නොර්වුඩ් නායගිය ස්ථානයට ඉහලින් මගින්ට ගමන් කිරිම සදහා කෙටි මාර්ගයක්.. ඉදිකිරීම හමුදාවෙන්..
October 19, 2018 at 2:06 am | lanka C news
හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශය නායයාම නිසා එම මාර්ගයේ ගමන් ගන්නා මගින්ට නාය ගිය ස්ථානය මග හැර තේ වත්ත හරහා ගමන් කිරිමට අඩි පාරක් සකස් කිරිමට ශ්‍රි ලංකා යුධ හමුදාව පියවර ගෙන තිබෙනවා.
ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක සහ නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ආරුමුගන් තොණ්ඩමන් මහතා අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසි මගි ජනතාවට සිදු වි ඇති අපහසුතාවය පිලිබදව කරුණ දැක්විමෙන් අනතුරුව එම අඩිපාරක් ඉදි කිරිම සදහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර එම පාර ඉදි කිරිම සදහා ශ්‍රි ලංකා යුධ හමුදාවේද සහයෝගය ලබා දි තිබේ.
එම කෙටි මාර්ග ඉදි කිරිම සම්බන්ධයෙන් සොයා බැලිමට ආරුමුගන් තොණ්ඩමන් මහතා යුධ හමුදා නිලධාරින්, නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිනේරුවරයා අඹගමුව ප්‍රාදේශිය ලේකම්වරයා සහ වතු පාලන අධිකාරය එම කෙටි අඩි පාර ඉදි කිරිමට සැලසුම් කර ඇති ස්ථානයට ගොස් නිරික්ෂණයක්ද (18) සිදු කලා.
එම මාර්ගයේ ඉදි කිරිමේ කටයුතු අද (19) ආරම්භ කන බවයි එම සාකච්ඡාවට සහභාගි වු යුධ හමුචා නිලධාරින් කියා සිටියේ.
දැනම එම මාර්ගයේ ගමන් ගන්නා මගින් වතු මාර්ග ඔස්සේ විශාල දුරක් පයින් ගමන් කර තම ගමනාන්තය කරා යාමට සිදු විම හේතුවෙන් මෙම කෙටි මාර්ගය ඉදිකිරිමට පියවර ගෙන තිබේ.
– හැටන් රංජිත් රාජපක්ෂ