ජනාධිපතිවරණයට එන්න මට ඕනෑතරම් සුදුසුකම් තිබෙනවා.. මහින්දගේ ආශිර්වාදය ලැබුනොත් මං සූදානම්.. – ගෝටා කියයි…

October 11, 2016 at 12:01 am | lanka C news
ජනාධිපතිවරණයට එන්න මට  ඕනෑතරම් සුදුසුකම් තිබෙනවා.. මහින්දගේ ආශිර්වාදය ලැබුනොත් මං සූදානම්.. – ගෝටා කියයි…

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයකදී ජනාධිපතිවරණ අපේක්‍ෂකයෙකු ලෙස තරග වැදීම සදහා තමනට  ඕනෑවටත් වඩා සුදුසුකම් ඇතැයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා පවසයි.

තමන් ජනාධිපතිවරණයකට තරග වැදීමට තවමත් අවසන් තීරණයකට එළැඹ නැති නමුත් ඉදිරියේදී  ඕනෑම ආකාරයකට රටට සේවය කිරීමට සූදානම් යයිද ඔහු කියා සිටී.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට තවත් ජනාධිපතිවරණවයට තරග වැදීමට ව්‍යවස්ථාවෙන් ඉඩක් නොමැති නිසා අලූත් මුහුණක් ගැන ජනතාව තුල බලාපොරොත්තුවක් තිබිය හැකි යයිද හිටපු ආරක්‍ෂක ලේකම්වරයා පෙන්වා දෙයි.

යම් හෙයකින් තමන් ඉදිරි ජනාධිපතිවරණයකට ඉදිරිපත් වුවහොත් මහින්ද රාජපක්‍ෂ මහතාගේ පූර්ණ ආශීර්වාදය තමනට ලැබෙනු ඇති බවත් එම ආශීර්වාදය නොලැබෙන්නේ නම් ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමට බලාපොරොත්තුවක් නැති බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

39 views

48 Comments to “ජනාධිපතිවරණයට එන්න මට ඕනෑතරම් සුදුසුකම් තිබෙනවා.. මහින්දගේ ආශිර්වාදය ලැබුනොත් මං සූදානම්.. – ගෝටා කියයි…”

  1. DIGA JANTHU says:

    Srilanka matawa wenuwen sebe virayek bawa kriyawen pennu obata wada sudusseku wenath netha

  2. nisha says:

    අහන්න ලැබුණු සුභම ආරංචිය. ගෝටාභය මැතිඳුනි අපේ මවුබිමට ඔබ වාසනාවන්!

  3. sanath says:

    ඔහු පරාජය වෙනවා. දෙමල, මුස්ලිම් චන්ද ලබෙන්නෙ නෑ.

    • Champa says:

      අනිවාර්යයෙන්ම මුස්ලිම්, දෙමල ලැබෙනවා. සිංහල, දෙමල, මුස්ලිම් ජාතීන් තුනම එකට එකතු කරන්න පුළුවන් ලංකාවේ ඉන්න එකම නායකයා ගෝඨාභය.

      පාට පක්ෂ භේද නැතුව ලංකාව පුරාම ඉන්න හැම සිංහලයම එකට එකතු වෙනවා ගෝඨාභය වෙනුවෙන්. එදාට දෙමල, මුස්ලිම් මිනිස්සුත් එකතු වෙනවා.

      මහින්දට ඉන්න ලක්ෂ 58 වගේම, යහපාලනයට චන්දෙ දීපු තව ලක්ෂ 50ක් විතර අද ස්වාධීන වෙලා ඉන්නවා. චන්දෙකදී ඒ හැමෝගෙම එකම තේරීම වෙන්නේ ගෝඨාභය. ලංකාවෙන් සියයට 15.2ක් ඉන්නේ සිංහලයෝ. ඉස්සරහට එන හැම චන්දෙකදිම මීට පස්සේ සිංහල මිනිස්සු බහුතරය චන්දෙ දෙන්නේ රට ගැන හිතලා.

      • DIGA JANTHU says:

        KATAWA HARIYATA HARI

      • nisha says:

        චම්පා
        එත් දැන් මුන් කරන්න යන්නේ ඉන්දියාවේ ඉන්න ශ්‍රී ලාංකික සරණාගතයෝ කියලා තොග පිටින් මෙහෙ ගෙනත් උතුරේ පදිංචි කරවල පුරවැසිභාවයත් දීල ඒ චන්ද වලින් මුන් සැමදා රජකරන්න. ඒක තමයි එකම අභිප්‍රාය. එහෙම වුනොත් සිංහලයට යන කල මොකක්ද? විමල් වීරවංස මැතිතුමන් පුදුම වීරියක් ගන්නේ මේ වෙන්න යන විනාසය ගැන මහජනතාවට අවබෝධ කරවන්න. ඒ ගැන ඔබේ අදහස කුමක්ක්ද?

        • Champa says:

          nisha

          ඔබ කියන කතාවට.එකඟයි.

          විමල් වීරවංශ මන්ත්‍රීතුමා තරම් රට ජාතිය වෙනුවෙන් වෙහෙසෙන දේශපාලන නායකයෙක් අපේ ඉතිහාසයටම ඉඳල නැහැ. ඉදිරියේ කවදාවත් ඒ වගේ කෙනෙක් බිහි වෙන්නෙත් නැහැ.

          එට්කා ගැන විරෝධය දක්වන්න මම දැනටම යෝජනාවක් කරලා තියෙනවා (විමල්ගේ රත්නපුරේ කතාව කරපු ප්‍රවෘත්තියේ. විමල්ගේ වෙන අදහසක් තියෙනවාද කියලා කියන්න මම හරියටම දන්නේ නැහැ ).

          එට්කා යට ඉන්දියන් කාරයන්ට පුරවැසි භාවය දෙනවට වඩා භයානක දේවල් සැඟවිලා තියෙනවා. ආණ්ඩුව අනිවාර්යයෙන්ම මේක අත ඇරලා දාන්න ඕනේ.

          මම යෝජනා කරන්නේ එට්කා එකට විරුද්ධව විතරක් (වෙන ඒවා පටලවා ගන්නේ නැතුව) මාතර ඉඳන් කොලොඹට පාද යාත්‍රාවක්. අපි ආපහු යන්නේ නැහැ, ආණ්ඩුව එට්කා ගිවිසුම සදහටම ඉවත් කර ගන්නවා කියලා කියන කම්.

          එට්කා එකට විරුද්ධව මුළු රටම එක හඬින් ආණ්ඩුවට විරෝධය පල කරන්න ඕනේ. ආණ්ඩුවට තියෙන්නේ තව අවුරුදු 3යි. ඒ ටිකට මේක ඉන්දියන් කොලනියක් කරන්න ඉඩ දෙන්න පුලුවන්ද? උම්මත්තකයෝ රැලකට අපේ රට ඉන්දියාවේ වහලෙක් කරන්න අපි කීයටවත් ඉඩ දෙන්නේ නැහැ.

          • nisha says:

            චම්පා, බොහෝම ස්තුත්යි. අපේ ලක්මව වැටී ඇති විපතින් බේරගන්න ඔබවැනි දේශප්‍රේමීන් තව තවත් බිහිවේවා!

      • Champa says:

        Correction:

        ලංකාවෙ ජනගහනයෙන් “මිලියන 15.2ක්” ඉන්නේ සිංහලයෝ. “සියයට” 15.2ක් නෙමෙයි.

  4. EXCELLENT NEWS…………HON GOTABAYA RAJAPAKSHA PLEASE COME & SAVE OUR MOTHERLAND…….JAYA WEWA!!!!!!!!!

  5. shani says:

    Manasikawa rajapakshala hithanawa ema aya rajapawulak kiyala, lankawe chanda dayakayo modayo nowe. Minimaruwek nawatha rata palanayata sudussek nove.

    • Champa says:

      shani

      Quote: “…Minimaruwek nawatha rata palanayata sudussek nove…”

      කවුද මිනීමරුවා? මැරුවේ කාවද? ඇයි තරුණයෝ 60,000ක් මරපු මිනීමරුවා ගැන කතා කරන්නේ නැත්තේ? බයටද?

  6. Mohana Prabath says:

    Gotabaya, umba avith apiwa SUDU VAN walin ussala marala dapiya. Dirty murderer Gotaba, You better come to power, abduct us in WHITE VANS and kill us.

Main News