‘නෙළුම් පොකුණු හැදුවේ චන්ද්‍රිකා..මහින්ද නම ගහගත්තා’ – ඉවසුවා ඉවරයි.. තවත් රහස් හෙලි කරයි.. ජනපතිගෙන් මහින්දට දරුණු ප‍්‍රහාරයක්..

October 4, 2016 at 12:01 am | lanka C news
‘නෙළුම් පොකුණු හැදුවේ චන්ද්‍රිකා..මහින්ද නම ගහගත්තා’ – ඉවසුවා ඉවරයි.. තවත් රහස් හෙලි කරයි.. ජනපතිගෙන් මහින්දට දරුණු ප‍්‍රහාරයක්..

කොළඹ නෙළුම් පොකුණ රගහල ඉදිකිරීම ආරම්භ කලේ හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග වුවත් මහින්ද රාජපක්‍ෂ මහතා ජනපති වූ පසු ඔහුගේ නම ගසා ගත් බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ලෝක ජනාවාස දිනය වෙනුවෙන් පොලොන්නරුවේ පැවති උත්සවය අමතමින් ඔහු කියා සිටියේ කලින් සිටි රාජ්‍ය  නායකයින් ආරම්භ කළ ව්‍යාපෘතිවල සමරු ඵලකයන් ගලවා තමන්ගේ නම ඇතුළත් කිරීම තම ප‍්‍රතිපත්තිය නොවන බවයි.

ආණ්ඩුව කිසිම අගුත් දෙයක් නොකරන්නේ යයි කරන චෝදනාවලට වසරක් පමණ පිළිතුරු නොදී සිටි තමන් ඊට දැන් පිලිතුරු දීමට තීරණය කලේ යයිද ඔහු එහිදී කියා සිටියේය.

නව රජය විවෘත කරමින් සිටින්නේ ගිය රජය විසින් ආරම්භ කර මග නැවතුනු ව්‍යාපෘතිවලට මුදල් වෙන් කර ඒවා සම්පුර්ණ කිරීමෙන් පසුව බවද ඔහු කීවේය.

444 views
Main News