නොමිලේ හෙලිකොප්ටර පැද මාට්ටු වී ෆොන්සේකාට ඩබල් මල පනී.. යකා වැහී පාර්ලිමේන්තුව දෙවනත් කරයි..

October 7, 2016 at 2:10 pm | lanka C news
නොමිලේ හෙලිකොප්ටර පැද මාට්ටු වී ෆොන්සේකාට ඩබල් මල පනී.. යකා වැහී පාර්ලිමේන්තුව දෙවනත් කරයි..

ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා අතර දැඩි උණුසුම්කාරී වචන හුවමාරුවක් සිදුවීම නිසා පාර්ලිමේන්තුවේ මැතිසබය තුළ ඇතිවූයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයකි.

කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ප්‍රශ්න විමසන අවස්ථාවේදී මෙම උණුසුම්කාරී තත්ත්වය ඇතිවිය.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා ප්‍රශ්නය ඉදිරිපත් කර තිබුණේ අගමැති, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා වෙතය.

2015 වසරේ ජනවාරි 10 සිට 2016 අප්‍රේල් මස 30 දින දක්වා කාල පරිච්ඡේදය තුළ සිය රාජකාරි හෝ පෞද්ගලික ගමන් සඳහා ගුවන් හමුදාව සතු හෙලිකොප්ටර් හෝ ගුවන්යානා යොදාගත් දේශපාලනඥයන්, රජයේ නිලධාරීන් සහ වෙනත් පුද්ගලයන් වෙන් වෙන් වශයෙන් කවුරුන්ද කියා උදය ගම්මන්පිල මහතා තම ප්‍රශ්නය මඟින් ඉදිරිපත් කොට තිබිණි.

එම ගුවන් ගමන් සඳහා එක් එක් පුද්ගලයන්ගෙන් අය කළ මුදල වෙන් වෙන් වශයෙන් කවරේද? එම ගුවන් ගමන් සඳහා අය විය යුතු මුදලින් මෙතෙක් ගෙවා නොමැති මුදල් කොපමණද? එම හිඟ මුදල් අයකර ගැන්ම සඳහා ගන්නා පියවර කවරේද යන ප්‍රශ්නත් පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා විමසා තිබුණි. “මං මේ ප්‍රශ්නය අප්‍රේල් ඉඳලා අහන්නේ අදවත් උත්තර දෙනවාද?” යනුවෙන් උදය ගම්මන්පිල මහතා විමසීය.

මෙම ප්‍රශ්නයට පිළිතුරු ලබාදීම සඳහා නැඟී සිටියේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාය.

“මං ප්‍රශ්නය ඇහුවේ අගමැතිතුමාගෙන්” උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.

“මේ හෙලිකොප්ටර් ප්‍රශ්නය නේද? ඒකට උත්තර දෙන්න පැවරිලා තියෙන්නේ මට” රුවන් විජයවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා පැවැසීය.

“ඔව් ඔව් ඒ ප්‍රශ්නය තමයි අප්‍රේල්වල ඉඳලා මං අහන්නේ. රටටම ඇහෙන්න කියන්න.” ගම්මන්පිල මහතා තරමක් උස් හඬන් ප්‍රකාශ කිරීමත් සමඟම සරත් ෆොන්සේකා ඇතුළු ආණ්ඩු පක්ෂයේ කිහිපදෙනකුගෙන්ම ප්‍රතිචාර දැක්වීම නිසා සභාවේ ඇතිවූයේ ඝෝෂාකාරී තත්ත්වයකි.

මේ අවස්ථාවේදී උදය ගම්මන්පිල මහතාත් උස් හ¾ඩින් ප්‍රතිචාර දැක්වීම නිසා මැතිසබය තවත් උණුසුම්කාරී විය.

උදය ගම්මන්පිල මහතාට පිටුපස අසුනක සිටි එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විජේපාල හෙට්ටිආරච්චි මහතා නැඟිට ගම්මන්පිල මහතාට දෝෂාරෝපණය කරන්නට වීම නිසා උණුසුම තවත් වැඩිවෙන්නට විය.

“මේ ගම්මන්පිල මන්ත්‍රිතුමා මැතිසබය තුල අසභ්‍ය වචන කියලා කෑගහනවා. ඇමැතිවරුන්ට අපහාස කරනවා” විජේපාල හෙට්ටිආරච්චි මහතා පැවැසීය.

“මං කාටවත් ‍අසභ්‍ය වචන කිව්වේ නැහැ. මගේ ප්‍රශ්නයට පිළිතුරු ලබාදෙන්න.” උදය ගම්මන්පිල මහතා යළිත් ප්‍රකාශ කළේය.

මේ අවස්ථාවේදී සරත් ෆොන්සේකා අමාත්‍යවරයාද නැඟී සිටිමින් ගම්මන්පිල මහතාට දෝෂාරෝපණය කරන්නට වූ අතර ඊට උදය ගම්මන්පිල මහතාද ප්‍රතිචාර දැක්වීම නිසා මැතිසබය තුළ ඝෝෂාකාරී තත්ත්වය වැඩි විය.

මේ ඝෝෂාකාරී තත්ත්වය හමුවේ රුවන් විජයවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා විමසා සිටියේ පිළිතුරු සභාගත කලාට කමක් නැද්ද කියාය.
මේ අවස්ථාවේදී උදය ගම්මන්පිල මහතා සහ විජේපාල හෙට්ටිආරච්චි, සරත් ෆොන්සේකා යන මහත්වරුන් දැඩි ලෙස අදහස් හුවමාරු කරගත් නිසා සභාවේ ඝෝෂාකාරී තත්ත්වය දිගටම පැවතුණි.

රුවන් විජයවර්ධන අමාත්‍යවරයා පිළිතුරු සභාගත කිරීමට සූදානම් වූ නිසා කතානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේ පිළිතුරු සභාගත කරන ලෙසයි.

ඒ සමඟම න්‍යාය පත්‍රයේ මීළඟ ප්‍රශ්නය අසන ලෙස කථානායකවරයා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මහතාගේ නම ප්‍රකාශ කළේය.

නමුත් උදය ගම්මන්පිල මහතා රීති ප්‍රශ්නයක් මතු කරමින් විරෝධය දක්වමින් කියා සිටියේ තමන්ට අතුරු ප්‍රශ්න ඇසීමට තිබෙන බවයි.

“ගරු කතානායකතුමනි, මට අතුරු ප්‍රශ්න අහන්න තියෙන නිසා පිළිතුරු කියවන්න කියලා ඇමැතිතුමාට කියන්න” උදය ගම්මන්පිල මහතා පැවැසීය.

“සභාගත කරන්න ඇමැතිතුමා තීරණය කරපු වෙලාවේ මන්ත්‍රිතුමා විරුද්ධත්වය ප්‍රකාශ කළේ නැහැනේ.” කතානායක කරු ජයසූරිය මහතා උදය ගම්මන්පිල මහතාට ප්‍රකාශ කළේය.

“කතානායකතුමනි, මගේ ප්‍රශ්න ඇසීමේ අයිතිය නැතිකරන්න එපා. ආණ්ඩු පක්ෂයේ අයට එක විදියකටයි, විපක්ෂයේ අයට තව විදියකටයි සලකන්න එපා” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය

“මට එහෙම වෙනසක් නැහැ. හැමෝගේම අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්නවා. එම ප්‍රශ්නයට පිළිතුරු සභාගත කිරීම ගැන මං රුවන් විජයවර්ධන ඇමැතිතුමා එක්ක කතා කරන්නම්” යනුවෙන් කතානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේය.

එම කාරණය එමඟින් අවසන් වුවද සරත් ෆොන්සේකා අමාත්‍යවරයාගේ සහ උදය ගම්මන්පිල මහතාගේ කෝන්තරය එමඟින් අවසන් වූයේ නැත.

විපක්ෂයේ ඉදිරිපෙළ අසුනක අසුන්ගෙන සිටි ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා අසලට පැමිණ ඊට යාබද අසුනේ උදය ගම්මන්පිල මහතා අසුන් ගත්තේය.

ඒ සමඟම සරත් ෆොන්සේකා අමාත්‍යවරයා ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ අසුනක අසුන්ගෙන සිටි සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා හමුවීමට පැමිණියේය.

දෙපැත්තෙන්ම ඉදිරි පෙළ අසුනක අසුන් ගෙන සිටි නිසා සරත් ෆොන්සේකා අමාත්‍යවරයාත්, උදය ගම්මන්පිල මහතාත් තරමක් සමීපව සිටි නිසා දෙදෙනා කතා කරන දේවල් දෙදෙනාටම හොඳින් ඇසිණි.

මෙහිදී දෙදෙනාම එකවර දෝෂාරෝපණ කර ගන්නට වූහ. අත දිගු කරමින්, මාපට ඇඟිල්ල දිගු කරමින් දෙදෙනාම බැන ගන්නට වූයේ තරමක් උස් හ¾ඩිනි.

විනාඩි දෙක තුනක්ම මෙසේ සරත් ෆොන්සේකා අමාත්‍යවරයාත්, උදය ගම්මන්පිල මහතාත් බැනගන්නට වූ අතර අත දිගු කර ගනිමින් මේ බැන ගන්නා ආකාරය දෙස දිනේෂ් ගුණවර්ධන, රාජිත සේනාරත්න, ගයන්ත කරුණාතිලක යන මහත්වරුන් බලා සිටියේ පුදුමයට පත්වීමෙනි. සමහර අවස්ථාවලදී රාජිත සේනාරත්න මහතාට සිනහ යන ආකාරයක්ද දක්නට ලැබිණි.

– Mawbima

29 views

7 Comments to “නොමිලේ හෙලිකොප්ටර පැද මාට්ටු වී ෆොන්සේකාට ඩබල් මල පනී.. යකා වැහී පාර්ලිමේන්තුව දෙවනත් කරයි..”

  1. හේමන්ත says:

    බල්ලා බැඳපියව්…

  2. Roshan says:

    kalawadda

  3. kalawaddah palayan umba UNP/LTTyamapalanaya samaga eelam ratata ….tamil naduwata……lajja nathi vairaya / irshiyawa piri BALU vikarayak….. kalawaddah…..

  4. harak sengoka says:

    මාලු ටැංකි සුද්ධ කරන්න අපි ටැංකියට දානව ටැංකි සුද්ද කියල ගමේ ගොඩේ අය හඳුන්වන ජරාව ගිලින මාලුවෙක්.අගමැතිතුමා පාර්ලිමේන්තුවටත් ඒ වගේම එකෙක් ගෙනත් දැම්ම හවුල් ආණ්ඩුුවෙ ජරාව සුද්ධ කරන්න.ඌ පැන පැන ජරාව ගිලිනව.ඌ හිතනව ඇති අනුන්ගෙ පවු හෝදන එක හරි ලොකු රාජකාරියක් කියල​.අනේ ගොනෝ,,,,

  5. SATTAMBIYA, KALAWADDA..HOTHAMBUWA.. URULAWA,…KUHAKAYA

  6. ජන්තු says:

    කෙවුලා!!!

Main News