නොමිලේ රටටම ඉන්ටනෙට් පුරාජේරුවත් ඉවරයි.. ගූගල් ලංකාවෙන් යන බව ඩිජිටල් ඇමති ඇනලොග් හඬින් කියයි..
February 17, 2017 at 10:40 am | lanka C news
අධිවේගී අන්තර්ජාල පහසුකම් රටටම නොමිලේ ලබා දෙන බව පවසමින් ආරම්බ කරන ලද ‘ගූගල් ලූන්’ ව්‍යාපෘතිය මෙරටට අහිමී වීමේ තත්වයක් උදා වී ඇති බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
මාධ්‍ය හමුවක් පවත්මින් ඇමතිවරයා පෙන්වා දුන්නේ මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය සංඛ්‍යාත විදුලි සන්දේශ නියාමන කොමිසම විසින් නිකුත් නොකිරීම මීට හේතු වී ඇති බවයි.