නෙළුම් පොහොට්ටුව ශ‍්‍රී ලංකාවේ සලකුණ වෙයි.. නෙළුම් කුළුණ විවෘත කෙරේ…

September 16, 2019 at 5:30 pm | lanka C news
නෙළුම් පොහොට්ටුව ශ‍්‍රී ලංකාවේ සලකුණ වෙයි.. නෙළුම් කුළුණ විවෘත කෙරේ…

නෙළුම් කුළුණ දකුණු ආසියාවේ ඇති උසම සන්නිවේදන කුළුණ අද විවෘත විය.

මේ සදහා වූ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර ඒ සදහා සියළු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්දට ආරාධනා කර ඇත.

මෙහි ඉදිකිරීම් 2012 වසරේදී ආරම්භ කරන ලද්දේ ඩොලර් මිලියන 104.3ක් වූ වියදම චීන එක්සිම් බැංකුවේ ණය මුදලක් හා විදුලි සංදේශ නියාමන කොමිසමේ මුදල් ආයෝජනයෙනි.

උස මීටර් 356ක් වන මෙම කුළුනේ ලෝකයේ මුල් වතාවට කුළුණක් මත කැරකෙන අවන්හලක්ද ඉදිකර ඇත.

මෙහි සිට ශ‍්‍රී පාදස්ථානය පවා දැක ගත හැකිය.

134 views

33 Comments to “නෙළුම් පොහොට්ටුව ශ‍්‍රී ලංකාවේ සලකුණ වෙයි.. නෙළුම් කුළුණ විවෘත කෙරේ…”

  1. tomy says:

    උඹලානම් මහා කුහක මිනිස්සු .
    යහ පාලනයෙන් හදලා විවුර්ත කරපු දේවල් කියන්නද ?

    පාර පනින කහ ඉරවල් සුදුපාට කරලා පාර පනින කොට ඔබන බොත්තමක් විවුර්ත කළා
    කුරුණෑගල ඉස්පිරිතාලේ කක්කුස්සි 2 කට දොරවල් 2 ක් හැදුවා

    ඔය ටිකම මදිද ???

  2. Chinthaka Deshapriya says:

    නෙළුම් කුළුණ යනු නිකන්ම නිකන් කොංක්‍රීට් කුළුනක් නොවේ.

    ලංකාවේ සියළු දුරකථන සමාගම් වල තැන තැන ඉදි කර ඇති සන්නිවේදන කුළුණු සියල්ල ඉවත් කර ඒවායින් සැලසූ සියළු සේවා එක් කුළුණකින් සිදු වන නිසා තැන තැන කුළුණු ඉදි කළ ඉඩම්, වෙනත් ප්‍රයෝජනවත් කාර්යයන්ට භාවිතා කළ හැකි වීම.

    මේ සඳහා විශාල ගාස්තුවක අය කරන බැවින්, මෙය රජයේ බදු නොවන ආදායම් වැඩි කරන කුළුනක්ද වේ.

    සියළු රූපවාහිනී හා ගුවන්විදුළි නාලිකාවන්හි සම්ප්‍රේෂණ කාර්යයන්ද මෙමගින් ලබා දෙන අතර, ඒ සඳහාද ගාස්තු අය කෙරේ.

    අවන්හල් කිහිපයක් මේ තුළ ඉදි කර ඇති බැවින්, මෙය සංචාරක පැමිණීම සැලකියයුතු ලෙස වර්ධනය කරන සාධකයකි. කෙසේ වෙතත් මේ සඳහා පාස්කු ප්‍රහාරය වැනිදේ වැළැක්විය හැකි පාළකයන් පත් කර ගැනීමට මෙරට ජනතාවට මොළයක් තිබිය යුතුය.

    ලොව බොහෝ රටවල් වලට ජාතික සංකේතයන් ඇත. සංගප්පූරුවේ ඇති සිංහ රූපය, ඇමරිකාවේ ලිබර්ටි ප්‍රතිමාව, ප්‍රංශයේ අයිෆල් කුළුණ වැනි දේ උදාහරණ වේ. මෙම කුළුනේ අනෙක් වැදගත් කාරණය නම්, ලංකාවට එවැනි ජාතික සංකේතයක් හඳුන්වා දීමය.

    මෙය කොංක්‍රීට් කම්බි කණුවක් නොව, බහුකාර්යය කුළුනකි. භූමි කම්පාවකට පවා ඔරොත්තු දෙන පරිදි සිදු කළ ඉදිකිරීමකි. මෙම කුළුන ඉදි කිරීමේ දී, මෙරට ඉංජිනේරු වරුන්ට මෙවැනි ඉදිකිරීම් පිළිබඳව කිසිදා නොලැබෙන අත්දැකීමක් ලැබුනේය. එයද ආයෝජනයකි.

    ලොව උසින් වැඩිම ඉදිකිරීම් අතර 19 වන ස්ථානය මෙම කුළුණ වේ. දකුණු ආසියාවේ උසම ඉදිකිරීම වේ.

    මෙම කුළුනට බනින බොහෝ දෙනා, මෙය ණය ලබා ගෙන නිර්මාණය කළ වැඩකට නැති දෙයක් යැයි කියන්නේ නොදන්නාකම නිසා නොව, කුහක කම නිසාය.

    බනින අයත් මේ ගැන හිත යටින් සතුටු වෙති. එසේම ආඩම්බර වෙති. කුහක කමට බනිති.

    කොයි හැටි වෙතත් මේ විවෘත වූයේ මහින්දගේ පක්ෂයේ සංකේතයද වේ. මහින්දගේ පක්ෂය පිහිටා ඇත්තේ නෙළුම් මාවතේය. පක්ෂ සංකේතය නෙළුම් පොහොට්ටුවය.

    කවුරු කවුරුත් රෙද්දක් ඇඳන් හෝ නොමැතිව ගිහින් විවෘත කලේ එවැනි සංකේතයක් ය.

    පිණට විවෘත කළ ඇතැමුන්, විවෘත කිරීමට ගොස් කරන කතාවේ දීද කළ ගුණ නොසලකා, කරපු අයට බනින්නේද ඒ කුහක කම නිසාමය.

    තවමත් වැඩ නිම කර නොමැති නෙළුම් කුළුන හදිසියේ විවෘත කරන ලද්දේ මහින්ද තවත් මාස කිහිපයකින් නැවත බලයට පැමිණි විට ඔහු එය විවෘත කිරීම වැළැක්වීම සඳහාය. මෙරට දේශපාලනය ඒ තරමට කුහක ය.

    • podi eka says:

      Very well said uncle. Appreciate your comments. Bow my head. I wish people have wisdom to understand the truth

  3. Ratawesiya says:

    This is good, appreciatable but priorities should have been given to the most required 1000 things spending
    US $ 104.3 million to eradicate poverty, houses to needy people, industries to solve unemployment problem, improvement of rural school and hospitals………

  4. lajja says:

    palhali boru pacha samaga lajja nathiwa opan kalaneda.

  5. Hitan hutan says:

    Ape Sirisena janadhipathi thuma taram me rate krushikarmeat vada karapu kisima janadhipathi kenek lankawe hitiye ne.

    Mokada meya tharam katin bathala kola hitawapu ekek lokema ne hitan.

  6. charles says:

    My3 has a born ability. That is lying. If you look at last five years . So people do not care what ever he says. He is a looser.

Main News