‘නොම වම්බටු-නව සුංගම්’ 2017 අය-වැය ගැන විමල්ගෙන් වචන හතරක අපූරු විග‍්‍රහයක්..

November 11, 2016 at 11:20 am | lanka C news
‘නොම වම්බටු-නව සුංගම්’ 2017 අය-වැය ගැන විමල්ගෙන් වචන හතරක අපූරු විග‍්‍රහයක්..

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මුදල් අමාත්‍යවරයාගේ අය-වැය කතාවට සවන් දීමෙන් අනතුරුව සභාගර්භයෙන් පිටතට ආවේ පිවිතුරු හෙළ උරුමයේ නායක, උදය ගම්මන්පිල, ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන, ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය සභාපති වීරකුමාර දිසානායක ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් සමගිනි.

ඒ අවස්ථාවේදී මාධ්‍යවේදී සහෘදයන් යුහුසුළුව 2017 අය-වැය පිළිබඳව මැති-ඇමතිවරුන්ගෙන් අදහස් විමසමින් සිටින අයුරු දැකගත හැකි විය. විමල් වීරවංශ මහතා සභා ගර්භයෙන් එළියට එන අයුරු දුටු මාධ්‍ය ඔහු වටකොට ගත්තේ නව අය-වැය පිළිබඳව ඔහුගේ අදහස් විමසීමටය.

“මේ අය-වැය ඉදිරිපත් කරන කොට මම හිතාගෙන හිටියේ අඩුම තරමින් ‘අට වම්බටු-නව සුංගම් අය-වැයක්’ කියලවත් කියන්න පුළුවන් වේවි කියලයි. ‘අට වම්බටු’ කියන්නේ වම්බටු ජාති 08යි. ‘නව සුංගම්’ කියන්නේ බදු වර්ග 09ක්. ‘8ක් දීලා ඒකට බදු වර්ග 9ක් ගහනවා’ කියන එකයි ඉන් කියැවෙන්නේ. දැන් මේ අය-වැය කතාව අහලා ඉවර වුණාම හිතුනා, ‘මේක නොම වම්බටු – නව සුංගම් අය-වැයක්’ කියලා. මේක ජනතාවට කිසිවක් නොදී බදු පිට බදු ගැසූ අය-වැයක් බව පෙනුණා. මේක දුර්වල අය-වැයක්. ඒ නිසා අපි කියනවා මුදල් ඇමතිවරයාට, ‘2016 වගේ මේ සැරෙත් අය-වැය කිහිපයක් ගෙන එන්න හදන්න එපා’ කියලා.” විමල් වීරවංශ මහතා එහිදී පැවසුවේ එවැනි අදහසකි.

– අනුරුද්ද බණ්ඩාර

273 views
Main News