‘නොපෙනෙන මානයේ’ සියල්ල පෙනෙනවා සේ රගන පඬියන්ට චන්න ජයසුමනගෙන් ශක්තිමත් දැඩි ප‍්‍රහාරයක්..

November 17, 2016 at 1:05 am | lanka C news
‘නොපෙනෙන මානයේ’ සියල්ල පෙනෙනවා සේ රගන පඬියන්ට චන්න ජයසුමනගෙන් ශක්තිමත් දැඩි ප‍්‍රහාරයක්..

දෙවියෝ සහ අණ්ඩපාලයෝ…

දෙරණ රුපවාහිනියේ “නොපෙනෙන මානය” වැඩසටහනට සහභාගී වීමි. එහිදී සාකච්ජා වූයේ දෙවියන්ගේ පැවැත්ම පිළිබඳවයි. මෙම වැඩසටහනට සහභාගී වු අනෙක් අය නම් පැපිලියාන සුනේත්‍රා දේවී පිරිවෙන්වාසී චන්දිම ස්වාමීන් වහන්සේ, ඉන්දික තොටවත්ත මහතා, මනෝ චිකිත්සකයකු ලෙස හඳුන්වන විද්‍යාකුලපති නම් මහතා, කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ජනසන්නිවේදන අංශයේ ආචාර්ය ටියුඩර් වීරසිංහ මහතා සහ මහනුවර මහ රෝහලේ ලේ බැංකුවේ සේවයේ නියුතු වෛද්‍ය නිලධාරී මහතකු වන ජනක ජයසුරිය ය.

මේ වැඩසටහන පවත්වාගෙන යන බව පැවසෙන්නේ දෙවියන්ගේ, යකුන්ගේ නාමයෙන් සිදු කරන හොර තක්කඩි වැඩ රටට හෙළි කිරීම, මිත්‍යාව හෙළි කිරීම වැනි කරුණු අරභයා ය. එවැනි පුද්ගලයන්ට අභියෝග කිරීමෙන් ආචාර්ය ටියුඩර් වීරසිංහ සහ ජනක ජයසුරිය වෛද්‍යවරයා වීරයන් සේ රට හමුවේ ඉදිරිපත් කර තිබුණි. දෙවියන්ගේ නාමයෙන් හොර වැඩ කරන මුදල් ගරන අය ඕන තරම් සිටිනවා ඇත. ඔවුන් රටට හෙළි කල යුතුය. එහි කිසිදු වරදක් නැත. එමෙන්ම බටහිර වෙදකමේ නාමයෙන් හොර වැඩ කරන, මුදල් ගරන අය ද ඕනෑ තරම් සිටිති. ඔවුන් ගැනද රටට හෙළි කල යුතුය. ඒ සදහා ආචාර්ය ටියුඩර් වීරසිංහට සහ වෛද්‍ය ජනක ජයසුරියට වැඩ පිළිවෙලක් තිබෙනවාදැයි මම නොදනිමි.

මේ දෙදෙනාම උග්‍ර භෞතික වාදීන්ය; ඔවුන්ට අනුව දෙවියන් යනු මනසේ මවා ගත් විකාර සිතුවිල්ලක් පමණි. රුසියාවේ විශ්ව විද්‍යාලයකින් පශ්චාත් උපාධි ලබා ගත් මාක්ස්වාදියකු වන ආචාර්ය වීරසිංහ මෙන්ම නුවර ලේ බැංකුවේ සේවය කරන වෛද්‍යවරයා ද දෙවියන් යකුන් විකුණමින් සිදුකරන හොර වැඩ වලට එරෙහි වීමේ නාමයෙන් සිදු කරන්නේ අනෙකකි. ඔවුන්ට අනුව පංචේන්ද්‍රයන්ට ගෝචර නොවන දෙයක් (සම්මුති වශයෙන් හෝ) නැත. නමුත් මේ දෙදෙනාම පැවසුවේ තමන් බෞද්ධයන් බවයි. වෛද්‍ය ජනක දිගින් දිගටම පවසන්නේ තමන්ගේ වීරයා, ලොව පහල වූ මහා ප්‍රාඥයා බුදුන් වහන්සේ බවයි. එසේ පවසන ගමන් දෙවියන්, බඹුන්, අමනුෂ්‍යයන්ගේ පැවැත්ම ඔවුහු ප්‍රතික්ෂේප කරති. එසේ වූ විට සංසාර චක්‍රයේ සිටින්නේ ඇහැට පෙනෙන මිනිසුන් සහ තිරිසනුන් පමණි (මේ දෙදෙනා පුනර්භවය පිලිගන්නවදයි මම නොදනිමි); සිදුහත් කුමාරයා තව් තිසාවේ සිට පැමිණීම බොරුවකි; මාතෘ දිව්‍ය රාජයාට ධර්ම දේශනා කිරීම බොරුවකි; සුමන සමන් දෙවියන්ට ධර්ම දේශනා කිරීම ද බොරුවකි; සම්‍යක් දෘෂ්ටික දෙවියන් මිනිසුන් සමග එක්ව මෙසිරිලක පන්දහසක් කල් ශාසනය රැකීම ද බොරුවකි; කොටින්ම කුසල් දහම් කලාට, පින් කලාට, පාරමී පිරුවාට යන්නට දිව්‍ය ලෝක නැත.

මේ දෙදෙනා මේ පහර දෙන්නේ බුදු දහමටයි; අපේ මිනිසුන්ගේ විශ්වාසවලටයි; පෝය දිනයේ මෙවැන්නන් දෙරණ නාලිකාවට ගෙන්වාගෙන අපේ උපාසක අම්මලාට මොවුන්ගේ පොර ටෝක් අසන්නට දෙන්නේ කාගේ උවමනාවටදැයි මම නොදනිමි. මෙරට ජාතිකවාදී අදහස් දරන බොහෝ දෙනා නරඹන එකම රුපවාහිනිය වන දෙරණට තමන් කරන මෝඩ ක්‍රියාවේ ප්‍රතිපල දැනෙන විට බොහෝ ප්‍රමාද වී තිබිය හැක. කොහේවත් යන කබ්බන් පොරවල් කරන්නේ දෙරණේ තීරණ ගන්නා අයගේ නොදැනුවත්කම නිසා විය යුතුය. පසුගිය රජය සමයේ මේ ආකාරයේ කබ්බන් පොරවල් කිරීම එම ආණ්ඩුව බිද වැටීමට ද හේතු විය. මේවා දැක දැක නිහඬව සිටීම නිවටකමකට වඩා තකතීරු කමකි. මේ වැඩසටහනට සහභාගී වීමට පෙර මෙන්ම පසුව ද මගේ හිතවතුන් ඇතැමකු පැවසුවේ කට්ටඩියන්, සාස්තරකරුවන්, විභාග පාස් කරවන්නන් ආදී සමාජ පිළලවලට එරෙහිව ලොකු මතයක් ඇති බවත් මෙවැනි වැඩසටහනක මාගේ අදහස් දැක්වීමෙන් මා ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනවා ආදී අදහසක් මතු විය හැකි බවත් ය. මට හොරුන් රැක ගැනීමේ කිසිදු අවශ්‍යතාවක් නැති නමුත් හොරුන් ඇල්ලීමට මුවා වී බුදු දහමටත්, අපේ සංස්කෘතියටත් පහර දෙන සුක්ෂම වැඩ පිළිවෙලහෙළිදරව් කිරීමට අවශ්‍ය විය. පුහු වීරයෝ හොර කට්ටඩින්ට වෙර දමා පහර දෙන අතරේ නාථ, පත්තිනි, සුමන-සමන්, කතරගම-මහසෙන් (කිරිවෙහෙරට අදිගෘහිත බෞද්ධ දෙවිතොමෝ ය,ස්කන්ධකුමාර නොවේ),කළු බණ්ඩාර ආදී සම්‍යක් දෘෂ්ටික බෞද්ධ දෙවිවරුන්ටත් කෙළගෙන යති. බෞද්ධ දෙවිවරුන් නැතැයි කියන විට, උන්වහන්සේලාට අපහාස කරන විට ඒ නොදැක්කා සේ ඉවත බලන සිංහල බෞද්ධයා මගේ හැදින්වීම අනුවනම් පොන්සියෙකි; කට්ට කෛරාටික, ව්‍යාජ සිංහල බෞද්ධයෙකි.

බැලූ බැල්මට මොවුන් කරන්නේ සිරා වැඩකි. මිත්‍යාව හෙළිදරව් කිරීමේ වීර ක්‍රියාවකි. එහෙත් එය පෙරට දමා ගෙන මේ කරන්නේ අපේකම, අපේ සංස්කෘතිය විහිලුවට ලක් කර මිනිසුන් තුල ඇති ශ්‍රද්ධාව නැති කිරීම බව වැඩසටහන නරඹන අයකුට එක වරම නොතේරේ; හොර වෙදුන්ව කට්ටඩියන්ව හෙළි කිරීමට අවශ්‍යනම් ඒ සදහා සුදුසු වැඩපිළිවෙලක් යෙදිය යුතුය. බටහිර වෙදකමවත් හරියට නොදන්නා මේ අපරිණත හික්මීමක් නැති වෛද්‍යවරයාට සහ පෝය දවසට මාක්ස්වාදී බණ හීන් සීරුවේ දෙසා වදාරණ ආචාර්ය ටියුඩර්ට එවැන්නක් කල නොහැකි ය. ඔවුන් එම නමින් සිදු කරන්නේ අපේ මුල් වලට විස එන්නත් කිරීමයි; හොර කට්ටඩියාගේ හානිය ඔහු වෙත යන කෙනාට පමණි. එහෙත් මොවුන්ගෙන් වන හානිය ජාතියටම ය; සංස්කෘතියටම ය.

මේ මිත්‍යා දෘෂ්ටිකයන් පවසන දේට එකින් එක පිළිතුරු දීමට අවශ්‍ය වුවද ඒ සදහා ප්‍රමාණවත් වෙලාවක් ලැබුනේ නැත. කරුණක් කියාගෙන එන විට නිවේදකයා මැදට පැන ඔහුගේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නැයි බාධා කරයි. පිළිතුරු දෙන්නේ ඔහුගේ ප්‍රශ්නයට බව වටහා ගැනීමට හෝ හැකියාවක් ඔහුට නොතිබිණි.

සාමාන්‍ය පෙළ පන්තියෙන් පසු බටහිර විද්‍යාව හදාරා ඇතැයි සිතිය නොහැකි ආචාර්ය ටියුඩර් නිව්ටන්, අයින්ස්ටයින් සහ කොන්ටම් භෞතිකය ගැන එතුමාගේ නවතම සොයා ගැනීම් ඉදිරිපත් කළේය. තව ද ඒ මහතා “යථාර්තය (reality)” හරියටම දන්නා කෙනෙක් බව ද මම දැනුවත් වීමි. කෙසේවෙතත් කාල වෙලාව මදි වීම නිසා යථාර්තය හරියටම මට ඒ මහතාගෙන් දන ගැනීමට නොහැකි විය. වාක්‍ය දෙකක් පරස්පර නැතිව කියා ගත නොහැකි අයකුට සෞන්දර්ය කලා පීඨයේ ආචාර්ය ධූරයක් දැරිය හැක්කේ එවැන්නක් එහි එතරම් වැදගත්යැයි නොසැලකෙන නිසා විය යුතුය. මෙම වැඩ සටහනට සහභාගී වන පුහු වීරයන්ගේ සැබෑ අරමුණ ඉදිරියේ දී අවස්ථාවක් ලැබුනහොත් තව දුරටත් හෙළි කරමි.

වැඩසටහනින් පසු මට දුරකථන ඇමතුම් ගණනාවක් ලැබුණි. ඒ බොහෝ දෙනා මගේ දුරකථන අංකය ලබා ගෙන තිබුනේ දෙරණට කතා කරය. ඔවුන් බොහොමයක් පැවසුවේ පෝය දවසේ දෙරණේ නටන මේ නාඩගමට පැමිණ කරුණු ඉදිරිපත් කිරීම පින් සිදුවන කටයුත්තක් බවයි. ඇතැමුන් දෙවියන් සහ අමනුෂ්‍යයන් ගැන ඔවුන්ගේ අත්දැකීම් මා සමග පැවසුහ. එම අත්දැකීම් වෙනත් වෛද්‍යවරයකුට පැවසුවහොත් මානසික රෝගයකැයි කියතැයි බියෙන් සඟවා සිටි බව ඔවුහු පැවසුහ. මානසික රෝග ගැන අපට වෙනමම විවරණයක් ඇත. එය ඉදිරියේ දී සාකච්ජා කරමු.

– චන්න ජයසුමන FB

134 views

33 Comments to “‘නොපෙනෙන මානයේ’ සියල්ල පෙනෙනවා සේ රගන පඬියන්ට චන්න ජයසුමනගෙන් ශක්තිමත් දැඩි ප‍්‍රහාරයක්..”

  1. s dk Sarath says:

    ආසිරි වනිගරත්න ට කඩේ යන චන්න ජයසුමන!

  2. Rasika says:

    Great, Dr Channa Jayasumana, we salute you, Please give better treatment to Dr JJ for his mental illness.

  3. ගැමියා says:

    චන්න ජයසුමන මහත්මයා කියන්න ඕන ටික හරියටම කියල තියෙනවා. ඔබතුමාට බුදු සරණයි!

    සමහරු මිත්‍යාදෘෂ්ඨික අය. ඔවුන්ට ඉතින් පුලුවන් මොනවහරි මෝඩ කතා ටිකක් කියන්න විතරයි.

  4. nuwan says:

    මේක ගොඩක් සංවේදී මාතෘකාවක්, මොකද අපි පරිස්සමින් ගනුදෙනුකලයුතු සංස්කෘතික අංගයක් තමා මේ දේව සංකල්පය, අපි හොදින් තේරුම් ගත යුතුයි. බුදු දහම පිලිගැනීම කියන්නේ ත්‍රිපිටකයේ ඇති සියලු කරුණු පිළිගැනිම කියන දේ නොවන බව,චතුරාර්ය සත්‍ය දේශනාව පිළිගැනිම යන්නයි මගේ අදැහීම. ත්‍රිපිටකය යනු වසර සියගණනක් කටින් කට පැවතගෙන ආ සුත්‍ර ගොඩක් බවත් මෙවාට කරුණු එකතුවීම හා කරුනු ඉවත්වීම සිදුවිය හැකි බවත් අප පිළිගත යුතුයි. අනුරාධ පුර යුගයේ ගලින් නෙලා ඇති සදකඩ පහනේ ගවයා හින්දු බලපෑම මත පොළොන්නරු යුගයේ දී අතුරුදහන් වුවා නම්, මිනිසුන් සමුහයක් මතකයෙන් කටින් කට ගෙන ආ මේ සුත්‍ර ගොන්න ට කුමක් වී දැයි අපට සිතා ගත හැකිය. එම නිසා බුදු දහමත් දෙවියොත් හැකිපමණ ඈත් කර තැබීම බුදු දහමේ පැවැත්මට හිතකර වෙනු ඇත

    • Wali kukulaa says:

      ත්‍රිපිටකය කටපාඩමින් ගෙන ආවේ නිකන් මිනිසුන් සමූහයක් විසින් නෙමෙයි මෝඩයෝ. මහාසංඝරත්නය විසින්.දේව කියන්නේ සංකල්පයක් නෙමෙයි පරම සත්‍යයක්. තමන්ගෙ හිත දියුණු කරලා ප්‍රත්‍යක්ෂයෙන්ම ඒ ගැන තමන්ටම දැනගන්න පුළුවන් . අනිත් අයට පේන්න සලස්වන්නත් පුළුවන්. එත් ඔය ඔලුව උදුම්මවාගත්ත බටහිර ගැති ගොබ්බයින්ට උන්ගේ මහලොකු විද්‍යාව කියන පට්ටපල් බොරුවෙන් නම් මේ සම්මජාතියේදී ඕවා ඔප්පු කොරගන්න බැරිවෙයි.ඒක උන්ගේ විද්‍යාවේ තියෙන නොදියුණු කම මිසක් දෙවියෝ නැතිකම නෙමෙයි.

      • mawubima_perata says:

        මමත් නුවන්ගෙ අදහසට එකඟයි.බුදු දහමට දේව මිත්‍ය දෘෂ්ටිය කොහොම ආවද මන්දා.තුනුරුවන් තමයි උතුම්ම.එයට එහා කව්රුත් නෑ.දෙවියො කියන්නෙ මිනිස්සු.මිහිපිට හිටපු අය.මහසෙන්.දුටුගැමුණු.එයාලත් දෙවිවරු.අනිත් උන් ඕක්කොම බොරු.කාලි,හූනියම්.ඕකුන් දෙවිවරු නෙමේ.ඕව බොරු.උන්ට කරන්න පුලුවන් මඟුලක් නෑ.දොස්තරලා දෙවිවරු.ආයුර්වේද දොස්තරලත් ඇතුළුව.ඒයාලගෙන් වෙන්නෙ අපි දෙයියො කියල හිතන ගොන් රැලට වඩා උසස් සේවයක්

        • nuwan says:

          ගොඩක් සතුටු වෙනවා මේක එක මනුස්සයෙක් හරි තේරුම් ගත්ත එක ගැන

      • nuwan says:

        මහා සන්ගරත්නය කියන්නේ මිනිස්සු නෙමේද ? අනික දැන් ඔබ තුමා කියන ඔය දෙවියෝ ඔබ දැක තිබේද ? මතක තියාගන්න පටිචචසමුපාද ධර්මයට පටහැනිව කුමක් හෝ දෙයක් ධර්මය නමින් පවතීද එය අධර්මයම වේ

  5. thusitha kumara KMV96 says:

    channa kiyanne ape aekek,,u dannawa ape kama gena,a nisa oya suddange aeta lewakana aunnta CHANNAGE MATHAYA hoda padamak..api hemoma jeewath wenne KAHAPATA SIWRE rasne nisa.anisa bududahama,,dewiyo kiyanne hemadama apith aekka jeewath wena kotasak,,dan nethnam ada idala hari pansal yanna patan ganilla.

  6. love nature says:

    එක එක කාලෙට හතු ලෙසින් පිපෙන්නාවූ ව්‍යාජ විදියට සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ නිර්මල ධර්මය විකෘති කර සිංහල බෞද්ධයන් නොමග යවන්නාවූ චීවර ධාරීන් , නොයෙක් නම් වලින් පෙනී සිටින්නාවූ වසලයන්ගේ වෙස්මුහුණු ගැලව අපේ සිංහල බෞද්ධයන් දැනුවත් කල යුතු කාලය එළඹ ඇත

  7. love nature says:

    ධම්ම චක්කප්පවත්තන සුත‍්‍රයේදි දෙවියන් ගැන සදහන් වෙ.
    බුදු රජාණන් වාහාන්සේගේ මෙම දේශණාව හා එය අවබෝධ කරගැනීම ස ම්බන්ධව මානවයන් නොවන සත්ව කොටඨාසයක් ලෙස පළමුව නිරීක්‍ෂණය කරන්නන් වන්නේ පොළව වාසී දෙවියන්ය. බුදු රජාණන් වාහාන්සේගේ දේශණාව සාර්තක බව මෙම ජීවීන් විසින් චාතුම් මහාරාජික දෙවියන් වෙත සන්නිවේදනය කරයි. එතැන් සිට මෙම සන්නි වේදන ක‍්‍රියාවලිය සිදු වන දේව ලෝකයන් පිළිබදව ධම්ම චක්කප්පවත්තන සූත‍්‍රයේ සදහන් වන්නේ මෙසේය.

    තාවතිංස දේව ලෝකය ර්‍නියම ර්‍ණතුසිත ර්‍ණනිම‘මාණරති පරනිම්මිත වසවත්ති බ‍්‍රහ්මපාරි සජ්ජ බ‍්‍රහ්ම පුරෝහිත මහා බ‍්‍රහ්ම පරිතාභ අප්පමානභා ආභස්සර පරිත්තාන සුභ අප්පමාන සුභ අප්පමාන සුභා සුභිකිණ්නකා වේහප්ඵලා අවිහා අතප්ප සුදස්සා සුදස්සි අකනිට්ඨකා ලෙස පෘථිවි වාසින් නොවන අන්‍ය ජීවීන් කොටස් 22 ගැන සදහන් වේ.

    ධම්ම චක්කප්පවත්තන සුත‍්‍රයෙදීම අප මෙහිදි දේව යනුවෙන් නම් කල සත්ව කොට්ඨාෂය ප‍්‍රධාන කොටස් 03ක් යටතේ වර්ගීකරනය කර ඇත.එනම් දේව මාර සහ බ‍්‍රහ්ම වශයෙනි.මෙම සියලුම දේවියන්ගේ ආනුභාවය ඉක්මවා බුදු රජාණන් වාහාන්සේගේ මෙම යථාර්තවාදි දේශණාවේ ආනුභාවය විශ්වය පුරා ව්‍යාප්තව ගිය බව එහි සදහාන්ය.

    බුදු රජාණන් වාහාන්සේගේ මෙම පළමු දේශණාව සමග සම්බන්ධ වු විද්‍යාත්මකව මානව වර්ගයාට වඩා දියුණු මෙම සත්ව කොට්ඨාෂයන් පසුව බුදු රජාණන් වාහාන්සේගේ ජීවන චරිතය තුළ නොයෙක්විට නොයෙක් ආකාරයෙන් සම්බන්ධව ඇත. එමෙන්ම ඇතැම් අවස්ථාවලදී විශ්වමය ගැටලු රැගෙන බුදු රජාණන් වාහාන්සේ හමුවීමට පැමින ඇත.
    බෞද්ධ ජනතාව තුළ අතිශයින්ම ප‍්‍රකට සූත‍්‍රයක් වන මහා මංගල සූත‍්‍රය මෙයට කදිම නිදසුනක් ලෙස පෙන්වා දීමට පුලුවන එකල්හී එක්තරා දෙවියෙක් මද්‍යම රාති‍්‍රය ඉක්මවත්ම මුලු ජේතවනයම බබුලුවාගෙන බුදු රජාණන් වාහන්සේ හමුවීමට පැමිණි බව එහි සදහන්ය.එසේ දෙවියන් පෘථිවියට පැමිණිමට යොදා ගත් ක‍්‍රම වේදය වෙනම අධ්‍යනය කල පුතු ක‍්‍රම වේදයක් ලෙස පෙන්වා දීමට පුලුවන. කෙසේමුත් එම දෙවියන් පැමිණෙන විට මුලු ජේතවනාරාමයම ආලෝකමත්ව ගිය බව මෙම සුත‍්‍රයේ සදහාන් වන වැදගත් කාරනය වේ.

  8. Yasas says:

    මේ ජනක ජයසූරිය කියන එකා වෛද්‍ය වෘත්තියට කැළලකි. ඔහුගේම ලිපි මඟින් “රෝගීන්” ලෙස භාරගත් අයට තම ආගම වෙනස් කරන ලෙස බලපෑම් කර ඇති බව වාර ගණනාවක් පවසා ඇත. (භෞතිකවාදය යනු බුදුදහමටද වඩා පැරණි ආගමකි.) මෙය කිසිම වෛද්‍ය සදාචාරයකට එකඟ නොවේ. මෙවැනි පුද්ගලයන් හට අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලබා දීමෙන් විශාල හානියක් සිදුවේ. උන්ට පාලු ගෙයි වලං බිඳීමට ඉඩදීම වඩාත් සුදුසු වේ.

  9. Rohan says:

    The only thing Channa Jayasumana showed is how backward majority of SL society is.

    There is no concept of EVIDENCE or PROOF.

    Just because 1 prediction was correct it is 100% correct. That is the theory of “kattadiyas”.

    Pathetic!

  10. perera says:

    චන්න ජයසුමන වයිදය තුමනි, ඔබතුමාට ගොඩාක් පින්.පොය දවසේ සෑදෑවත් පින්වතුන්ගෙ මනස විකුර්ති කරලා,භවුද්හ සන්ස්කෘතිය විනාශ කිරීමෙ ඒජන්තයන් කීපදෙනෙක් තමයි ටියුඩර්,වීරසින්හ සහ ජයසූරිය.ඔබතුමා අපේ කම වෙනුවෙන් පෙනීසිටීම ඔබතුමාට ගොඩාක්පින්.ඔබතුමා වනිඅය අද අපේ රටේ ඉතා විරලඊ.අද අපේ රටේ සිටෙන්නේ විරජ් වෑනි,සන්ස්කෘතිය විනාශ කරන පඩත්තරයන් පමනයි.දෙරන රූපවාහිනිය වඩසටහන් තේරීමේ දි සහ ඒ සදහා නිවේදකයන් තේරීමේදි මීටවඩා සෑලකිලිමත් වියයුතුය.ජයසුමන මහතානනි ඔබට දීර්ඝායුශ පතමි.

Main News