නොදන්නා Artificial Intelligence නිසා තවත් හත් පොලේ ගාගනී.. උගතුන් ගොනාට ඇන්දුවේ යයි චෝදනා..

October 13, 2019 at 10:00 am | lanka C news
නොදන්නා Artificial Intelligence නිසා තවත් හත් පොලේ ගාගනී.. උගතුන් ගොනාට ඇන්දුවේ යයි චෝදනා..

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

උගත් බුද්ධිමත් තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ට Artificial Intelligence Management Dashboard පිළිබද විස්තර ඉදිරිපත් කිරීමට VFX ප්‍රයෝග අවශ්‍ය නැහැ.

අමාත්‍යවරයෙකු වන පාඨලී චම්පික මහතාගේ සංකල්පයක් ලෙස “Mega Minds” නම් ඉදිරි ජනාධිපතිවරණය අළලා ක්‍රියාත්මක වන වැඩසටහනක උගත් බුද්ධිමත් තාක්ෂණ වෘත්තීයවේදීන් පිරිසකට ආරාධනය කොට ඔවුන් ඉදිරියේ ඉදිරි අනාගතයේදී පොදු මහජනයාගේ ගැටළු විසදීමට Artificial Intelligence Management Dashboard නම් කෘතීම බුද්ධි පරිගණක වැඩසටහනක් යොදාගන්නා බව පවසමින් එම උගත් බුද්ධිමත් වෘත්තීයවේදීන් සහ වෙනත් ඉහල නිලධාරින් ඉදිරියේ Adobe After Effects වැනි වීඩියෝපටවලට දෘශ්‍ය ප්‍රයෝග එක්කිරීමට යොදාගන්නා මෘදුකාංග සහ ඒ සදහා භාවිතා කරන අන්තර්ජාලයේ මිලදී ගැනීමට තිබෙන සංරචක භාවිතාකොට නිර්මාණය කරන ලද යම් යම් දත්ත කිහිපයක් ප්‍රදර්ශනය වන VFX වීඩියෝ පටයක් සහ තිරය පිටුපස සිට රොබෝවරයෙකු ආකාරයෙන් කතාකරන පුද්ගලයාගෙන් පෙනී යන්නේ එම වැඩසටහනට සහභාගී වූ උගත් බුද්ධිමත් යැයි සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ මෙහෙයුම් පිලිබදව වගකීම් දරණ දනුෂ්ක රාමනායක මහතා විසින් හදුන්වාදෙන ලබන පිරිසෙහි කිසිදු උගත් බුද්ධිමත් භාවයක් නොමැති බවයි.

නැතහොත් එය ඉදිරිපත් කිරීමට කටයුතු කල දේශපාලකයන් Artificial Intelligence නොහොත් කෘතීම බුද්ධි තාක්ෂණය පිලිබදව හෝ වෙනත් තාක්ෂණයන් පිලිබදව මනා දැනුමක් නොමැති පුද්ගලයන් බව දනුෂ්ක රාමනායක මහතා විසින් දිරිපත් කර තිබෙන ප්‍රකාශය අනුව පෙනී යයි.

උගත් බුද්ධිමත් වෘත්තීයවේදීන් හා උසස් නිලධාරින් හට ජනතා ගැටළු විසදීමට Artificial Intelligence තාක්ෂණය භාවිතා කිරීමට කටයුතු කරනවා යැයි පෙන්වාදීමට VFX ප්‍රයෝග ප්‍රදර්ශනය කිරීමට හෝ සැබෑ Artificial Intelligence Management Dasboad වැඩසටහනක් නිර්මාණය කොට ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන අතර එසේ සිදුකිරීමට බලාපොරොත්තු වනවා යන්න ප්‍රතිපත්ති ප්‍රකාශනයක් මගින් එලි දැක්වීම හෝ එම පැමිණ සිටි පිරිස ආමන්ත්‍රණය කිරීමේදී Artificial Intelligence තාක්ෂණය භාවිතා කිරීමට කටයුතු කරන බව පැවසීම ප්‍රමාණවත් බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වශයෙන් දැනුම් දීමට කැමති අතර. මෙලෙස ජනතාව තොරතුරු තාක්ෂණ විෂය නොදන්නා පිරිසක් සේ සලකා ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයින් හෝ එම අපේක්ෂකයන්ගේ මැතිවරණ කටයුතු මෙහෙයවන පුද්ගලයන් ක්‍රියාකිරීම අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස තරයේ හෙලා දකිමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

30,226 Viewers

14 Comments to “නොදන්නා Artificial Intelligence නිසා තවත් හත් පොලේ ගාගනී.. උගතුන් ගොනාට ඇන්දුවේ යයි චෝදනා..”

  1. sl says:

    උසනම් සෙකියුරිටි කොටනම් කම්කරු එඅත් AI තමයි

  2. Hath pole Gagath Sajith says:

    SAJITH HAS ALRADY PROVED THAT HE IS INCAPABLE AND NOT ORGANIZED AS A LEADER.

  3. rohitha says:

    ඕකට කියන්නේ ඉරිසියාව කියල. සජිත් මහත්තය එංගලන්තෙන් උපාදියක් ගත්තේ අත උස්සල නෙවෙයි. කොහොමද ඉංග්‍රීසියෙන් කතා කරන අපුරුව.

    • 77 UNP says:

      සජිත් එංගලන්ත විශ්වවිද්‍යාලයකින් අධ්‍යනය කර උපාධියක් ලබාගෙන නැති බව සමකාලීනයෝ කියනවා. සජිත්ට තමුන්ට ඉහලම සුදුසුකම් තියන පුරාවිද්‍යා විෂය පිළිබඳව PhD උපාධියක් ලබාගන්න තිබුණා, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා මහාචාර්ය දඹර අමිල තුමාගෙන්. එතකොට එතුමා ජනාධිපතිවුනම අපට පුළුවන් “ශ්‍රීමත් ජනාධිපති මහාචාර්ය සජිත් ප්‍රේමදාස උත්මාණන්” කියලා අමතන්න. ආතල් නේද?

    • සදාලෝකපූජිත says:

      එංගලන්ත යේ කක්කුස්සි හෝදන එකත් කතාකරන්නේ ඉංග්‍රීසි. උඹ දන්නවද ඒක.

      • rohitha says:

        අනේ පලයන් යන්න. අපිත් සුද්දෝ එක්ක වැඩ කරලා තියෙනවා. එත් හැම සුද්දටම හොදට ඉංග්‍රීසි බැ. දන්නේ නැති දේවල් නොකිය ඉන්න එක තමයි හොද.

  4. Aurora says:

    ගෝඨාභය රාජපක්‍ෂ මහතා තම දේශනයකදී සිය වැඩපිළිවෙල පැහැදිලි කරන විට පරිගණක තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය යොදාගැනීම පිළිබඳව සඳහන් කලා. පරිගණක තාක්ෂණය පිලිබඳ කොළඹ විශ්වවිද්‍යාලයේ MSc උපාධිධාරියෙක් වන ගෝඨාභය රාජපක්‍ෂ මහතා හට ඒ පිළිබඳව පැහැදිලි මතයක් සහ වැඩපිළිවෙලක් වේදිකාවේ ප්‍රකාශ කල හැකිය. නමුත් O/L අසමත් එංගලන්තයේ පිනා උපාධි සහතිකයක් පමණක් ඇති උපන්ගෙයි මෝඩයකු වන කට වාචාලකම සහ පියතුමා විසින් ගොඩගැසූ මහා ධනස්කන්ධයක් පමණක් හිමි සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කරන කෘත්‍රිම බුද්ධිය විශ්වාස කරන්නේ ඔහු වැනිම UNP මොට්ටයෝ පමණකි.

  5. Osmand says:

    කොහෙද යකෝ මේ මෝඩ මන්ද බුද්ධිකයා ඉංග්‍රීසියෙන් කථාකරන්නෙ. බූරුවා.

  6. Saradiel says:

    කොහෙද යන්නේ මල්ලේ පොල් වගේ මෝඩ කතා නුගත් කථා

  7. sunimal says:

    හිටපු ගමන් නිදිමරගාතේ ‘කොහෙද යන්නේ මල්ලේ පොල්’ කතා කියන අය ඉන්නවා…

  8. Gemini says:

    He bought that video clip from videohive. There are a bunch of MP4 video clips that anyone can buy for less than USD $50.00 and make few changes to show a video presentation. People who watch this from the audience thinks WOW this guy has the knowledge of creating AI Video Dashboards. Fact is these clips are available for anyone to buy. UNP thinks that they can fool people easily.

  9. Love nature says:

    මහදැනමුත්තා නැවත කරළියට!

  10. David Milli-banda says:

    Sajith only capable of speaking to the gallery……………
    A bunch of Politicians around him are putting Sajith in trouble by getting him to speak on subjects he does not know.
    Artificial Intelligence AI is a serious and an indepth subject. China is the biggest investor on AI research.
    You can not buy that like buying “Kos Ata” from the pola.
    Sajith is cluelss of intricacies of AI.
    On the other hand Gota has exposure and introduced computerised programs when he was secy Defence.

  11. yakune arttificial intelligence warga 09 etha. Haward Gardnerge ” Frames of mind “potha balapalla

Main News