ආහාරයට සුදුසු නැති බවට නැගෙන චෝදනා ප්‍රතික්ෂේප කළේය.
Dikkumbura tries to serve his butt for Nestle