‘නොපෙනෙන මානයේ’ සියල්ල පෙනෙනවා සේ රගන පඬියන්ට චන්න ජයසුමනගෙන් ශක්තිමත් දැඩි ප‍්‍රහාරයක්..

November 17, 2016 at 1:05 am | lanka C news
‘නොපෙනෙන මානයේ’ සියල්ල පෙනෙනවා සේ රගන පඬියන්ට චන්න ජයසුමනගෙන් ශක්තිමත් දැඩි ප‍්‍රහාරයක්..

දෙවියෝ සහ අණ්ඩපාලයෝ…

දෙරණ රුපවාහිනියේ “නොපෙනෙන මානය” වැඩසටහනට සහභාගී වීමි. එහිදී සාකච්ජා වූයේ දෙවියන්ගේ පැවැත්ම පිළිබඳවයි. මෙම වැඩසටහනට සහභාගී වු අනෙක් අය නම් පැපිලියාන සුනේත්‍රා දේවී පිරිවෙන්වාසී චන්දිම ස්වාමීන් වහන්සේ, ඉන්දික තොටවත්ත මහතා, මනෝ චිකිත්සකයකු ලෙස හඳුන්වන විද්‍යාකුලපති නම් මහතා, කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ජනසන්නිවේදන අංශයේ ආචාර්ය ටියුඩර් වීරසිංහ මහතා සහ මහනුවර මහ රෝහලේ ලේ බැංකුවේ සේවයේ නියුතු වෛද්‍ය නිලධාරී මහතකු වන ජනක ජයසුරිය ය.

මේ වැඩසටහන පවත්වාගෙන යන බව පැවසෙන්නේ දෙවියන්ගේ, යකුන්ගේ නාමයෙන් සිදු කරන හොර තක්කඩි වැඩ රටට හෙළි කිරීම, මිත්‍යාව හෙළි කිරීම වැනි කරුණු අරභයා ය. එවැනි පුද්ගලයන්ට අභියෝග කිරීමෙන් ආචාර්ය ටියුඩර් වීරසිංහ සහ ජනක ජයසුරිය වෛද්‍යවරයා වීරයන් සේ රට හමුවේ ඉදිරිපත් කර තිබුණි. දෙවියන්ගේ නාමයෙන් හොර වැඩ කරන මුදල් ගරන අය ඕන තරම් සිටිනවා ඇත. ඔවුන් රටට හෙළි කල යුතුය. එහි කිසිදු වරදක් නැත. එමෙන්ම බටහිර වෙදකමේ නාමයෙන් හොර වැඩ කරන, මුදල් ගරන අය ද ඕනෑ තරම් සිටිති. ඔවුන් ගැනද රටට හෙළි කල යුතුය. ඒ සදහා ආචාර්ය ටියුඩර් වීරසිංහට සහ වෛද්‍ය ජනක ජයසුරියට වැඩ පිළිවෙලක් තිබෙනවාදැයි මම නොදනිමි.

මේ දෙදෙනාම උග්‍ර භෞතික වාදීන්ය; ඔවුන්ට අනුව දෙවියන් යනු මනසේ මවා ගත් විකාර සිතුවිල්ලක් පමණි. රුසියාවේ විශ්ව විද්‍යාලයකින් පශ්චාත් උපාධි ලබා ගත් මාක්ස්වාදියකු වන ආචාර්ය වීරසිංහ මෙන්ම නුවර ලේ බැංකුවේ සේවය කරන වෛද්‍යවරයා ද දෙවියන් යකුන් විකුණමින් සිදුකරන හොර වැඩ වලට එරෙහි වීමේ නාමයෙන් සිදු කරන්නේ අනෙකකි. ඔවුන්ට අනුව පංචේන්ද්‍රයන්ට ගෝචර නොවන දෙයක් (සම්මුති වශයෙන් හෝ) නැත. නමුත් මේ දෙදෙනාම පැවසුවේ තමන් බෞද්ධයන් බවයි. වෛද්‍ය ජනක දිගින් දිගටම පවසන්නේ තමන්ගේ වීරයා, ලොව පහල වූ මහා ප්‍රාඥයා බුදුන් වහන්සේ බවයි. එසේ පවසන ගමන් දෙවියන්, බඹුන්, අමනුෂ්‍යයන්ගේ පැවැත්ම ඔවුහු ප්‍රතික්ෂේප කරති. එසේ වූ විට සංසාර චක්‍රයේ සිටින්නේ ඇහැට පෙනෙන මිනිසුන් සහ තිරිසනුන් පමණි (මේ දෙදෙනා පුනර්භවය පිලිගන්නවදයි මම නොදනිමි); සිදුහත් කුමාරයා තව් තිසාවේ සිට පැමිණීම බොරුවකි; මාතෘ දිව්‍ය රාජයාට ධර්ම දේශනා කිරීම බොරුවකි; සුමන සමන් දෙවියන්ට ධර්ම දේශනා කිරීම ද බොරුවකි; සම්‍යක් දෘෂ්ටික දෙවියන් මිනිසුන් සමග එක්ව මෙසිරිලක පන්දහසක් කල් ශාසනය රැකීම ද බොරුවකි; කොටින්ම කුසල් දහම් කලාට, පින් කලාට, පාරමී පිරුවාට යන්නට දිව්‍ය ලෝක නැත.

මේ දෙදෙනා මේ පහර දෙන්නේ බුදු දහමටයි; අපේ මිනිසුන්ගේ විශ්වාසවලටයි; පෝය දිනයේ මෙවැන්නන් දෙරණ නාලිකාවට ගෙන්වාගෙන අපේ උපාසක අම්මලාට මොවුන්ගේ පොර ටෝක් අසන්නට දෙන්නේ කාගේ උවමනාවටදැයි මම නොදනිමි. මෙරට ජාතිකවාදී අදහස් දරන බොහෝ දෙනා නරඹන එකම රුපවාහිනිය වන දෙරණට තමන් කරන මෝඩ ක්‍රියාවේ ප්‍රතිපල දැනෙන විට බොහෝ ප්‍රමාද වී තිබිය හැක. කොහේවත් යන කබ්බන් පොරවල් කරන්නේ දෙරණේ තීරණ ගන්නා අයගේ නොදැනුවත්කම නිසා විය යුතුය. පසුගිය රජය සමයේ මේ ආකාරයේ කබ්බන් පොරවල් කිරීම එම ආණ්ඩුව බිද වැටීමට ද හේතු විය. මේවා දැක දැක නිහඬව සිටීම නිවටකමකට වඩා තකතීරු කමකි. මේ වැඩසටහනට සහභාගී වීමට පෙර මෙන්ම පසුව ද මගේ හිතවතුන් ඇතැමකු පැවසුවේ කට්ටඩියන්, සාස්තරකරුවන්, විභාග පාස් කරවන්නන් ආදී සමාජ පිළලවලට එරෙහිව ලොකු මතයක් ඇති බවත් මෙවැනි වැඩසටහනක මාගේ අදහස් දැක්වීමෙන් මා ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනවා ආදී අදහසක් මතු විය හැකි බවත් ය. මට හොරුන් රැක ගැනීමේ කිසිදු අවශ්‍යතාවක් නැති නමුත් හොරුන් ඇල්ලීමට මුවා වී බුදු දහමටත්, අපේ සංස්කෘතියටත් පහර දෙන සුක්ෂම වැඩ පිළිවෙලහෙළිදරව් කිරීමට අවශ්‍ය විය. පුහු වීරයෝ හොර කට්ටඩින්ට වෙර දමා පහර දෙන අතරේ නාථ, පත්තිනි, සුමන-සමන්, කතරගම-මහසෙන් (කිරිවෙහෙරට අදිගෘහිත බෞද්ධ දෙවිතොමෝ ය,ස්කන්ධකුමාර නොවේ),කළු බණ්ඩාර ආදී සම්‍යක් දෘෂ්ටික බෞද්ධ දෙවිවරුන්ටත් කෙළගෙන යති. බෞද්ධ දෙවිවරුන් නැතැයි කියන විට, උන්වහන්සේලාට අපහාස කරන විට ඒ නොදැක්කා සේ ඉවත බලන සිංහල බෞද්ධයා මගේ හැදින්වීම අනුවනම් පොන්සියෙකි; කට්ට කෛරාටික, ව්‍යාජ සිංහල බෞද්ධයෙකි.

බැලූ බැල්මට මොවුන් කරන්නේ සිරා වැඩකි. මිත්‍යාව හෙළිදරව් කිරීමේ වීර ක්‍රියාවකි. එහෙත් එය පෙරට දමා ගෙන මේ කරන්නේ අපේකම, අපේ සංස්කෘතිය විහිලුවට ලක් කර මිනිසුන් තුල ඇති ශ්‍රද්ධාව නැති කිරීම බව වැඩසටහන නරඹන අයකුට එක වරම නොතේරේ; හොර වෙදුන්ව කට්ටඩියන්ව හෙළි කිරීමට අවශ්‍යනම් ඒ සදහා සුදුසු වැඩපිළිවෙලක් යෙදිය යුතුය. බටහිර වෙදකමවත් හරියට නොදන්නා මේ අපරිණත හික්මීමක් නැති වෛද්‍යවරයාට සහ පෝය දවසට මාක්ස්වාදී බණ හීන් සීරුවේ දෙසා වදාරණ ආචාර්ය ටියුඩර්ට එවැන්නක් කල නොහැකි ය. ඔවුන් එම නමින් සිදු කරන්නේ අපේ මුල් වලට විස එන්නත් කිරීමයි; හොර කට්ටඩියාගේ හානිය ඔහු වෙත යන කෙනාට පමණි. එහෙත් මොවුන්ගෙන් වන හානිය ජාතියටම ය; සංස්කෘතියටම ය.

මේ මිත්‍යා දෘෂ්ටිකයන් පවසන දේට එකින් එක පිළිතුරු දීමට අවශ්‍ය වුවද ඒ සදහා ප්‍රමාණවත් වෙලාවක් ලැබුනේ නැත. කරුණක් කියාගෙන එන විට නිවේදකයා මැදට පැන ඔහුගේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නැයි බාධා කරයි. පිළිතුරු දෙන්නේ ඔහුගේ ප්‍රශ්නයට බව වටහා ගැනීමට හෝ හැකියාවක් ඔහුට නොතිබිණි.

සාමාන්‍ය පෙළ පන්තියෙන් පසු බටහිර විද්‍යාව හදාරා ඇතැයි සිතිය නොහැකි ආචාර්ය ටියුඩර් නිව්ටන්, අයින්ස්ටයින් සහ කොන්ටම් භෞතිකය ගැන එතුමාගේ නවතම සොයා ගැනීම් ඉදිරිපත් කළේය. තව ද ඒ මහතා “යථාර්තය (reality)” හරියටම දන්නා කෙනෙක් බව ද මම දැනුවත් වීමි. කෙසේවෙතත් කාල වෙලාව මදි වීම නිසා යථාර්තය හරියටම මට ඒ මහතාගෙන් දන ගැනීමට නොහැකි විය. වාක්‍ය දෙකක් පරස්පර නැතිව කියා ගත නොහැකි අයකුට සෞන්දර්ය කලා පීඨයේ ආචාර්ය ධූරයක් දැරිය හැක්කේ එවැන්නක් එහි එතරම් වැදගත්යැයි නොසැලකෙන නිසා විය යුතුය. මෙම වැඩ සටහනට සහභාගී වන පුහු වීරයන්ගේ සැබෑ අරමුණ ඉදිරියේ දී අවස්ථාවක් ලැබුනහොත් තව දුරටත් හෙළි කරමි.

වැඩසටහනින් පසු මට දුරකථන ඇමතුම් ගණනාවක් ලැබුණි. ඒ බොහෝ දෙනා මගේ දුරකථන අංකය ලබා ගෙන තිබුනේ දෙරණට කතා කරය. ඔවුන් බොහොමයක් පැවසුවේ පෝය දවසේ දෙරණේ නටන මේ නාඩගමට පැමිණ කරුණු ඉදිරිපත් කිරීම පින් සිදුවන කටයුත්තක් බවයි. ඇතැමුන් දෙවියන් සහ අමනුෂ්‍යයන් ගැන ඔවුන්ගේ අත්දැකීම් මා සමග පැවසුහ. එම අත්දැකීම් වෙනත් වෛද්‍යවරයකුට පැවසුවහොත් මානසික රෝගයකැයි කියතැයි බියෙන් සඟවා සිටි බව ඔවුහු පැවසුහ. මානසික රෝග ගැන අපට වෙනමම විවරණයක් ඇත. එය ඉදිරියේ දී සාකච්ජා කරමු.

– චන්න ජයසුමන FB

261 views

33 Comments to “‘නොපෙනෙන මානයේ’ සියල්ල පෙනෙනවා සේ රගන පඬියන්ට චන්න ජයසුමනගෙන් ශක්තිමත් දැඩි ප‍්‍රහාරයක්..”

  1. RICHMOND PEIRIS says:

    You should have called Dr. Nalin de Silva for this program!

    • Critic says:

      I agree with you.

      • neela says:

        මේජර් අජිත් ප්‍රසන්නගේ අරමුණ සිංහලත්වය විනාශ කිරීමද? රණවිරැවන් බේරාගන්නා මුවාවෙන් මුස්ලිම් විරෝධයක් ඇති කරන්නේ ඇයි. කලු සුද්දන්ගේ අලුත්ම නිර්මාණය මේජර් අජිත් ප්‍රසන්නද? අපි බලා සිටිමු..

    • sayumi says:

      “මේ දෙදෙනා මේ පහර දෙන්නේ බුදු දහමටයි; අපේ මිනිසුන්ගේ විශ්වාසවලටයි; පෝය දිනයේ මෙවැන්නන් දෙරණ නාලිකාවට ගෙන්වාගෙන අපේ උපාසක අම්මලාට මොවුන්ගේ පොර ටෝක් අසන්නට දෙන්නේ කාගේ උවමනාවටදැයි මම නොදනිමි. මෙරට ජාතිකවාදී අදහස් දරන බොහෝ දෙනා නරඹන එකම රුපවාහිනිය වන දෙරණට තමන් කරන මෝඩ ක්‍රියාවේ ප්‍රතිපල දැනෙන විට බොහෝ ප්‍රමාද වී තිබිය හැක. කොහේවත් යන කබ්බන් පොරවල් කරන්නේ දෙරණේ තීරණ ගන්නා අයගේ නොදැනුවත්කම නිසා විය යුතුය……… මට හොරුන් රැක ගැනීමේ කිසිදු අවශ්‍යතාවක් නැති නමුත් හොරුන් ඇල්ලීමට මුවා වී බුදු දහමටත්, අපේ සංස්කෘතියටත් පහර දෙන සුක්ෂම වැඩ පිළිවෙලහෙළිදරව් කිරීමට අවශ්‍ය විය. පුහු වීරයෝ හොර කට්ටඩින්ට වෙර දමා පහර දෙන අතරේ නාථ, පත්තිනි, සුමන-සමන්, කතරගම-මහසෙන් (කිරිවෙහෙරට අදිගෘහිත බෞද්ධ දෙවිතොමෝ ය,ස්කන්ධකුමාර නොවේ),කළු බණ්ඩාර ආදී සම්‍යක් දෘෂ්ටික බෞද්ධ දෙවිවරුන්ටත් කෙළගෙන යති. බෞද්ධ දෙවිවරුන් නැතැයි කියන විට, උන්වහන්සේලාට අපහාස කරන විට ඒ නොදැක්කා සේ ඉවත බලන සිංහල බෞද්ධයා මගේ හැදින්වීම අනුවනම් පොන්සියෙකි; කට්ට කෛරාටික, ව්‍යාජ සිංහල බෞද්ධයෙකි. ”

      වෛද්‍ය චන්න ජයසුමන මහතාණෙනි, ඔබට බොහොම ස්තුතියි මේ කල විශිෂ්ට පැහැදිලි කිරීම වෙනුවෙන්. මටත් තේරුම් ගන්න බැරි හොර කට්ටඩින් හෙළි කරන මුවාවෙන්, පෝය දිනයම යොදා ගෙන , බුදුදහමටත් අපේ සංස්කෘතියටත් පහර දෙමින් දෙරණ මේ නටන නාඩගම මොකද්ද කියන එකයි.

  2. Lanka SIlva says:

    Great! I am sure that Channa Jayasumana is a wise man. His idea is very correct . This program has very serious effect on our culture and Buddhist tradition. It must be stopped. Jaya Weva

    • KGB says:

      Gentlemen, this my understanding according to Lord Buddhas teaching.

      According to Lora Buddha, there are living person (every living creatures) can be under main four categories.

      * Kama Dugathi
      * Kama Sugathi ( Man & God induced in this category)
      *Rupaloka -Brhma
      *Arupa Loka – Brhama

      As a human, our main and only duty is understanding about Four Nobel Truth , because time is very limited.
      Try to focus on other endless thing is useless, not important.

      ATTAHI ATTANO NATHO COHINATO PAROSIYA

      In this universe there is only one truth, That is Four Nobel Truth,
      IN this universe there is only one way, That is 8 precepts.

      According to Lord Buddha that is enough for us to get our ultimate & one and only objective enlightenment.

      Thinking and searching about god is not our duty.

  3. Mithun says:

    චන්න මහතාණනි, ඔබ සැබෑ විද්වතෙකි, අපට ඔබ ගැන ආඩම්බරයි, ශ්‍රී ලංකාද්වීපයේ අද දිනයේ උවමනාව ඔබ වැන්නවුන් ඒකරාශි වීමයි. රටට ජය වේවා.

  4. gorrila says:

    කවුද ඔයි අර නිවේදකයා? පිස්සුවෙන්වගේ මැදට පැනල බාධාකරන්නේ?

  5. perera says:

    me mityadutikayo dewiyo na kyanawa etakota buudagamata witarak neme ape agamwalatath phara wadinawa hoda wade

  6. rambanda says:

    I couldn’t help laughing. Dr Kovoor, my foot. He was my science teacher, and just a science teacher, and not a good one either. He was not a philosopher, he could not think beyond what he saw before his eyes. That is quite common. You probably will never be able to understand what Dr Channa or Dr Nalin says. You need to experience these phenomena through deep meditation and reading, young man

    • Chandrawansa says:

      May be you are correct. but read “Deviyo Saha Buthayo”

      • Aruna says:

        Where can I buy book called “Deviyo Saha Buthayo”. Who is the publisher

      • sembakuttiarachchi says:

        I will read that book, but I spend a lot of time searching these phenomena. Please read ‘දිටිමි අදිසි දෙවියන් ‘ by Dematapitiya. You can even go and visit the people,ie the communicator with the deviyo, the addresses are there.

  7. gunathilaka says:

    kaiwaru gahana oya seroma ra karuwale parata dammoth yana ena man nathuwa hthara athe yai ballek poosek awoth apooruwata awidala adala thanata yai ane ape minis wada neda thakshne nothibba nam marichcha than wala gas (widuli aloka pahasukam nthiwa apita rata as penne nane neda??????

  8. mawubima_perata says:

    මේ වැඩසටහන ඉතාමත් හොඳ වැඩසටහනක්.එකෙන් සංස්කෘතියට පහර දෙනවා නෙමේ.මෝඩ බෞද්ධයො තුනුරුවන්ගේ ඇති බලය,ශක්තිය විශ්වාස නොකර එහෙ මෙහෙ අත ගාන එකේ වැරැද්ද මේ වැඩසටහනෙන් හොඳින් පෙන්නුම් කරනවා.බුද්ධ දේශනාවෙ හොඳ වැඩ පිළිලෙක් යෝජනා කරලා තියෙනවා සෑම මනුශ්යේයකුටම.අපි ඒක අනුගමනය කරන්න ඕනේ.නැකැත් කාරයොයි,දෙවිවරුයි පස්සෙ ගිහින් වැඩක් නෑ.ඒ ඔක්කොම මිත්ය් දෘෂ්ටිය.දෙවිවරුන්ට කරන්න පුළුවන් මගුලක් නෑ.බෞද්ධ දෙවිවරු කියල කට්ටියකුත් නෑ.ඕන හොරෙක්,තක්කඩියෙක් බෞද්ධ කියලා ලේබල් ගැහුවම සම්යෞක් දෘෂ්ටික වෙනවද.ඔය එකෙකුටවත් ප්ර.භාකරන්ට මොකුත් කරන්න හැකි වුනාද.ඉන්න තැන හොයා ගන්න හැකි වුනාද.දෙවිවරුට මෙතරම් බලයක් තියෙනවනම් රටේ මෙච්චර පොලිසි මොකටද.දේවාල දාන්න ඕනේ හොරකම් අල්ලන්න.
    දෙරණ කරන්නෙ හොඳ වැඩක්.ඩොක්ටර් ජනක,විද්යාුකුලපති මහත්තයා හොරුන්ට අහු නොවී ජීවිත දේපල විනාශ නොකර ගෙන ජීවත් වෙන්න ඕන විදිය කියන්නෙ.අපේ ගම් වල මිනිස්සු ගොඩක් මේ වැඩසටහන බලනවා.දෙවිවරු කියන්නෙ මිනිස්සුමයි.අවුරුදු 30 තිබ්බ යුද්ධෙ නැති කිරීමට දේශපාලන නායකත්වය දුන්න මහින්ද මහත්තයත් දෙවියෙක්.අද ජීවිත බියක් නෑ.දකුණට මරණ එන්නෙ නෑ.වෙඩි බෙහෙත් සුවද නෑ.

  9. Dissanayake says:

    පෙන් ෂුයි කියල මහා බොරුවක් සමාජ ගත කරන්න වලිකන නාලිකාවම බුදුදහමේත් සහ සිංහල බෞද්ධ සංස්කෘතියේ එක අංගයක් වූ දෙවියන් ඇදහීම මිත්‍යාවක් ලෙස පෙන්නන්නට ගන්නා උත්සාහය කෙතරම් පරස්පරද? මේ පෙන් ෂුයි කාරයෝ නෙමේද වැඩියෙන්ම මින්සුන්ව ප්‍රසිද්දියේ මුලාවට පත් කරන්නේ.

    සිංහල සංස්කෘතියේ සුමන සමන් දෙවියන්, මහසෙන් දෙවියන්, මෙන්ම තිස් තුන් කෝටියක් දෙවියන් මිත්‍යාවන් ලෙස සලකන ඊනියා බුද්ධිමතුන්, නිවේදකයන්, සහ මාධ්‍ය වේදීන් යැයි කියාගන්නා ඇතැමුන් මුස්ලිම්, යුදෙව්, හෝ කතෝලික ආගම් වල එන දෙවියන්ගේ මැවුම් වාදය ගැන ප්‍රශ්න කල විට කිපිමටත්, එලෙස ප්‍රශ්න කරන්නන් ආගමික අන්තවාදීන් ලෙස හංවඩු ගැසීමටත්, සංහිදියාවට වින කටින්නන් ලෙස පරිබව කරන්නේ මන්ද?

    මෙසේ වීමට හේතුව ලෙස මමනම් හිතන්නේ මේ පඬියෝ සිංහල සංස්කෘතියේ එන සම්යක් දෙවිවරුන්ට බිය නැතිමුත් මුස්ලිම්, යුදෙව්, හෝ කතෝලික ආගම් වල එන දෙවියන්ට පරාන බය වීමයි.
    එලෙසම මෙම උගතුන් යැයි කියාගන්නා දාසයින් බටහිර, යුදෙව් සහ මුස්ලිම් සංස්කෘතියේ දෙවිවරුන්ට ඉතා බය පක්ෂපාතිත්වය දක්වන්නා සේම, එම අධ්පතිවාදී සංස්කෘතීන්වල දෙවියන්ගේ නියෝජිතයින් වන දේශපාලකයින්ටද අනුග්‍රාහකයන් වන බහුජාතික කොම්පැනි කාරයින්ටද මල් තියා වැඳ නමස්කාර කරන බවයි.

    මෙයට ප්‍රධානම වශයෙන් බලපානු ඇත්තේ යම් හෙයකින් අධ්පතිවාදී සංස්කෘතීන්වල දෙවියන් හට විරුද්ධ වුහොත්:

    1. තමන්ගේ බඩට වදින නිසාය;
    2. රැකියාව අහිමි වෙන නිසාය;
    3. දැන්වීම නොලැබී මාධ්‍ය ආයතන බංකොලොත් වේයැයි බය වන
    නිසාය;

    4. තමන්ගේ බටහිර ඒජන්ත කම (රනිල් ඇතුළු සංස්කෘතියෙන් බටහිර වූ දේශපාලකයින් සහ බටහිර දැනුමෙන් අන්ද වූ උගතුන්) නැතිවී බලය සහ සමාජ ප්‍රභූත්වය අහිමි වේයැයි බිය නිසාය.

    5. තවද සමහරක් ට පුහු ප්‍රබුද්ධයින් හෝ පඬියන් වීමේ නිතින් ආශාව නිසාම සිංහල බෞද්ධ සංස්කෘතියේ අංගයන්ට පහර දීමේ රුචිකත්වයයි. මොහුන් සිතනුයේ තමන් මහා වීරයින් හෝ දාර්ශනිකයින් ලෙසය. සම්මතයෙන් කැඩී එයට පහර දීම මහා ලොකු වීරකමක් ලෙස සලකයි. නමුත් මේ මහ පොලවේ පැල කිරීමට නොහැකිවූ කල් ඉකුත් වූ මතවාද හෝ ඒවායෙහි සම්මතයන් නම් මොහුන්ට දේව භාෂිත වැනිය.

    6. තවෙකුට සිංහල බෞද්ධ සංස්කෘතියට පහර දෙනුයේ ඒ සමග ඇති බද්ධ වයිරයයි. තමන්ගේ පරම්පරා මුලයන් දන්නා මොහුන්ට මේ සිංහල බෞද්ධ සංස්කෘතිය සමග ස්වීකරණය වීමට තිබෙන නොහැකියාවයි.

    මේ සැමගේ නිවට කම හෙළිකරමු.
    මේ ක්‍රියාකාරකම් මෙහෙයවන සහ ඊට අනුබල දෙන බළල් අත් හෙළිකරමු.
    රුවන් දිසානායක

  10. Dissanayake says:

    ආචාර්ය ටියුඩර් වීරසිංහ දෙරණේ නොපෙනන මානයට ඇවිත් කියනවා අතීතයේ සිටි චන්ඩින් පසු කාලිනව දේවත්වයෙන් පුදනු ලැබූ බව.

    ඔහුට අනුව අනාගත දේව මණ්ඩලය සැදුම් ලනුයේ මෙසේ විය යුතුය.

    ගෝනවල සුනිල් දෙවියෝ; සොත්ති උපාලි දෙවියෝ; කළු අජිත් දෙවියෝ; කඩුවෙල වසන්ත දෙවියෝ; බැද්දගානේ සංජීව දෙවියෝ; මොරටු සමන් දෙවියෝ; නාවල නිහාල් දෙවියෝ; වම්බොට්ටා දෙවියෝ; තෙල් බාලා දෙවියෝ; කිඹුලා ඇළ ගුණා දෙවියෝ; සහ වෙලේ සුදා දෙවියෝ.

    මේ දෙවිවරුන්ගේ අතීත ක්‍රියා අනුව එක එක දේවියට විශේෂත්වයක් ආරුඪ කල යුතුය.

    ඒ අනුව කුඩු වලට අධිපති වෙලේ සුදා දෙවියෝ; ස්ත්‍රී දුෂණ වලට අධිපති ගෝනවල සුනිල් දෙවියෝ; නළු නිලියන් ඇතුළු ජනප්‍රිය පුද්ගලයින්ගේ ගෙවල් ගිනි තැබීමට සහ කොන්ඩ කැපීමට අධිපති බැද්දගානේ සංජීව දෙවියෝ; මිනීමැරුම් වලට අධිපති සොත්ති උපාලි දෙවියෝ වැනි නන් වැදෑරුම් දේව මණඩලයක පිහිට ලැබීමටත් ඉදිරි පරම්පරාවට හැකි වනු ඇත.

    ඉහත ආකාරයට සමාජයේ නමක් දිනාගත් වැදගත් චන්ඩින් ව දේවත්වයට ඔසවා තැබීමට තරම් අසම සම නුවනක් තිබීම නිසා ආචාර්ය ටියුඩර් වීරසිංහත් අනාගත දෙවියෙක් විය යුතුය.

    ඇත්තෙන්ම ආචාර්ය ටියුඩර් වීරසිංහ දෙවියෝ නමැති මේ සියළුම දේව මණ්ඩලයට අධ්ගෘහිත දෙවියන්ගේ ගේ නාමෙන් ඉදිරි පරම්පරාවට හැකි වනු ඇත.

    තවද ආචාර්ය ටියුඩර් වීරසිංහ දෙවියෝ කම්ප්ලේක්ස් ලොජික් නුවණට අධිපතිද වනු ඇත.

    ඉදිරි පරම්පරාවට ආචාර්ය ටියුඩර් වීරසිංහ දෙවියෝ ප්‍රමුක ඔහු විසින් දේවත්වයට ඔසවන ලද සියළු දේව මණ්ඩල වල පිහිට ලැබේවා.
    රුවන් දිසානායක

Main News