නෙළුම් කුළුණේ ලොක්කා ලෙස හිටපු හමුදා ලොක්කෙක් පත් කරයි..

February 15, 2020 at 8:02 am | lanka C news
නෙළුම් කුළුණේ ලොක්කා ලෙස හිටපු හමුදා ලොක්කෙක් පත් කරයි..

නෙළුම් කුලුණේ නව කළමනාකරණ ප්‍රධානියා ලෙස විශ්‍රාමික මේජර් ජනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා (14) වැඩ භාරගත්තේය.

ශ්‍රී ලංකා යුද හමුදාවේ වසර 35ක සේවා කාලයකින් අනතුරුව ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස ද කටයුතු කළ සමරසිංහ මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

ඔහු නෙළුම් කුලුණ ව්‍යාපෘතිය ආරම්භ වූ දා සිට ව්‍යාපෘති සම්බන්ධීකාරකවරයෙකු ලෙස සේවය කළේය.

ඔහු වැඩ භාර ගැනීමේ අවස්ථාවට ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

– media unit

137 views

5 Comments to “නෙළුම් කුළුණේ ලොක්කා ලෙස හිටපු හමුදා ලොක්කෙක් පත් කරයි..”

  1. Saman says:

    විකාර

    • Sumeeda says:

      ජනාදිපති තුමනි ඒක ලොකු දෙයක්. නැත්නම් ඔය වාසියට කඩේ යන කලා කාරයෝ කියන හැත්ත ඕකේ බාල් නටන්ඩ ගන්නවා. හැකිතරම් මුල් පුටුවලට විනය ගරුක හමුදා නිලධාරීන්ම පත් කරන්න.

    • podieka says:

      pahugiya avurudu 41/2 ganada kiyanne?

  2. Ratnamalala says:

    උදාසීනව වැඩකරගෙන ගොස් වැඩ නිමවන්නටත්පෙර දේසපාලන බොරු සොභානයට විවුර්ත කළ නෙලුම් කුළුනෙන් රටට ඉක්මනින් සේවය සැලසීමට නව ප්‍රධානිතුමාට ඉක්මනින්ම ඉඩ සැලසේවා.

  3. LION says:

    හමුදාව කියන්නේ ඕනෙම අවස්ථාවක මුහුණ දෙන්න පුලුවන් හෙළ පුතුන් ඔබට ජය

Main News